Top News

ලංකා බැංකුව රුපියල් බිලියන 05 ක් ඉල්ලයි

ණයකර නිකුතුවක් මගින් රුපියල් බිලියන 05 ක මුදලක් රැස්කර ගැනීමට මෙරට ප්‍රමුඛතම රාජ්‍ය බැංකුවක් වන ලංකා බැංකුව සූදානම් වේ. මේ අනුව, එකක් රුපියල් 100 ක් වන ණයකර මිලියන 50 ක් බැංකුව විසින් නිකුත් කරන අතර මෙම නිකුතුව සඳහා අධි ඉල්ලුමක් ලැබේ නම් තවත් ණයකර මිලියන 30 ක් නිකුත් කිරීමට නියමිතය. මෙම ණයකර නිකුතුව විවෘත වන්නේ…

(0)Comments | September 16, 2015 11:13 am

රුපියල ඉතිහාසයේ වැඩිම බාල්දුවීම වාර්තා කරයි

ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල ඉතිහාසයේ මෙතෙක් වාර්තාකළ වැඩිම අවප්‍රමාණය වීම අද වාර්තා කර තිබේ. මේ අනුව, අද මුදල් වෙළඳ පොළේ ගනුදෙනු අවසානයේදී ඩොලරයක මිල රුපියල් 140.25 කට ආසන්න අගයක් ගත්තේය. මුදල් වෙළඳ පොළේ ඩොලර් සඳහා තිබෙන ඉල්ලුමට සරිලන ලෙස සැපයුම නොමැතිවීම නිසා රුපියල මෙසේ ඓතිහාසික ලෙස අවප්‍රමාණය වී ඇත. ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය මහ බැංකුවේ…

(0)Comments | September 15, 2015 11:41 am

අත්සන් කිරීමට යන ඉන්දු-ලංකා ආර්ථික ගිවිසුම් වලට සෙපා ඇතුළත්ද?

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ආර්ථික සහයෝගීතාවයට අදාළ ගිවිසුම් වලට ලබන වසර මැද වනවිට පැමිණීමට හැකිවනු ඇතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා නව දිල්ලි නුවරදී විශ්වාසය පළ කළේය. ඔහු පැවසුවේ ලංකාව සහ ඉන්දියාව අතර ආර්ථික සහයෝගීතාවය වසර 2500 ක් තරම් පැරණි එකක් බවත් තපස්සු භල්ලුක වෙළඳ සහෝදරයින් ලංකාවට පැමිණි කාල වකවානුව දක්වා එය දිවයන්නක් බවයි. ලංකාව…

(0)Comments | September 15, 2015 9:33 am

නිසාන් ලීෆ් අළුත් පිම්මක

නිසාන් ලීෆ් නව විද්‍යුත් මෝටර් රථය සඳහා අළුතින් හඳුන්වා දී තිබෙන බැටරිය හේතුවෙන් එම රථය එක් වරක් ආරෝපණය කිරීමෙන් කිලෝ මීටර් 250 ක දුරක් ධාවනය කළ හැකිබව වාර්තා වේ. මෙම නව බැටරිය නිසා මෝටර් රථයේ ඇතුළත හෝ පිටත පෙනුමේ කිසිදු වෙනසක් සිදු නොවනු ඇතැයි අනාවරණය වන අතර මෝටර් රථය කිලෝ 21 කින් බර වැඩිවීම පමණක්…

(0)Comments | September 14, 2015 8:49 am

ජෝන් කීල්ස් ගොල්ෆ් වෙනුවෙන් බිලියනයක් ආයෝජනය කරයි

මහනුවර, දිගන ප්‍රදේශයේ ගොල්ෆ් පිටියක් හිමි Rajawella Holdings (RHL) සමාගමේ තමන් සතු කොටස් ප්‍රමාණය සියයට 16.9 ක සිට සියයට 51 ක් දක්වා මෙරට ප්‍රමුඛතම සමාගම් සමූහයක් වන ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් විසින් ඉහළ නංවාගෙන තිබේ. මෙම මිලදී ගැනීම සඳහා ජෝන් කීල්ස් සමූහය විසින් ආයෝජනය කරන මුදල රුපියල් බිලියනයකට ආසන්නය. මේ වනවිට, මෙරටට සංචාරකයින් පැමිණීම කැපී පෙනෙන…

(0)Comments | September 14, 2015 5:36 am

නියෝජ්‍ය විදේශ ඇමති හර්ෂ “Economic Diplomacy“ ගැන කතා කරයි

මෙරට අපනයන දළ දේශීය නිෂ්පාදිතයට ප්‍රතිශතයක් ලෙස (Gross Domestic Product) සියයට 35 ක සිට සියයට 15 ක් දක්වා පහත වැටීම පිළිබඳව පසුගිය කාලයේදී වැඩිපුරම අදහස් දැක්වූයේ තමා බවත් ලැබුණු නියෝජ්‍ය විදේශ අමාත්‍ය ධූරය ප්‍රයෝජනයට ගනිමින් මෙරට ආර්ථික සංවර්ධනයට සහ සමෘද්ධියට උරදීමට තමා සූදානම් බවත් ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා කියයි. නියෝජ්‍ය විදේශ අමාත්‍ය ධූරයේ වැඩ…

(0)Comments | September 11, 2015 9:23 am

ශ්‍රී ලංකන් ප්‍රධාන විධායක පුටුව ගුවන් නියමුවෙකුට

ගුවන් නියමුවෙකු ලෙස හසල අත්දැකීම් ඇති සුරේන් රත්වත්තේ මහතා ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිළධාරීවරයා ලෙස පත්කර තිබේ. ඔහු විසින් ගුවන් සැතපුම් 18,000 කට වැඩි ප්‍රමාණයක් පියාසර කර තිබෙන අතර Boeing B-777 සහ Airbus A380 ගුවන් යානා ඔහුට ධාවනය කළ හැකිබව ශ්‍රී ලංකන් කියයි. එමිරේට්ස් ගුවන් සමාගමේ කළමනාකරුවෙකු ලෙස සේවය කළ හෙතෙම Embry Riddle…

(0)Comments | September 11, 2015 5:19 am

ඔටාරා ජනපතිට ලියයි

විවිධ හේතු මත කැලෑවන් තුළින් බේරාගන්නා වන සතුන් නැවතත් කැලෑවන් තුළට මුදාහැරීම වෙනුවට ඔවුන් සත්ත්වෝද්‍යාන වෙතට රැගෙනයාම වැලැක්වීම සඳහා මැදිහත්වන්නැයි ඔටාරා පදනම ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලීමක්කර ඇත. ව්‍යවසායිකාවක මෙන්ම සමාජ සේවිකාවක වන ඔටාරා ගුණවර්ධන මහත්මිය ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේනමහතා වෙත ලිපියක් යොමු කරමින් මේවනවිට වන ජීවිසංරක්ෂණදෙපාර්තමේන්තුව භාරයේ සිටින වලස් පැටවුන් සිව්දෙනා සහ දිවි පැටවා පිළිබඳව…

(0)Comments | September 10, 2015 11:01 am

රුපියල ගැන මුදල් ඇමති බලාපොරාත්තු දල්වයි

ශ්‍රී ලංකා මහ බැංකුවේ මැදිහත් වීමකින් තොරව ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය නිදහසේ තීරණය වීමට අවස්ථාව ලබාදීමෙන් පසුව රුපියල වාර්තාගත ලෙස අවප්‍රමාණය වීම පිළිබඳව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා යළිත් වරක් මාධ්‍ය වෙත කරුණු දක්වා තිබේ. අමාත්‍යවරයා මෙවරද සඳහන් කර තිබෙන්නේ වැඩි කලක් නොගොස් රුපියල නැවතත් පිළිගත හැකි මට්ටමක් දක්වා පැමිණෙනු ඇති බවයි. අවශ්‍ය අවස්ථා…

(0)Comments | September 10, 2015 7:53 am

ODEL විචිත‍්‍රවත් තේමාවක් ගෙනෙයි

මෙරට ප‍්‍රමුඛතම විලාසිතා අලෙවි සන්නාමයක් වන ඔඩෙල් විසින් විලාසිතා සඳහා ඇලූම් කරන දේශීය ප‍්‍රජාව යළිත් ස්වභාව ධර්මය වෙත රැගෙන යමින් ලොව ප‍්‍රකට ‘forest couture’ විලාසිතා පෙළට අයත් අඳුරුවන් නිර්මාණ වලින් පොහොසත් නව විලාසිතා මාලාවන් යුගලයක් එළිදක්වා ඇත. මෙම නව විලාසිතා මාලාව ඔඩෙල් විලාසිතාගාරයේ ඇලෙක්සැන්ඩ‍්‍රා පෙදෙසේ පිහිටි ප‍්‍රධාන අලෙවිසැලේ ඒටි‍්‍රයම් ලොබියේ පැවති විචිත‍්‍රවත් විලාසිතා සංදර්ශනයේදී එළිදක්වන…

(0)Comments | September 9, 2015 11:06 am