Top News

ගෝල්ඩන් කී පුවතින් පසු සෙලින්කෝ ඉන්ෂුවරන්ස් කුට්ටියක් විකිණේ

බංකොලොත්වූ ගෝල්ඩන් කී ක්‍රෙඩිට් කාඩ් සමාගමේ තැන්පතුකරුවන්ගේ මුදල් මහ බැංකුව විසින් ආපසු ගෙවන බව ඊයේ මුදල් අමාත්‍යවරයා ප්‍රකාශ කිරීමෙන් පසුව අද සෙලින්කෝ රක්ෂණ සමාගමේ කොටස් මිලියන 2.1 ක් කොළඹ කොටස් වෙළඳ පොළ හරහා අලෙවි වී තිබේ. මෙහිදී, කොටසක් රුපියල් 1602 කට අලෙවි වී තිබෙන අතර මෙහි අලෙවි වටිනාකම රුපියල් බිලියන 3.5 කට අධික වේ. SMB…

(0)Comments | May 14, 2015 10:07 am

මෙරට මුස්ලිම් බැංකු හා මූල්‍ය වත්කම් ඩොලර් මිලියන 373 ක් දක්වා ඉහළට

ශ්‍රී ලංකාවේ ඉස්ලාමීය බැංකු සහ මූල්‍ය (IBF) කර්මාන්තය කුඩා වුවත් එහි වත්කම්වල වටිනාකම 2014 වසර අවසන් වනවිට රුපියල් බිලියන 50 ක් දක්වා වර්ධනය වී ඇතැයි අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා කොළඹ පැවති උත්සවයකදී සඳහන් කළේය. ශ්‍රී ලංකාවේ ඉස්ලාමීය බැංකු සහ මූල්‍ය (IBF) කර්මාන්ත සම්මාන ප්‍රදාන උත්සවය අමතමින් අමාත්‍යවරයා පැවසුවේ 2013 වසරේදී රුපියල් බිලියන 35 ක්ව පැවති…

(0)Comments | May 14, 2015 6:01 am

ගෝල්ඩන් කී මුදල් මහ බැංකුව ගෙවන බවට මුදල් ඇමතිගෙන් සහතිකයක්. නඩු ඉල්ලා අස්කර ගනී

මහ බැංකුව විසින් නියාමනය නොකළ ලලිත් කොතලාවල මහතාට අයත්ව තිබූ බංකොලොත් වූ ගෝල්ඩන් කී ක්‍රෙඩිට් කාඩ් සමාගමේ තැන්පතු කරුවන්ට මුදල් ආපසු ගෙවීමේ කාර්ය ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ඉදිරියේදී භාරගනු ඇතැයි මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා කියයි. ගෝල්ඩන් කී ක්‍රෙඩිට් කාඩ් සමාගමේ තැන්පතුකරුවන් පිරිසක් අද මුදල් අමාත්‍යංශයට පැමිණි අවස්ථාවේදී ඔවුන් සමග සාකච්ඡා කිරීමෙන් පසුව අමාත්‍යවරයා…

(0)Comments | May 13, 2015 10:57 am

මෝදි කැමති සමන්ත අකමැති CEPA ගිවිසුම ගැන නැරඹිය යුතුම කතා බහක් -Video Interview

ඉන්දියාව සමග අත්සන් කිරීමට සැලසුම් කර තිබෙන විස්තීර්ණ ආර්ථික සහයෝගීතා ගිවිසුම හෙවත් “සෙපා“ ගිවිසුමට (Comprehensive Economic Partnership Agreement) මේ වනවිට ව්‍යාපාරික ප්‍රජාවගෙන් දැඩි විරෝධයක් එල්ල වෙමින් තිබේ. මීට පෙරද අත්සන් කිරීමට සැලසුම් කර තිබුණු මෙම ගිවිසුම මෙවැනිම විරෝධතාවයන් හේතුවෙන් අත්හැර දමන්නට සිදුවූ අතර පසුගියදා ලංකාවට පැමිණි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා මෙම ගිවිසුම අත්සන් කිරීම…

(0)Comments | May 13, 2015 6:41 am

බැඳුම්කර නිකුතුවේ තවත් පිටුවක් පෙරළේ. මහේන්ද්‍රන්ට එරෙහි චන්ද්‍රා ජයරත්නගේ පෙත්සම අහක

බැඳුම්කර නිකුතුවේදී අක්‍රමිකතාවයක් සිදුව ඇති බව පවසමින් වෘත්තිකයින් තිදෙනෙකු විසින් මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතාට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර තිබූ මූලික අයිතිවාසකම් පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කර තිබේ. අගවිනිසුරු කේ. ශ්‍රී පවන් ප්‍රමුඛ ත්‍රි පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල මෙම පෙත්සම විභාගයට නොගෙන අද ප්‍රතික්ෂේප කළේය. මුදල් මණ්ඩලය වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරුන් සඳහන්…

(0)Comments | May 13, 2015 5:58 am

ලකිත්, හේමාස් හොස්පිට්ල්ස් මුල් පුටුවට

වසර හතක් පමණ ලංකා හොස්පිට්ල්ස් හි, ප්‍රධාන විධායක නිළධාරීවරයා ලෙස කටයුතු කළ පසුගියදා හේමාස් හෝස්පිට්ල්ස් සමාගම සමග එක්වූ ආචාර්ය ලකිත් පීරිස් මහතා 2015 අප්‍රේල් 01 වනදා සිට බලපැවැත්වෙන පරිදි හේමාස් හොස්පිට්ල්ස් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂවරයා ලෙස පත්කර තිබේ. මේ අනුව, හේමාස් හොස්පිට්ල්ස් සමාගමට අයත් වත්තල, ගාල්ල සහ තලවතුගොඩ රෝහල් මෙන්ම දිවයින පුරා පිහිටි රසායනාගාර 32 ඔහුගේ…

(0)Comments | May 13, 2015 5:15 am

මුදල් මණ්ඩලයට අළුත් පත් කිරීමක්

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයට 2015 අප්‍රේල් 10 වනදා සිට බලපැවැත්වෙන පරිදි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ආර්.ඒ. ජයතිස්ස මහතා පත්කර තිබේ. ජයතිස්ස මහතා මහජන බැංකුව, ශ්‍රී ලංකා වරාය අධිකාරිය, ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව, ජාතික සංවර්ධන බැංකුව යන ආයතනවල අධ්‍යක්ෂ මණ්ඩල සමාජිකයෙකු ලෙස කටයුතු කර තිබෙන අතර ජාතික ආර්ථික කවුන්සලයේද සාමාජිකයෙකු ලෙස කටයුතු කර…

(0)Comments | May 12, 2015 8:03 am

ටාටා හවුසිං කොම්පඤ්ඤවීදියේ ප්‍රශ්නය ගොඩදා ගනී. දෙවන හා තෙවන අදියරටත් කැමැත්ත පළ කරයි

ඉන්දියානු ටාටා හවුසිං සමාගම සමග තිබෙන ගැටළු සාකච්ඡා මාර්ගයෙන් විසඳාගත් බවත් සමාගම විසින් කොම්පඤ්ඤවීදියේ සිදුකරන නිවාස ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු ඉදිරියටත් සිදුකරනු ඇති බවත් මුදල් අමාත්‍යවරයා කියයි. මුදල් අමාත්‍ය රවී කරුණානායක පැවසුවේ සමාගමේ නියෝජිතයින් පැමිණ තමා සමග සාකච්ඡා කළ බවත් මෙහිදී වැඩිපුර ප්‍රාග්ධනය මෙරටට රැගෙන ඒමට සමාගම එකඟ වූ බවයි. මීට අමතරව, සමාගම විසින් මෙම නිවාස…

(0)Comments | May 12, 2015 4:37 am

ලී ක්වාන් යූ රජයටත් උපදෙස් දුන් අපේ උපදේශක ඉංජිනේරුවරයා කියන කතාව මෙන්න -Video Interview

සෑම් සමරසිංහ මහතා උපදේශක ඉංජිනේරුවරයෙකි. සිංගප්පූරුවේ අසාහය නායක ලී ක්වාන් යූ එරට ගොඩනගන විට සමරසිංහ මහතා එම යටිතල පහසුකම් සංවර්ධනයට උපදෙස් ලබාදී ඇත. ඔහු මැලේසියාවේ යටිතල පහසුකම් ගොඩනැගීම සඳහාද සම්බන්ධවී තිබෙන විද්වතෙකි. ඔහු සමග අප සිදුකළ සම්මුඛ සාකච්ඡාවයි මේ.

(0)Comments | May 11, 2015 8:29 am

හිටපු ජනාධිපතිවරයාගෙන් බිලියන 02 ක් ඉල්ලා ඇමති රවී නඩු පැවරීමට යයි

තමාට අපහාස වන අයුරින් ලංකා පුත්‍ර සංවර්ධන බැංකුව පිළිබඳව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කර ඇති ප්‍රකාශයකට එරෙහිව රුපියල් මිලියන 2000 ක වන්දියක් ඉල්ලා අපහාස නඩුවක් පවරන බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා කියයි. අද පෙරවරුවේ කොළඹදී මාධ්‍ය අමතමින් අමාත්‍යවරයා පැවසුවේ මෙම නඩුව පැවරීම සඳහා තම නිතිඥයින්ට උපදෙස් ලබාදී තිබෙන බවයි. මෙම මාධ්‍ය හමුවේදී අදහස්…

(0)Comments | May 11, 2015 8:14 am