Top News

විදුලි බිලේ සහනය ව්‍යාපාර වලටත් දෙයි

විදුලි බිල අඩු කිරීමේ සහනය ව්‍යාපාර වලටත් ලබාදීමට 2015 අයවැය මගින් යෝජනා කර තිබේ. මේ අනුව, ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසුවේ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරවල විදුලි බිලෙන් සියයට 25 ක් හා මහා පරිමාණ ව්‍යාපාරවල විදුලි බිලෙන් සියයට 15 ක් 2014 නොවැම්බර් මාසයේ සිට අඩුකරන බවයි. භාවිතා ඒකක ප්‍රමාණය කුමක් වුවත් සියළුම ගෘහස්ත පාරිභෝගිකයින්ගේ විදුලි…

(0)Comments | October 24, 2014 10:45 am

ළදරු කිරි පිටිවල සියළු බදු ඉවතට. විදේශීය ශ්‍රමිකයින්ට වාහන බලපත්‍රයක්

ළදරු කිරිපිටිවල සියළුම බදු ඉවත් කිරීමට 2015 අයවැය මගින් යෝජනා කර තිබෙන අතර ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සුපිරි වෙළඳ සැල් වලින්ද ඉල්ලා සිටියේ අදාළ බදු සංශෝධනයට සමගාමීව ළදරු කිරිපිටිවල මිල අඩුකරන ලෙසයි. මීට අමතරව, විදේශගත ශ්‍රමිකයින් වෙනුවෙන්ද වාහන බලපත්‍ර ක්‍රමයක් මෙවර අයවැය මගින් හඳුන්වා දී ඇත. මේ අනුව, විදේශගත ශ්‍රමිකයින් මෙරටට රැගෙන එන විදේශ විනිමයෙන්…

(0)Comments | October 24, 2014 10:22 am

මහපොළ රුපියල් 4000 ක් දක්වා ඉහළට

අඩු ආදායම් ලාභී සරසවි සිසුන් වෙනුවෙන් ක්‍රියාත්මක මහපොළ ශිෂ්‍යත්ව වැඩසටහනේ මාසික ශිෂ්‍යාධාරය ලබන ජනවාරි මාසයේ සිට රුපියල් 4000 ක් දක්වා වැඩි කිරීමට 2015 ඇයවැය මගින් යෝජනා කර ඇත. මේ වනවිට, ලැබෙන මාසික ශිෂ්‍යාධාරය රුපියල් 2500 කි. මේ අතර, ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසුවේ විශ්ව විද්‍යාලවල අනධ්‍යන කාර්ය මණ්ඩල වලට ලබාදෙන දීමනාද වැඩිකරන බවයි.

(0)Comments | October 24, 2014 10:14 am

සෑම පුද්ගලයෙකුම වෛද්‍ය පරීක්ෂණයකට ලක් කිරීමේ යෝජනාවක්

මෙරට සෑම පුද්ගලයෙකුම වෛද්‍ය පරීක්ෂණයකට ලක් කිරීමට 2015 අයවැය මගින් රුපියල් මිලියන 500 ක් වෙන්කර තිබේ. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසුවේ ලබන වසරේ සිට මෙය ක්‍රියාත්මක වන බවත් මේ සඳහා සෑම ග්‍රාම නිළධාරී කොට්ඨාසයක්ම ආවරණය වන පරිදි ජංගම සායන පැවැත්වීමට ආගමික ස්ථානවල සහාය ලබාදෙන ලෙසයි. මීට අමතරව, රෝගීන් රෝහල් වෙත ගෙන යාමට ජංගම ගිලන් රථ…

(0)Comments | October 24, 2014 10:05 am

ඇඟලුම් කර්මාන්තයට විශ්‍රාම වැටුප් ක්‍රමයක්

මෙරට ප්‍රමුඛතම කර්මාන්තයක් වන ඇඟලුම් කර්මාන්තයේ නියුතු වූවන් වෙනුවෙන් 2015 අයවැය මගින් විශ්‍රාම වැටුප් ක්‍රමයක් යෝජනා කර තිබේ. මේ බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා 2015 අයවැය මගින් අනාවරණය කළේය. කෙසේවෛතත්, ඇඟලුම් අපනයනය කිරීමේ ප්‍රමුඛතම රටක් වන ශ්‍රී ලංකාවේ වෙළඳ පොළ තුළ සියයට 60 ක් පමණ තවමත් අලෙවි කරන්නේ චීනය, ඉන්දියාව හා ඉන්දුනීසියාව වැනි රටවල නිෂ්පාදනය…

(0)Comments | October 24, 2014 9:58 am

ලංකා බැංකුවේ ප්‍රාග්ධනය ශක්තිමත් කිරීමට බිලියන 10 ක්

ලංකා බැංකුවේ ප්‍රාග්ධනය නැංවීමට 2015 අයවැය මගින් රුපියල් බිලියන 10 ක් වෙන්කර තිබේ. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අයවැය ඉදිරිපත් කරමින් පැවසුවේ මෙරට තැන්පතුකරුවන්ගේ රක්ෂණය සියයට 50 කින් වැඩිකිරීමට 2015 අයවැය මගින් ප්‍රතිපාදන වෙන්කර තිබෙන බවයි. මේ අතර, ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රාග්ධනය රුපියල් බිලියන 50 දක්වා ඉහළ දමා ඇත. මූල්‍ය අංශය ඒකාබද්ධ කිරීමේ වැඩසටහනේ වැදගත්කමද…

(0)Comments | October 24, 2014 9:30 am

කැසිනෝ ශාලා වලට ඇතුළු වීමට ඩොලර් 100 ක ගාස්තුවක්

කැසිනෝ ශාලා වලට ඇතුළු වීමේදී ඩොලර් 100 ක ගාස්තුවක් අය කිරීමටත් විනෝද බද්ද සියයට 10 ක් දක්වා ඉහළ දැමීමටත් 2015 අයවැය මගින් රජය තීරණය කර ඇත. ජේම්ස් පැකර් ප්‍රමුඛ ආයෝජකයින් කිහිප දෙනෙකු විසින් මෙරට ගොඩනැගීමට සැලසුම් කර තිබෙන මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘති ඔස්සේ කැසිනෝ ව්‍යාපාරික කටයුතු පුළුල් කිරීමේ සූදානමක් ඇතැයි දැඩි විරෝධයක් පසුගිය කාලයේදී ඇතිවිය. දැනටමත්…

(0)Comments | October 24, 2014 9:22 am

මෙවර අයවැය නවෝත්පාදනය පදනම්ව යෝජනාවීම සතුටට කරුණක් – ඇමති චම්පික

ලෝක දළ ජාතික නිෂ්පාදනයෙන් 30% ක් අධි තාක්ෂණික නිෂ්පාදන තුළින් නිර්මාණය වී තිඛෙන අතර අඛණ්ඩව නව නිපැයුම් සඳහා යොමුවන රටවල් ලෝකයේ දැවැන්ත ආර්ථීකයන්ට උරුමකම් කියනු ලබයි. ශ්‍රී ලංකාවේ නවෝත්පාදන ක්ෂේත්‍රයට රජය විසින් ආයෝජනය කරන මුදල කිසිසේත් ප්‍රමාණවත් නොවන බවත්, දේශීය නව නිපැයුම් කෙරෙහි නැඹුරුවක් ඇති කරමින් ඒ ඔස්සේ නවෝත්පාදන ආර්ථීකයක් බිහිකිරීමට අත්‍යවශ්‍ය බව තාක්ෂණ හා…

(0)Comments | October 23, 2014 12:47 pm

ශ්‍රී ලංකා මර්චන්ට් බැංකුව රුපියල් බිලියන 02 ක් ඉල්ලයි

එකක් රුපියල් 100 ක් බැගින් වන බැඳුම්කර මිලියන 20 ක් නිකුත් කිරීම මගින් රුපියල් බිලියන 02 ක් රැස්කර ගැනීමට ශ්‍රී ලංකා මර්චන්ට් බැංකුව සූදානම් වේ. මෙම නිකුතුව ලයිස්තුගත කිරීමට කොළඹ කොටස් වෙළඳ පොළ අවසර ලබාදී තිබෙන අතර නිකුතුව නොවැම්බර් 05 වනදා විවෘත වේ. මෙම නිකුතුව කළමනාකරණය කරන්නේද ශ්‍රී ලංකා මර්චන්ට් බැංකුව විසිනි.

(0)Comments | October 23, 2014 6:53 am

ටච්වුඩ් තේක්ක වතු තුන්වන පාර්ශවයකට ?

ආන්දෝලනයට තුඩුදී ඇති ටච්වුඩ් ඉන්වෙස්ට්මන්ට්ස් පී.එල්.සී. සමාගම පවසන්නේ සමාගම සතු තේක්ක වතු කළමනාකරණය කිරීම සඳහා තුන්වන පාර්ශවයකට භාරදී ඇතැයි පලවන වාර්තා ප්‍රතික්ෂේප කරන බවයි. මෙම සමාගම ඈවර කිරීම වෙනුවෙන් පත්කර තිබෙන ඈවරකරුවා වන ජී.කේ සුදත් කුමාර් මහතා මේ පිළිබඳව කොළඹ කොටස් වෙළඳ පොළට දැනුම් දී තිබේ. JAT සමාගමට අනුබද්ධ සමාගමක් විසින් ටච්වුඩ් සමාගමේ සමහර තේක්ක…

(0)Comments | October 22, 2014 8:24 am