පසුගිය සතිය තුළ දී තවත් ලැයිස්තුගත සමාගම් කිහිපයක් සිය ලාභාංශ ප්‍රකාශයට පත්කරන ලදී. මෙහිදී ඕවර්සීස් රියලිටි කොටසකට රු. 1.50 බැගින් වන පරිදි පළමු හා අවසාන ලාභාංශය ද, යුනයිටඩ් මෝටර්ස් කොටසකට රු. 4.00 බැගින් වන පරිදි දෙවන අතුරු ලාභාංශය ද, නුවර එලිය හෝටල් සමාගම කොටසකට රු. 30.00 බැගින් වන පරිදි අතුරු ලාභාංශයක් ද, එයිට්කන් ස්පෙන්ස් වැවිලි…
ගම්පහ දිස්ත්‍රික්කයේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා ව්‍යාපාරයේ මූල්‍ය වාර්තා අධ්‍යයනය කිරීම මගින් ව්‍යාපාරයේ වර්තමාන හා අනාගත තත්වයන් පිළිබඳව දැනගැනීම හා තීරණ ගැනීමේ ක්‍රමවේදය පිළිබඳ එක් දින වැඩමුළුවක් 2016 මාර්තු මස 17 වැනි බ්‍රහස්පතින්දා ගම්පහදී පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත. කර්මාන්ත හා වාණිජ්‍ය කටයුතු අමාත්‍යාංශයට අනුබද්ධ ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලීය ගම්පහ දිස්ත්‍රික් කාර්යාලය එක්ව…
ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කිරීමට සූදානම් වන දේපළ ව්‍යාපෘතියක් වෙනුවෙන් සිංගපූරුවේ Keppel Land සමාගම මුලපුරා තිබේ. මේ අනුව Keppel Land හි පූර්ණ අනුබද්ධ සමාගමක් වන Edmonton Pte Ltd හා ශ්‍රී ලංකාවේ සිලෝන් තියටර්ස් සමූහය අතර ඇමරිකානු ඩොලර් මිලියන 5.5 ක ගිවිසුමකට ගැනුම් හා විකුණුම් ගිවිසුමකට එළඹ තිබේ. මෙම ගිවිසුමට අනුව අදාළ ව්‍යවසායෙහි 60% ක හිමිකාරීත්වය Keppel…
අද (26) දින දෛනික ගනුදෙනු අවසානයේ දී කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය ඒකක 1.34 කින් ඉහළ යන ලදී. දිනය අවසානයේ දී එහි අගය වාර්තා වූයේ ඒකක 6,203.98 ක් ලෙසිනි. මේ අතර S&P SL20 දර්ශකය ඒකක 3,247.69 ක් ලෙසින් වාර්තා වූ අතර එය පෙර දිනයට සාපේක්ෂව ඒකක 4.64 කින් ගොස් තිබේ. කෙසේ වෙතත් 2016…
ශ්‍රී ලංකා වානිජ හා කර්මාන්ත මණ්ඩල සම්මේලනය හා සාර්ක් කලාපීය වානිජ මණ්ඩලය ඒකාබද්ධව ක්‍රියාත්මක කරනු ලබන ඒකාබද්ධ නිර්බාධා වෙළද ප්‍රවර්ධන වැඩසටහන යටතේ පැවැත්වෙන දෙවන වැඩමුළුව මෙම මස 29 වන දින සහ මාර්තු මස පළමු වන දින කොළඹ 3, හොටෙල් රේණුකා හිදී පැවැත්වීමට කටයුතු යොදා ඇත. කලාපීය රටවල් ද්වී පාර්ශවීය වෙළද කටයුතු තුළදී ඇති වන බාධක…
දැනට පවතින මට්ටම් හි පොළී අනුපාතික ස්ථාවරව පවත්වා ගෙන යාමට මහ බැංකුව කටයුතු කරන බව මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා කියා සිටී. පසුගිය සතියේ දී ප්‍රකාශයට පත් කරන ලද නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය හා නිතණ ණය පහසුකම් අනුපාතිකය පදනම් අංක 50 බැගින් ඉහළ දැමීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය තීරණය කර තිබිණි. මෙහිදී…
ඊයේ දිනයේ දී තමා පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව (COPE) වෙත කැඳවීම, සාමාන්‍ය ආකාරයෙන් රාජ්‍ය ආයතන පිළිබඳ විමසීම සම්බන්ධයෙන් කළ කැඳවීමක් පමණක් බව මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා ඊයේ (25) පැවති මාධ්‍ය හමුවක දී කියා සිටියේය. මෙහිදී පසුගිය වසර කිහිපයකට අදාළ මහ බැංකු ගිණුම් පිළිබඳ විගණකාධිපති වාර්තා පිළිබඳ සාකච්ඡා කළ බවත් පසුගිය…
ශ්‍රී ලංකාව තවදුරටත් දුප්පත් රටක් නොවන බවත් මේ හේතුව මත මෙතෙක් ශ්‍රී ලංකාව වෙත ලැබුණු දිළිඳු බව තුරන් කිරීමේ වැනි ණය ආධාර සඳහා සුදුසුකම් ලැබීමට ශ්‍රී ලංකාවට හැකියාවක් නොමැති බවත් ශ්‍රී ලංකා මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා පැවසීය. ඒ මහතා මේ බව පැවසුවේ රටේ වත්මන් ආර්ථිකක තත්ත්වය පිළිබඳ පැහැදිලි කිරීම සඳහා ඊයේ (25) සන්ධ්‍යාවේ…
2015 දෙසැම්බර් 31 වනදායින් අවසන් වන මාස 12 ක කාලය තුළදී කොමර්ෂල් බැංකුව රුපියල් බිලියන 17.144 ක බදු වලට පෙර ලාභයක් වාර්තා කර ඇති අතර මෙම කාලයේදී බැංකුව ශ්‍රී ලංකාව තුළ මෙන්ම බංග්ලාදේශය තුළද සිය තත්ත්වය ශක්තිමත් කර ගැනීමටත් ශ්‍රී ලංකාවේ පළමු පුද්ගලික ජාත්‍යන්තර බැංකුව බවට පත් වීමට කටයුතු කර ඇත. ශ්‍රී ලංකාවේ විශාලතම පුද්ගලික…
යුරෝපා සංගමයේ නියෝජිත පිරිසක් සහ ජාතික ප්‍රතිපත්ති සහා ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා අතර විශේෂ සාකච්ඡාවක් පසුගියදා එම අමාත්‍යාංශයේදී පැවැත්විය. යුරෝපීය සංගමයේ නියෝජිත පිරිස සහ ශ්‍රී ලංකාවේ ක්‍රියාකාරී කණ්ඩායම සමඟ සහයෝගීතාවයෙන් කටයුතු කිරීම පිළිබඳව සාකච්ඡා කිරීම මෙහි ප්‍රධාන අරමුණ විය. යුරෝපීය සංගමයේ ආධාර යටතේ දැනට ශ්‍රී ලංකාවේ කෙරෙමින් පවතින සංවර්ධන වැඩසටහන් පිලිබඳ යුරෝපීය…
Video Story