Top News

අමු මිරිස්, දෙහි හා පොල්වලට උද්ධමනය අවනත වෙයි

ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තුමේන්තුව විසින් නිකුත් කරන ලද නවතම දත්ත වාර්තා අනුව 2016 ජනවාරි මාසයේ දී ජාතික පාරිභෝගික මිල දර්ශකයේ විචලනය මගින් මනිනු ලබන උද්ධමනය, ලක්ෂ්‍යමය පදනම මත 2015 දෙසැම්බර් මාසයේ දී වාර්තා කළ 4.2% සිට -0.7% දක්වා පහළ ගොස් තිබේ. 2015 අනුරූප කාලපරිච්ඡේදයේ දී පැවති ඉහළ පදනම මීට ප්‍රධාන වශයෙන් හේතු වී තිබේ. මේ…

(0)Comments | February 24, 2016 4:48 am

ශ්‍රී ලංකාවේ විශාලතම ඇඟලුම් යන්ත්‍රෝපකරණ ප්‍රදර්ශනය වන AISEX 2016 සමඟින් JAAF සහ SLAI එක්වේ

ඇඟලුම් කර්මාන්ත සැපයුම්කරුවන්ගෙන් ප්‍රදර්ශනය (Apparel Industry Suppliers Exhibition – AISEX), ක්ෂේත්‍රයේ සියළුම සැපයුම් සහ සේවා ආයතන එකම වහලක් යටට ගෙන එන දැවැන්ත ප්‍රදර්ශනයකි. ඇඟලුම් යන්ත්‍ර, අමතර කොටස්, අනෙකුත් උපකරණ සහ විශාල පරාසයක සේවා ප්‍රමාණයක් මෙම ප්‍රදර්ශනයේදී දැක ගත හැක. 2016 ජූනි මස 10 දින සිට 12 දින දක්වා කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක අනුස්මරණ ප්‍රදර්ශන ශාලාවේදී පැවැත්වීමට…

(0)Comments | February 24, 2016 4:08 am

ලංකාවට දෙන ADB ආධාර ඩොලර් මිලියන 700 දක්වා ඉහළට

ආදායම වර්ධනය කර ගැනීම හා අයවැය පරතරය අඩු කර ගැනීම කෙරෙහි රජයේ අවධානය යොමු විය යුතු බව දෙදින නිල සංචාරයක් සඳහා මෙරට පැමිණී ආසියානු සංවර්ධන බැංකුවේ සභාපති ටකෙහිකො නකොආ මහතා පැවසීය. ඒ මහතා මේ බව සඳහන් කළේ අද (23) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි. ශ්‍රී ලංකාව ආදායම් ඉහළ නංවා ගැනීම කෙරෙහි දැඩි ලෙස අවධානය යොමු කළ…

(0)Comments | February 23, 2016 11:42 am

සත්ත්ව ශුභ සාධන පනත් කෙටුම්පතට කැබිනට් අනුමැතිය

මෙරට සත්ත්ව ශුභ සාධනයට අවශ්‍ය පළමු යෝධ පියවර තැබූ බව ඔටාරා පදනම පවසයි මෙරට සතුන්ගේ අයිතිවාසිකම් සුරැකීමේ නිවැරදි දිශාව වෙත රජය ගමන් කරමින් සත්ත්ව ශුභ සාධන පනත කැබිනට් මණ්ඩලය විසින් අනුමත කිරීම ඔටාරා පදනම සතුටින් පිළිගන්නා බවත් මෙම කෙටුම්පත නීතියක් බවට පත්වන තුරු දැඩි අවධානයකින් සිටිමින් එයට අවශ්‍ය මැදිහත්වීම කරන බවත් අවධාරණය කර තිබේ. සත්ත්ව…

(0)Comments | February 23, 2016 11:41 am

බැංකු සමාගම් ලාභය බෙදන්නේ මෙහෙමයි

කොළඹ කොටස් වෙළෙඳපොළ ලැයිස්තුගත බැංකු සමාගම් කිහිපයක් විසින් පසුගිය සතිය තුළ දී සිය ලාභාංශ ප්‍රකාශයට පත්කරන ලදී. මෙහිදී හැටන් නැෂනල් බැංකුව (HNB) කොටසකට රු. 3.50 ක් බැගින් වන පරිදි 2015 මූල්‍ය වර්ෂය සඳහා වූ අවසාන මුදල් ලාභාංශය ප්‍රකාශයට පත් කර ඇත. ඊට අමතරව ඡන්ද බලය හිමි කොටස් 61.68කට හා ඡන්ද බලය රහිත කොටස් 57.46 කට…

(0)Comments | February 23, 2016 7:40 am

බදු සම්මන්ත්‍රණය අනිද්දා

ශ්‍රී ලංකා ජාතික වාණිජ මණ්ඩලය හා දේශීය ආදායම් දෙපාර්තුමේන්තුව එක්ව පවත්වනු ලබන ආදායම් පරිපාලන කළමනාකරණ තොරතුරු පද්ධති හි ප්‍රතිලාභ පිළිබඳ දැනුවත් කිරීමේ සම්මන්ත්‍රණයක් පෙබරවාරි 25 වන දින වාණිජ මණ්ඩල ශ්‍රවණාගාරයේ දී පැවැත්වේ. දේශීය ආදායම් දෙපාර්තුමේන්තුවේ කොමසාරිස් ජනරාල් කළ්‍යාණි දහනායක මහත්මිය විසින් මෙහිදී ප්‍රධාන දේශනය පැවැත්වීමට නියමිතය.

(0)Comments | February 23, 2016 5:34 am

මියන්මාර ප්‍රතිඅපනයනවලට කොළඹ වරායෙන් 10% ක වට්ටමක්

කොළඹ වරාය කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක වන මියන්මාරයේ ප්‍රතිඅපනයන බහලුම් මෙහෙයුම් වෙනුවෙන් අදාළ නැව්සේවා සමාගම් සඳහා 10% ක වට්ටමක් ලබා දීමට වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගේ අනුමැතිය හිමි වී තිබේ. ශ්‍රී ලංකා වරාය අධිකාරිය කළ ඉල්ලීමකට අනුව මෙම පියවර ගෙන ඇත. ප්‍රතිඅපනයන බහලුම් මෙහෙයුම් විශාල වශයෙන් සිදුකරන රටක් වශයෙන් මියන්මාරය ප්‍රචලිත වී තිබේ. එම…

(0)Comments | February 23, 2016 4:05 am

අද ඉල්ලුම් කරන මානව සම්පත බොහෝ වෙනස් – ආචාර්ය සුනිල් ජයන්ත නවරත්න කියයි VIDEO

21 වන සියවසට ගැළපෙන මානව ප්‍රාග්ධනය ගොඩනැගීම සම්බන්ධයෙන් අදහස් දැක්වීම සඳහා ආචාර්ය සුනිල් ජයන්ත නවරත්න මහතා අද දෙරණ Biz 24×7 සමඟ එක් විය. මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේ 20 වන සියවසට වඩා වර්තමානයට අවශ්‍ය කරන මානව සම්පත බොහෝ සෙයින් වෙනස් වී ඇති බවයි. පහත දැක්වෙන්නේ ඒ මහතා සමඟ කළ සම්පූර්ණ සම්මුඛ සාකච්ඡාවයි.

(0)Comments | February 23, 2016 3:37 am

දුම්කොළ සමාගම ආණ්ඩුවට බිලියන 91.6 ක් බදු ගෙවයි

ලංකා දුම්කොළ සමාගම 2015 මූල්‍ය වර්ෂය තුළ දී රුපියල් බිලියන 91.6 ක බදු මුදලක් රජය වෙත ගෙවා ඇති බව ප්‍රකාශ කර සිටී. සමාගම මේ බව අනාවරණය කරනුයේ 2015 වර්ෂය සඳහා වන මූල්‍ය වාර්තා එළිදක්වමිනි. මෙහිදී වැඩිදුරටත් සමාගම ප්‍රකාශ කර සිටින්නේ මෙම බදු මුදල තුළ සමාගම විසින් 2015 දෙසැම්බර් කාර්තුවේ දී ගෙවන ලද රුපියල් බිලියන 3.8…

(0)Comments | February 22, 2016 8:29 am

දෙසැම්බරයේ ලංකා IOC ආදායම අඩුවෙද්දී ලාභ වැඩි වෙලා

2015 දෙසැම්බර් 31 න් අවසන් කාර්තුව සඳහා වන මූල්‍ය ප්‍රතිඵල නිකුත් කිරීමට ලංකා IOC සමාගම කටයුතු කර තිබේ. ඒ අනුව අදාළ කාර්තුව තුළ දී සමාගමේ ආදායම රුපියල් බිලියන 18 ක් වශයෙන් වාර්තා වන අතර එය 2014 දෙසැම්බර් 31 න් අවසන් කාර්තුවේ ආදායම වූ රුපියල් බිලියන 20 හා සැසඳීමේ දී 10% ක පහළ යාමකි. කෙසේ වෙතත්…

(0)Comments | February 22, 2016 7:50 am