Top News

වාහන 60 ලක්ෂයක් මාර්ග වලින් ඉවත් කිරීමට චීනය සැරසෙයි

වාතය දූෂණය අඩු කිරීමේ අරමුණෙන් දූෂිත වායූන් පරිසරයට මුදා හරින වාහන ලක්ෂ 60 ක් පමණ මාර්ග වලින් ඉවත් කිරීමට චීනය සූදානම් වේ. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ මේ යටතේ බෙයිජිං නුවරින් පමණක් පරණ වාහන තුන් ලක්ෂයකට වැඩි ප්‍රමාණයක් ඉවත් වනු ඇති බවයි. බෙයිජිං නුවර වාතය දූෂණය වීමට සියයට 31 ක් පමණ බලපාන්නේ ප්‍රමිතියෙන් තොරව දුම් නිකුත්…

(0)Comments | May 27, 2014 11:08 am

එන්ට්‍රස්ට් සිකියුරිටීස්, මල්ටි ෆිනෑන්ස් පාලිත කොටස හුවමාරුවේ

(දෙවන සංස්කරණය)- අද උදෑසන එන්ට්‍රස්ට් සිකියුරිටීස් සමාගමේ පාලිත කොටස් ප්‍රමාණය සහ මල්ටි ෆිනෑන්ස් සමාගමේ පාලිත කොටස් ප්‍රමාණය ගිවිසගත් කොටස් ගනුදෙනු ලෙස එන්ට්‍රස්ට් හෝල්ඩින්ග්ස් වෙත හුවමාරු වී තිබේ. මේ අනුව, එන්ට්‍රස්ට් සිකියුරිටීස් සමාගමේ කොටස් මිලියන 28.6 ක් කොටසක් රුපියල් 20.50 ක් බැගින් ගිවිසගත් ගනුදෙනුවක් ලෙසින් හුවමාරු වූ අතර මෙය මෙම සමාගමේ කොටස් වලින් සියයට 86.23 ක…

(0)Comments | May 27, 2014 7:09 am

ද ෆිනෑන්ස් සමාගමට මහ බැංකුවෙන් සල්ලි මල්ලක්

ද ෆිනෑන්ස් සමාගම ප්‍රතිව්‍යුහගත කිරීමේ නව සැලසුමට අනුව මහ බැංකුව විසින් එයට ද්‍රවශීලතා පහසුකමක් ලබාදුන් බවත් නව අධ්‍යක්ෂ මණ්ඩලයක් පත්කළ බවත් පවසා තිබේ. මේ අනුව, වහාම ක්‍රියාත්මක වන පරිදි මහ බැංකුව විසින් ද ෆිනෑන්ස් සමාගමට ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ සහ ද්‍රවශීලතා සහාය යෝජනා ක්‍රමය මගින් මෙම දිගුකාලීන ද්‍රවශීලතා පහසුකම ලබාදී ඇත. මීට අමතරව, ද ෆිනෑන්ස්…

(0)Comments | May 27, 2014 3:53 am

සී.අයි.සී. හෝල්ඩින්ග්ස් මුල් පුටුව හර්ෂ අමරසේකරට

සී.අයි.සී. හෝල්ඩින්ග්ස් සමාගමේ සභාපතිවරයා ලෙස හර්ෂ අමරසේකර මහතා පත්කර තිබේ. 2014 ජනවාරි 01 වනදා සිට සමාගමේ වැඩබලන සභාපතිවරයා ලෙස කටයුතු කළ හර්ෂ අමරසේකර මහතා සී.අයි.සී. හෝල්ඩින්ග්ස් හි, ස්වාධීන විධායක නොවන අධ්‍යක්ෂවරයෙකු ලෙසද කටයුතු කළේය. 2014 මැයි 23 වනදා සිට සී.අයි.සී. හෝල්ඩින්ග්ස් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිළධාරීවරයා ලෙස එස්.පී.එස් රත්නතුංග මහතා පත්කර තිබෙන අතර…

(0)Comments | May 26, 2014 12:38 pm

අපනයන ඉහළට. වෙළඳ හිඟයත් අඩුවේ

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කර තිබෙන නවතම දත්ත මගින් හෙළි වන්නේ 2014 අප්‍රේල් මාසයේ මෙරට අපනයන 2013 අප්‍රේල් මාසයට සාපේක්ෂව සියයට 28.6 කින් ඩොලර් මිලියන 1069 ක් දක්වා වර්ධනය වී තිබෙන බවයි. මේ අනුව, කෘෂි කාර්මික අපනයන සියයට 22.4 කින් ඩොලර් මිලියන 256.7 ක් දක්වාද, ඇඟලුම් අපනයන සියයට 32.6 කින් ඩොලර් මිලියන 456…

(0)Comments | May 26, 2014 8:08 am

BOI සමාගම් ලයිස්තුගත කිරීමට ඉල්ලුවත් ආයෝජන මණ්ඩලය තාමත් නිදි

ආයෝජන මණ්ඩල සමාගම් ලයිස්තුගත කිරීම සඳහා කොළඹ කොටස් වෙළඳ පොළේ වෙනමම පුවරුවක් ඇති කරන ලෙස ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ ඉහළම නිළධාරියෙකු සුරැකුම් පත් හා විනිමය කොමිසම වෙත ඉතා ඕනෑ කමින් කළ ඉල්ලීමට කොමිසම අවස්ථාව ලබාදී දිගු කාලයක් ගත වුවත් ඒ සඳහා ආයෝජකයින් සම්බන්ධ කිරීමට ආයෝජන මණ්ඩලය තවමත් අපොහොසත්ව තිබෙන බව අප වෙත අනාවරණය වේ. තතු…

(0)Comments | May 25, 2014 8:16 pm

පී.බී. ආර්ථීක සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් ධුරයෙන් ඉවතට ?

(දෙවන සංස්කරණය)- දේශපාලන කරළියේ ඇතිවී තිබෙන සීතල යුද්ධ, එළිපිට යුද්ධ ඇතුළු උණුසුම් වාතාවරණය හමුවේ ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා ආර්ථික සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් ධුරයෙනුත්, වෛද්‍ය නිහාල් ජයතිලක මහතා සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් ධුරයෙනුත් ඉවත් කිරීමේ සූදානමක් ඇතැයි අප වෙත විශ්වාසවන්ත ආරංචි මාර්ග වලින් අනාවරණය වේ. අමාත්‍ය විමල් වීරවංශ මහතා විසින් පසුගිය කාලයේදී ආචාර්ය පී.බී. ජයසුන්දර මහතාව දිගින්…

(0)Comments | May 24, 2014 5:16 am

මෙන්න! අද කොටස් පොළේ රැළි

සතියේ අවසන් දවස වන අද කොළඹ කොටස් වෙළඳ පොළේ මිල දර්ශක දෙකම පහළ වැටුණු අතර සමස්ත මිල දර්ශකය ඒකක 9.86 කින් පහළ ගොස් ඒකක 6,280.31 ක් වෙද්දී එස් ඇන්ඩ් පී මිල දර්ශකය ඒකක 5.62 කින් පහළ වැටී ඒකක 3,459.43 ක් විය. ලංකා දුම්කොළ සමාගමේ කොටසක් සියයට 1.9 කින් පහළ ගොස් රුපියල් 1,083.00 ක්ද, ඒෂියන් හොටෙල්ස්…

(0)Comments | May 23, 2014 1:19 pm

ගිණුම් වාර්තා දුන්නැයි EPF කියන කතා සාවද්‍යයයි – ආචාර්ය හර්ෂ ද සිල්වා

2011 සිට 2013 දක්වා මූල්‍ය වාර්තා ඉදිරිපත් කර ඇතැයි රුපියල් මිලියන ගණනක දැන්වීම් පළ කරමින් සේවක අර්ථ සාධක අරමුදල පැවසුවත් එය සාවද්‍ය කතාවක් යැයි එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසයි. අද කොළඹදී මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් මන්ත්‍රීවරයා පැවසුවේ 2011, 2012 සහ 2013 වසර වෙනුවෙන් සේවක අර්ථ සාධක අරමුදල විසින් පුවත් පත්වල…

(0)Comments | May 23, 2014 10:53 am

මෙන්න! LIOC ලාභ

ලංකා ඉන්දීය තෙල් සමාගමේ නවතම ගිණුම් වාර්තා වලින් අනාවරණය වන්නේ 2014 මාර්තු කාර්තුවේදී සමාගමේ ලාභය පහළ වැටී තිබෙන බවයි. මේ අනුව, 2013 මාර්තු කාර්තුව සමග සැසඳීමේදී සමාගමේ ලාභය සියයට 10 කින් පහළ වැටී රුපියල් මිලියන 722 ක ලාභයක් උපයා තිබෙන බව හෙළිවේ. සමාගම විසින් මෙම කාර්තුවේදී කොටසකට අදාළව රුපියල් 1.36 ක ලාභයක් වාර්තා කර තිබෙන…

(0)Comments | May 23, 2014 5:26 am