බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් පී.එල්.සී. සමාගමට පූර්ණ අනුබද්ධ බ්‍රවුන්ස් හොටෙල්ස් ඇන්ඩ් රිසෝර්ට්ස් ප්‍රයිවට් ලිමිටඩ් සමාගම මාලදිවයිනේ පිහිටි හෝටලයක් සංවර්ධනය කිරීම සඳහා ගිවිසුමකට එළඹෙයි. මේ අනුව, Alpha Kinam Holdings (Pvt) Ltd සහ NPH Investment (Pvt) Ltd යන සමාගම් සමග මෙම කළමනාකරණ ගිවිසුම අත්සන් කර තිබෙන අතර මේ යටතේ මෙම හෝටලය තරු 04 පන්තියේ හෝටලයක් ලෙස සංවර්ධනය කිරීමට නියමිතය….
නෙස්ලේ ලංකා පී.එල්.සී. සමාගමේ වර්තමාන කළමනාකාර අධ්‍යක්ෂවරයා වන ගනේසන් අම්පලවානර් මහතා නෙස්ලේ වියට්නාම ශාඛාවේ කළමනාකාර අධ්‍යක්ෂවරයා ලෙස ලබන පෙබරවාරි 01 වනදා සිට පත්කර තිබේ. මේ හේතුවෙන් නෙස්ලේ ලංකා සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ ධූරයට ඉන්දියානු ශාඛාවේ ආහාර අංශයේ ව්‍යාපාරික විධායක කළමනාකාර ධූරය දරන ශිවානි හෙජ් මහත්මිය පත්කර තිබෙන බව නෙස්ලේ සමාගම සඳහන් කරයි. අම්පලවානර් මහතා 2013 ජනවාරි…
සපුගස් කන්ද තෙල් පිරිපහදුව පුළුල් කිරීමේ ව්‍යාපෘතිය සිදුකිරීම සඳහා මේ වනවිට ආයෝජකයින් 06 දෙනෙකුගෙන් පමණ යෝජනා ලැබී තිබුණත් අදාළ ව්‍යාපෘතිය සිදුකිරීමට අවශ්‍ය ණය සම්පාදනය කරගනිමින් එය සිදුකිරීමට තවමත් සතුටුදායක යෝජනාවක් කිසිවෙකු විසින් ලබාදී නොමැති බව අනාවරණය වේ. සපුගස් කන්ද තෙල් පිරිපහදුව මගින් දිනකට පිරිපහදු කරන බොරතෙල් බැරල් ප්‍රමාණය බැරල් 50,000 ක සිට බැරල් 100,000 ක්…
කොලොන්නාව, සපුගස්කන්ද හා මුතුරාජවෙල ඛනිජ තෙල් ගබඩා කිරීමට තිබෙන ටැංකි පද්ධතිය ප්‍රමාණවත් නොවීම නිසා අළුතින් ටැංකි ඉදිකිරීම කෙරෙහි රජයේ අවධානය යොමුව තිබේ. මේ අනුව, කොලොන්නාවේ හා සපුගස්කන්දේ තිබෙන තෙල් ටැංකි ප්‍රමාණය වැඩි කිරීමට වැඩි ප්‍රමුඛතාවයක් ලබාදීමට සැලසුම් කර ඇතැයි ඛනිජ තෙල් සංස්ථාවේ සභාපති සිරිසේන අමරසේකර මහතා අප සමග කීය. “තෙල් ගබඩා කිරීමට තිබෙන තෙල් ටැංකි…
ප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතාට අයත් අමායා ලෙෂර් විසින් කළමනාකරණය කළ හික්කඩුවේ පිහිටි BANSEI ROYAL RESORTS HIKKADUWA PLC හෝටලය කළමනාකරණය කිරීම එම සමාගමින් ඉවත් කර ජෙට් වින්ග් හොටෙල්ස් ලිමිටඩ් වෙත භාරදී තිබේ. මේ අනුව, 2014 දෙසැම්බර් 01 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි ජෙට් වින්ග් හොටෙල්ස් ලිමිටඩ් විසින් මෙම හෝටලය කළමනාකරණය කරන අතර අමායා ලෙෂර් සමග…
නිසි ප්‍රමිතියට නොමැති යැයි රසායනාගාර පරීක්ෂණ මගින් තහවුරු කරගත් සිංගප්පූරු සමාගමකින් ගෙනා පෙට්රල් මෙට්ට්‍රික් ටොන් 10,000 ක් නැවත හරවා යවන බව ඛනිජ තෙල් සංස්ථාවේ සභාපති සිරිසේන අමරසේකර මහතා අප සමග පැවසීය. අමරසේකර මහතා පැවසුවේ මෙම නැව මේ වනවිට කොළඹ වරායේ තිබෙන බවත් එමගින් ගෙනා ඩීසල් මෙට්ට්‍රික් ටොන් 20,000 ක තොගය නිසි ප්‍රමිතියට තිබූ නිසා සංස්ථාව…
ලෝක වෙළඳ පොළට සැපයෙන බොරතෙල් ප්‍රමාණය වැඩිවීම නිසා බොරතෙල් මිල ගණන් මාස 47 කට පසුව වාර්තාවූ අඩුම අගය දක්වා පහත බැස තිබේ. මේ අනුව, බොරතෙල් බැරලයක මිල ඩොලර් 80 කට ආසන්න අගයක් දක්වා පහත වැටී තිබෙන අතර සෞදි අරාබිය විසින් ලෝක වෙළඳ පොළට සපයන බොරතෙල් ප්‍රමාණය අඩු නොකර සැපයීම මෙම පහත වැටීමට ප්‍රධානතම හේතුවයි. මේ…
ලංකා ඛනිජ තෙල් සංස්ථාව සමග මේ වනවිටත් මෙරට ලිහිසි තෙල් අලෙවි කරන මැලේසියාවේ Hyrax Oil Sdn. Bhd සමාගම ඩොලර් මිලියන 10 ක් ආයෝජනය කරමින් ලිහිසි තෙල් මිශ්‍ර කිරීමේ කර්මාන්ත ශාලාවක් මෙරට ආරම්භ කිරීම සඳහා කටයුතු කරමින් සිටින බව මැලේසියාවේ ආනයන අපනයන බැංකුවේ (EXIM Bank) ප්‍රධානියා කොළඹදී කියයි. මැලේසියාවේ ආනයන අපනයන බැංකුවේ (EXIM Bank) සභාපති, ඩාටෝ…
යුරෝපීය කොමිසම පවසා තිබෙන ආකාරයට ලබන ජනවාරි මාසයේ සිට ලංකාවෙන් යුරෝපීය සංගමය මිලදීගන්නා මත්ස්‍යය නිෂ්පාදන නවතා දැමුවහොත් එයින් මෙරට ආර්ථිකයට මරු පහරක් එල්ල වනු ඇත. මේ නිසා, ඉතාමත් සාර්ථක ලෙස යුරෝපීය සංගමයට මෙරට සමාගම් විසින් සිදුකරමින් තිබෙන මත්ස්‍ය අපනයන කර්මාන්තය කඩා වැටීමට හැකි අතර ඒ තුළින් මෙරටට ලැබෙන විදේශ විනිමය අහිමිවීමත් මෙරට බොහෝ ධීවර ජනතාවගේ…
ලෝකයේ ප්‍රමුඛතම මෝටර් රථ නිෂ්පාදන සමාගමක් වන ජපානයේ ටොයොටා සමාගම විසින් තමන් අලෙවි කර තිබෙන විවිධ දෝෂ සහිත මෝටර් රථ මිලියන 1.75 ක එම දෝෂ නිවැරදි කිරීම සඳහා ඒවා නැවතත් සමාගම වෙත කැඳවීමට තීරණය කර ඇත. මෙම මෝටර් රථ අතර ශ්‍රී ලංකාවට විකුණා තිබෙන මෝටර් රථ තිබේදැයි අනාවරණය නොවන අතර මීට පෙර මෙවැනි දෝෂ තිබූ…
Video Story