මෛත්‍රීපාල සිරිසේන මහතා පැහැදිලි ජනවරමකින් නව විධායක ජනාධිපතිවරයා ලෙස පත්වීමත් සමග ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා ලෙස කටයුතු කළ අජිත් නිවාඩ් කබ්රාල් මහතා එම ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ. මීට අමතරව, සුරැකුම් පත් හා විනිමය කොමිසමේ සභාපති ධූරය දැරූ ආචාර්ය නාලක ගොඩහේවා මහතාද එම තනතුරෙන් ඉල්ලා අස්වීමේ ලිපිය භාරදී ඇත. නව ජනාධිපතිවරයාට මෙම තනතුරු වලට අළුතින්…
ලංකා ඉන්දීය තෙල් සමාගමේ සභාපතිවරයා ලෙස කටයුතු කළ Makrand Nene මහතා 2014 දෙසැම්බර් 31 වනදා සිට බලපැවැත්වෙන පරිදි එම තනතුරෙන් විශ්‍රාම ගොස් තිබේ. ඔහු ලංකා ඉන්දීය තෙල් සමාගමේ මව් සමාගම වන ඉන්දීය තෙල් සමාගමේ අලෙවි අංශයේ විධායක අධ්‍යක්ෂවරයා ලෙසද කටයුතු කළ අතර එම තනතුරෙන්ද ඉවත්වී ඇතැයි සඳහන්ය.
ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන අධිකාරිය විසින් නිකුත් කර තිබෙන නවතම දත්ත වලට අනුව 2014 වසරේදී මෙරටට පැමිණි සංචාරකයින්ගෙන් වැඩිම වර්ධනය පෙන්වා තිබෙන්නේ චීන සංචාරකයින් වීම කැපී පෙනේ. මේ අනුව, 2014 වසරේදී ලංකාවට පැමිණි සංචාරකයින් මිලියන 1.5 ක් පමණ වන ප්‍රමාණයෙන් චීන සංචාරකයින් 128,166 ක් සිටින අතර එය 2013 වසර සමග සැසඳීමේදී සියයට 136.1 ක දැවැන්ත…
අධිවේගී මාර්ග ගොඩනැගීම සඳහා වර්තමානයේ රජය වැයකර තිබෙන්නේ සාධාරණ පිරිවැයක් බව මහා මාර්ග, වරාය සහ නාවික අමාත්‍යංශයේ ලේකම් ආර්. ඩබ්ලිව් ආර්. පේමසිරි මහතා කියයි. කොළඹ සිනමන් ලේක්සයිඩ් හෝටලයේ පැවති සමුළුවක් අමතමින් ඔහු මේ බව පැවසූ අතර එය සංවිධානය කර තිබුණේ ශ්‍රී ලංකා ඉංජිනේරු වෘත්තිකයින්ගේ සංගමයයි. (Sri Lanka Engineering Professionals Association) දකුණු අධිවේගී මාර්ගය මංතීරූ හතරක්…
ණයකර නිකුතුවක් මගින් රුපියල් බිලියන 2.5 ක මුදලක් රැස්කර ගැනීමට ප්‍රාදේශීය සංවර්ධන බැංකුව සූදානම් වේ. මෙහිදී, එකක් රුපියල් 100 ක් වන ණයකර මිලියන 25 ක් නිකුත් කරන අතර නිකුතුව ලයිස්තුගත කිරීමට කොළඹ කොටස් වෙළඳ පොළ විසින් අවසර ලබාදී තිබේ. නිකුතුව විවෘත වන්නේ ජනවාරි 16 වනදායි.
ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ යානා වලින් සුපිරි මෝටර් රථ කිහිපයක් රට පටවා ඇතැයි සමාජ ජාල වෙබ් අඩවි වලින් ප්‍රචාරය වන පුවත පිළිබඳව සමාගම පැහැදිලි කිරීමක් කර තිබේ. මේ අනුව, ශ්‍රී ලංකන් පවසා තිබෙන්නේ පසුගිය වසරවල ශ්‍රී ලංකන් දෛනික ගුවන් භාණ්ඩ සේවාව යටතේ මෙවැනි ඉතා වටිනා ගුවන් භාණ්ඩ රැගෙන යාම කළත් 2014 ජූලි මාසයේ සිට ගුවන්…
ශ්‍රීලංකන් ගුවන් සමාගම ජාතික ගුවන් සේවාව වශයෙන් එහි උසස් ප්‍රමිතීන් පවත්වා ගෙන යාමේ ඉලක්කය සපුරා ගැනීම වෙනුවෙන් 2015 සිට 2016 සඳහා ජාත්‍යන්තර ගුවන් ප්‍රවාහන සංගමයේ (IATA) මෙහෙයුම් නිරුපද්‍රතා විගණනය (IOSA) සහ ජාත්‍යන්තර ගුවන් ප්‍රවාහන සංගමයේ භූමි මෙහෙයුම් නිරුපද්‍රතා විගණනය(ISAGO)වෙනුවෙන් ලියාපදිංචිය අලුත්කරඇත. ජාත්‍යන්තර ගුවන් ප්‍රවාහන සංගමයේ ප්‍රමිතීන් වලට අනුකූලව ගුවන් සේවා නිරුපද්‍රතාව සහ ගුණාත්මක බව පවත්වා…
විදේශගත වීමේදී අතේ රැගෙන යා හැකි මුදල් නෝට්ටුවල වටිනාකම ඩොලර් 5000 ක සිට ඩොලර් 10,000 ක් දක්වා වැඩි කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර තිබේ. මහ බැංකුව පවසන්නේ මෙම නව ලිහිල් කිරීම 2014 දෙසැම්බර් 31 වනදා සිට ක්‍රියාත්මක වන බවයි. මේ අනුව, ඩොලර් 10,000 ක් කාසි හා නෝට්ටු වලින් රැගෙන යා හැකි අතර එයට…
පාම් ගාර්ඩ්න් හොටෙල්ස් පී.එල්.සී. සමාගම, ඊඩ්න් හොටෙල් ලංකා පී.එල්.සී. සමාගම සහ බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් සමාගම ඒකාබද්ධව මාලදිවයිනේ ප්‍රමුඛතම හෝටල් සමාගමක් ඩොලර් මිලියන 1.5 කට මිලදී ගනී. මේ අනුව, අනාවරණය වන්නේ මෙම සමාගම් තුන විසින් මාලදිවයිනේ ක්‍රියාත්මක Bodufaru Beach Resort (Private) Limited නැමති සමාගම මිලදීගත් බවත් මෙම සමාගම් තුන විසින් මෙහිදී සමාන හිමිකමක් ගත් බවයි. පාම් ගාර්ඩ්න්…
ගාලු මුවදොර ආසන්නයේ මුහුද ගොඩකරමින් හෙක්ටයාර් 233 ක පමණ භූමියක ඉදිකරන වරාය නගරයේ සහ කොළඹ වරාය පුළුල් කිරීමේ ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු නැරඹීමේ අවස්ථාව ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් මහජනතාවට ලබාදී තිබේ. මේ අනුව, 2015 ජනවාරි 03 වනදා සහ 04 වනදා පෙරවරු 8.00 සිට පස්වරු 6.00 දක්වා මහජනතාවට මෙම අවස්ථාව ලබාදී තිබෙන බව වරාය අධිකාරිය සඳහන්…