Top News

යුනියන් බැංකුවේ ලොකු කුට්ටිය විදෙස් ආයෝජකයෙකුට විකුණයි

Union Bank of Colombo PLC සමාගමේ සියයට 70 කට ආසන්න කොටස් ප්‍රමාණයක් රුපියල් බිලියන 15 කට ආසන්න මුදලකට මිලදී ගැනීමට කේමන් දූපත්වල සංස්ථාපනය කරන ලද කල්චර් ෆයිනෑන්ෂල් හෝල්ඩින්ග්ස් සමාගම එකඟතාවයකට පැමිණ තිබේ. ඇමරිකාව පදනම් කරගත් ලොව විශාලතම පුද්ගලික ආයෝජන සමාගමක් වන TPG සමාගමේ ආසියාව ඉලක්ක කරගත් ආයෝජන අරමුදල වන TPG Asia VI,L.P., සහ එයට අනුබද්ධ…

(0)Comments | August 14, 2014 10:55 am

ප්‍රකට ආයෝජක ටී.සෙන්තිල්වේල්, අමනා ටකෆුල් ලොකු පුටුවට සමුදෙයි

අමානා ටකෆුල් පී.එල්.සී. සමාගමේ අධ්‍යක්ෂවරයෙකු ලෙස කටයුතු කළ කොළඹ කොටස් වෙළඳ පොළේ ප්‍රකට ආයෝජකයෙකු වන ටී.සෙන්තිල්වේල් මහතා එම තනතුරින් ඉල්ලා අස්වී තිබේ. ඉල්ලා අස්වන විට ඔහු සතුව තිබූ අමානා ටකෆුල් කොටස්  ප්‍රමාණය 13,490,421 කි.

(0)Comments | August 14, 2014 7:42 am

Breaking News- කොටස් පොළ කඩඉමක් පනී

කොළඹ කොටස් වෙළඳ පොළේ සමස්ත මිල දර්ශකය (ASPI) මීට සුළු මොහොතකට පෙර ඒකක 7000 සීමාව පසුකිරීමට සමත්වී තිබේ. මීට පෙර සමස්ත මිල දර්ශකය ඒකක 7000 සීමාව පසුකර තිබුණේ 2011 අගෝස්තු මාසයේදීයි. ඊයේ ගනුදෙනු අවසන් වනවිට සමස්ත මිල දර්ශකය ඒකක 6.24 කින් ඉහළ ගොස් ඒකක 6,954.14 ක්වී තිබුණි.

(0)Comments | August 14, 2014 6:52 am

ඉරාක ගැටුම් මැදත් තෙල් මිල වාර්තාගත ලෙස ආපසු හැරේ

යුක්රේනයේ සහ ඉරාකයේ ගැටුම් ඇවිලීමේ අවධානමක් තිබියදී වුවද ලෝක වෙළඳ පොළේ ඛනිජ තෙල් මිල වාර්තාගත ලෙස පහළ ගොස් තිබෙන බව වාර්තාවේ. මේ අනුව, විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ මාස නමයකින් පසුව ලෝක වෙළඳ පොළේ වාර්තාවූ අඩුම ඛනිජ තෙල් මිල මේ වනවිට වාර්තා වන බවයි. බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඩොලර් 103.70 ක් දක්වා අඩුවී තිබෙන අතර…

(0)Comments | August 14, 2014 4:12 am

ASCOT HOLDINGS නැවතුණු ගනුදෙනු වලට යළිත් පණ. යාලට හෝටලයක්

මෙරට ප්‍රකට ආයෝජන සමාගමක් වන ASCOT HOLDINGS විසින් කොළඹ කොටස් වෙළඳ පොළට සිදුකළ නිවේදනයක යම් අඩුපාඩුවක් තිබීම හමුවේ සමාගමේ කොටස් ගනුදෙනුවීම අද උදෑසන කොටස් වෙළඳ පොළ අත්හිට වූවද මේ වනවිට නැවතත් එම කොටස් ගනුදෙනුවීම සඳහා අවස්ථාව ලබාදී තිබේ. කොටස් වෙළඳ පොළ ප්‍රකාශකයෙකු අප සමග සඳහන් කළේ අදාළ නිවේදනයේ තිබූ වැරැද්ද නිවැරදි කර සමාගම ඉදිරිපත් කිරීම…

(0)Comments | August 13, 2014 6:13 am

පාම් ගාඩ්න්ස් හොටෙල්ස් තරු හෝටලයකට සූදානම්

තරු පන්තියේ හෝටලයක් ගොඩනැගීමට සහ දැනට තිබෙන ණය ගෙවා දැමීම වෙනුවෙන් හිමිකම් නිකුතුවක් (Rights Issue) ලෙස නව කොටස් නිකුතුවක් කිරීමට පාම් ගාඩ්න්ස් හොටෙල්ස් පී.එල්.සී. සමාගම සූදානම් වේ. මේ අනුව, සමාගම සඳහන් කරන්නේ මේ යටතේ දැනට සිටින කොටස් කරුවන්ට කොටසක් රුපියල් 55 ක් වන සාමාන්‍ය කොටස් මිලියන 32.4 ක් නිකුත් කරන බවයි. මෙහිදී, දැනට තිබෙන එක්…

(0)Comments | August 13, 2014 4:14 am

ඇඩම් ඉන්වෙස්ට්මන්ට්ස්, පී.සී. ෆාර්මා කොටස් විකිණීම වහාම අවලංගුයි

ඇඩම් ඉන්වෙස්ට්මන්ට්ස් සමාගම විසින් පී.සී. ෆාර්මා සමාගමේ කොටස් වෙනුවෙන් අනිවාර්ය අර්පණයක් (Mandatory Offer) ලබාදී තිබියදීත් එහි කොටස් මිලියන 31 ක් විකුණා දැමීමේ ආන්දෝලනයට තුඩුදුන් ගනුදෙනුව වහාම අවලංගු කරන්නැයි සුරැකුම්පත් හා විනිමය කොමිසම කොළඹ කොටස් වෙළඳ පොළට දැනුම්දී තිබේ. ඇඩම් ඉන්වෙස්ට්මන්ට්ස් සමාගම විසින් පසුගියදා පී.සී. ෆාර්මා සමාගමේ සියයට 30 කට වැඩි කොටස් මිලදී ගත්තේය. සමාගමක සියයට…

(0)Comments | August 11, 2014 9:51 am

පී.සී. හවුස් හෝල්ඩින්ග්ස් කොටස් ගනුදෙනු අත්හිටුවයි

පසුගිය 08 වනදා පී.සී. හවුස් හෝල්ඩින්ග්ස් සමාගම විසින් කොළඹ කොටස් වෙළඳ පොළ වෙත කළ අනාවරණය පිළිබඳව සවිස්තර තොරතුරු ලැබෙන තුරු පී.සී. හවුස් හෝල්ඩින්ග්ස් සමාගමේ කොටස් ගනුදෙනු අත්හිටුවීමට කොළඹ කොටස් වෙළඳ පොළ තීරණය කර තිබේ. පසුගිය සිකුරාදා පී.සී. හවුස් හෝල්ඩින්ග්ස් සමාගම විසින් කොළඹ කොටස් වෙළඳ පොළට අනාවරණය කර තිබුණේ බෙයිකෝ ලින්ක් කාබන්ස් සමාගමේ සියයට 100 ක…

(0)Comments | August 11, 2014 5:14 am