Top News

ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමට අළුතින් උප සභාපතිවරයෙක්

ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ උප සභාපතිවරයා ලෙස මාධ්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ ක්‍රිෂාන්ත කුරේ මහතා පත්කර තිබෙන බව අප වෙත ඉතාමත් විශ්වාසවන්ත මූලාශ්‍ර වලින් අනාවරණය වේ. මීට අමතරව, මොබිටෙල් සමාගමේ ප්‍රධාන විධායක නිළධාරීවරයා ලෙස කටයුතු කළ රංජිත් රූබසිංහ මහතා වෙනුවට එම තනතුරේ වගකීම් ටෙලිකොම් ප්‍රධාන විධායක නිළධාරී, දිලීප විජේසුන්දර මහතාට පවරා ඇතැයිද හෙළිවේ.

(0)Comments | October 12, 2015 5:04 am

මෙවර අයවැයෙන් වෑන් මිල අඩුවෙයිද? ඒ සඳහා යෝජනාවක්

ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය විසින් 2016 අයවැය සකස් කිරීම සඳහා යෝජනා මාලාවක් මුදල් අමාත්‍යංශයට ඉදිරිපත් කර තිබෙන අතර එයට ලොරි රථ සහ වෑන්රථවල රේගු බදු අඩුකිරීම වෙනුවෙන් යෝජනාවක්ද ඇතුළත් කර ඇත. මෙහි සඳහන් වන්නේ දැනට ලොරි රථවල හා වෑන් රථවල රේගු බදු ප්‍රතිශතයන් ඉතා ඉහළ අගයක් ගන්නා බවත් රටේ සංවර්ධනයට, භාණ්ඩ ප්‍රවාහනයට සහ සංචාරක ව්‍යාපාරයට…

(0)Comments | October 9, 2015 6:04 am

වරාය නගර ගිවිසුම සමාලෝචනයට කමිටුවක්

කොළඹ වරාය නගර සංවර්ධන ව්‍යාපෘතිය සම්බන්ධයෙන් දැනට පැන නැගී තිබෙන ගැටලු පිළිබඳව පරීක්ෂා කර බලා ගත යුතු පියවරයන් පිළිබඳව ආර්ථික කළමනාකරණය පිළිබඳ අමාත්‍ය කමිටුවට වාර්තා කිරීමට කමිටුවක් පත් කිරීමට රජය සූදානම් වේ. අග්‍රාමාත්‍ය ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් සහ අදාළ සියළුම ක්ෂේත්‍රවල ජ්‍යෙෂ්ඨ නිළධාරීන්ගෙන් සමන්විත මෙවැනි කමිටුවක් පත්කිරීම සඳහා වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මහතා විසින් යෝජනා…

(0)Comments | October 8, 2015 12:19 pm

පසුගිය වසර 10 තුළ මහ බැංකුවේ කටයුතු සොයා බැලීමට යයි

මහ බැංකුවේ වසර 10 ක කටයුතු සම්බන්ධයෙන් සොයා බැලීමට තේරීම් කාරක සභාවක් පත් කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (08) පාර්ලිමේන්තුවේදී පැවසීය. මෙහිදී, වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා පැවසුවේ මහ බැංකුව සිදුකළ කටයුතු සම්බන්ධ‍යෙන් සෑහීමකට පත් නොවන බවත් එම නිසා පසුගිය මාස හය ඇතුළුව පසුගිය වසර දහයක කටයුතු ‍ මෙ‍සේ ‍ සොයා බලන බවයි. හොඳම…

(0)Comments | October 8, 2015 11:51 am

වාහන මිල වැඩිවීම බලපැවැත්වෙන්නේ කවදා සිටද? මෙන්න උත්තරේ

මෙරටට ගෙන්වන ජපන් මෝටර් රථ රැසක රේගු බදු වැඩිකිරීම නිසා වාහන මිල වැඩිවන ආකාරය අප ඊයේ වාර්තා කළෙමු. අප වෙත අනාවරණය වන අකාරයට සැප්තැම්බර් 17 වනදාට පසුව ණයවර ලිපි (Letters of credit) විවෘත කරන වාහන සඳහා මෙම මිල වැඩිවීම අදාළ වනබව රජය මුලින් සඳහන් කළද එම කාල සීමාව සැප්තැම්බර් 30 වනදා දක්වා මේ වනවිට දීර්ඝ…

(0)Comments | October 8, 2015 5:01 am

Exclusive- ජපන් කාර්වල රේගු බදු දැවැන්ත ලෙස ඉහළට. Aqua ලක්ෂ 7.70 කින්, Prius ලක්ෂ 11.20 කින් නගී

රේගු බදු වටිනාකම් අයකිරීම සම්බන්ධව ගැසට් අංක 1933/16 යටතේ මෙරටට ගෙන්වන ටොයොටා ඇතුළු අනිකුත් වර්ගවල ජපන් රථ සඳහා අළුතින් රේගු වටිනාකම් රජය විසින් ඉදිරිපත් කර තිබේ. මේ අනුව, Toyota Aqua මෝටර් රථයක රේගු බදු රුපියල් හත් ලක්ෂ හැත්තෑ දහසකින් (770,000) කින් වැඩිකර තිබෙන අතර Toyota Axio මෝටර් රථයක රේගු බදු රුපියල් හත් ලක්ෂ තුන් දහසකින්…

(0)Comments | October 7, 2015 10:00 am

ඔටාරා, එම්බාර්ක් සමග කටුනායක ගුවන් තොටුපොළට

ශ‍්‍රී ලංකාවට පැමිණෙන අමුත්තන්ට සහ මෙරටින් පිටවී යන ශ‍්‍රී ලාංකිකයින්ට එම්බාර්ක් සන්නාමයට අයත් ඇඟලූම් සහ විලාසිතා සපිරි ආයිත්තම් මිලදී ගැනීම සඳහා කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ ස්වාධීන එම්බාර්ක් අලෙවිසැලක් ආරම්භ කර තිබේ. ගාලූ කොටුවේ පළමු එම්බාර්ක් ස්වාධීන අලෙවිසැල විවෘත කිරීමෙන් පසුව ආරම්භ කළ ඉතාමත් විචිත‍්‍රවත් මෙම අලෙවිසැල තුළ විලාසිතා වලින් සපිරි නව එම්බාර්ක් ඇඟලූම් පෙළක්,…

(0)Comments | October 7, 2015 5:34 am

බණ්ඩාරනායක ගුවන් තොටුපොළට ජපානයේ ඇස

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ පුළුල් කිරීම සඳහා ජපානය විසින් ඩොලර් මිලියන 380 ක (යෙන් බිලියන 45.4 ක) ණය මුදලක් ලබාදෙන බව ජපාන විදේශ අමාත්‍යංශය සඳහන් කර තිබේ. මෙයට අදාළ ගිවිසුම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ වනවිට ජපානයේ සිදුකරන සංචාරයේදී නිවේදනය කරන අතර ශ්‍රී ලංකාවේ නාවික අංශයේ ආරක්ෂාව වෙනුවෙන් සහයෝගය ලබාදීම සඳහාද ජපානය කැමැත්ත පළකර ඇත….

(0)Comments | October 6, 2015 1:41 pm

ජෝන් කීල්ස් පී.එල්.සී. ප්‍රධාන විධායකවරයා ඉල්ලා අස්වේ

මෙරට ප්‍රමුඛතම සමාගම් සමූහයක් වන ජෝන් කීල්ස් පී.එල්.සී. සමාගමේ ප්‍රධාන විධායක නිළධාරීවරයා වන සුදත් චමින්ද මුණසිංහ මහතා එම තනතුරෙන් 2015 ඔක්තෝම්බර් 01 වනදා සිට බලපැවැත්වෙන පරිදි ඉල්ලා අස්වී ඇත. මෙම පුරප්පාඩුව සමග ජෝන් කීල්ස් පී.එල්.සී. සමාගමේ වැඩබලන ප්‍රධාන විධායක නිළධාරීවරයා ලෙස හිෂාන්ත ජෙරාඩ් රොඩ්නි ද මෙල් මහතා 2015 ඔක්තෝම්බර් 01 වනදා සිට බලපැවැත්වෙන පරිදි පත්කර…

(0)Comments | October 6, 2015 11:46 am

අයවැය තෙක් ජපානයෙන් වාහන එපා -මුදල් අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක්

ලබන අයවැය ඉදිරිපත් කරන තෙක් ජපානයෙන් ශ්‍රී ලංකාවට වාහන එවීමෙන් වලකින්නැයි මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ජපානයේ වෙසෙන ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයින්ගෙන් ඉල්ලීමක් කර ඇතැයි වාර්තාවේ. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමග ජපාන නිළ සංචාරයට එක්වී සිටින මුදල් අමාත්‍යවරයා එරට වෙසෙන ශ්‍රී ලාංකික ව්‍යාපාරික පිරිසක් සමග පැවති සාකච්ඡාවකදී මෙම ඉල්ලීම කර ඇතැයි සඳහන්ය. අයවැය මගින් වාහන මිල…

(0)Comments | October 6, 2015 5:20 am