Top News

චෝදනාවට ලක්වූ බැඳුම්කර නිකුතුවට එරෙහිව ජ.වි.පෙ. අල්ලස් කොමිසමට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් එක්තරා ප්‍රාථමික අලෙවිකාර සමාගමකට (Primary Dealer) ප්‍රාග්ධන ලාභයක් ලබාගැනීමට හැකිවන පරිදි වසර 30 කින් කල් පිරෙන භාණ්ඩාගාර බැඳුම්කර පසුගියදා අලෙවි කර ඇතැයි එල්ලවී තිබෙන චෝදනාව පිළිබඳව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට පැමිණිල්ලක් කිරීමට ජනතා විමුක්ති පෙරමුණ සූදානම් බව උතුරු මැද පළාත් සභා මන්ත්‍රී වසන්ත සමරසිංහ මහතා සඳහන් කරයි. ඒ…

(0)Comments | March 10, 2015 4:55 am

සිංගර් ශ්‍රී ලංකා සභාපති පුටුව ආචාර්ය කැලේගමට

සිංගර් ශ්‍රී ලංකා සමාගමේ නව සභාපතිවරයා ලෙස ලබන අප්‍රේල් 01 වනදා සිට ආචාර්ය සමන් කැලේගම මහතා පත්කර තිබෙන අතර සිංගර් ශ්‍රී ලංකා සමාගමේ දිගු කාලයක් සභාපතිවරයා ලෙස සහ අධ්‍යක්ෂවරයෙකු ලෙස කටයුතු කළ හේමක අමරසූරිය මහතා මාර්තු 31 වනදා සිට බලපැවැත්වෙන පරිදි විශ්‍රාම ගොස් තිබේ. ආචාර්ය කැලේගම මහතා මේ වනවිට සිංගර් ෆයිනෑන්ස් සමාගමේ සභාපතිවරයා වන අතර…

(0)Comments | March 9, 2015 11:54 am

චෝදනා එල්ලවන බැඳුම්කර නිකුතුව ගැන ජනපති අවධානය… චෝදනා විභාග කරන්න ත්‍රි පුද්ගල කමිටුවක්

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් එක්තරා ප්‍රාථමික අලෙවිකාර සමාගමකට (Primary Dealer) ප්‍රාග්ධන ලාභයක් ලබාගැනීමට හැකිවන පරිදි වසර 30 කින් කල් පිරෙන භාණ්ඩාගාර බැඳුම්කර පසුගියදා අලෙවි කර ඇතැයි එල්ලවී තිබෙන චෝදනාව සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා උපදෙස් ලබාදී තිබේ. මේ අනුව, මේ පිළිබඳව විමර්ශනය කිරීමට ත්‍රි පුද්ගල කමිටුවක් පත්කරන ලෙස ජනාධිපතිවරයා ජනාධිපති ලේකම්වරයාට…

(0)Comments | March 9, 2015 7:37 am

ලංකා හොස්පිට්ල්ස් අධ්‍යක්ෂ මණ්ඩලයට තවත් දෙදෙනෙක්

ලයිස්තුගත ලංකා හොස්පිට්ල්ස් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයට පත්කළා යැයි පසුගිය බදාදා නිවේදනය කළ සිව්දෙනාට අමතරව තවත් දෙදෙනෙකු පත්කර ඇතැයි සමාගම විසින් අද කොළඹ කොටස් වෙළඳ පොළට දැනුම් දී ඇත. මේ අනුව, මහාචාර්ය සෙරෝෂ මන්දික විජයරත්න මහතා ස්වාධීන නොවන විධායක අධ්‍යක්ෂවරයෙකු ලෙසත් වෛද්‍ය හර්ෂ හේමාල් ගුණසේකර මහතා ස්වාධීන විධායක නොවන අධ්‍යක්ෂවරයෙකු ලෙසත් මාර්තු 03 වනදා සිට බලපැවැත්වෙන…

(0)Comments | March 6, 2015 7:48 am

ලයිස්තුගත සමාගම්වල ලාභ වර්ධනය සිව්වන කාර්තුවේදී පහළට

2014 සිව්වන කාර්තුවේදී මෙරට ලයිස්තුගත සමාගම්වල ඉපැයුම් (earnings) වැඩිවීම මන්දගාමී වී ඇතැයි නවතම සමීක්ෂණ වාර්තාවකින් අනාවරණය වී තිබේ. Capital Alliance Securities (Private) Ltd සමාගම විසින් නිකුත් කර තිබෙන නවතම සමීක්ෂණ වාර්තාවට අනුව කොළඹ කොටස් වෙළඳ පොළේ සමස්ත ඉපැයුම් 2013 වසරේ සිව්වන කාර්තුවට සාපේක්ෂව 2014 සිව්වන කාර්තුවේදී සියයට 9.3 කින් වර්ධනය වී තිබෙන අතර සමස්ත ඉපැයුම්වල…

(0)Comments | March 6, 2015 6:14 am

ලංකා හොස්පිට්ල්ස් අධ්‍යක්ෂ මණ්ඩලයේ මුල් පෙළ එළිදකී

ලයිස්තුගත ලංකා හොස්පිට්ල්ස් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය සඳහා 2015 මාර්තු 03 වනදා සිට බලපැවැත්වෙන පරිදි සාමාජිකයින් 04 දෙනෙකු පත්කර ඇතැයි සමාගම විසින් කොළඹ කොටස් වෙළඳ පොළට දැනුම් දී තිබේ. මේ අනුව, සමාගමේ සභාපතිවරයා සහ ස්වාධීන විධායක නොවන අධ්‍යක්ෂවරයෙකු ලෙස වෛද්‍ය සරත් පරණවිතාන මහතා පත්කර තිබෙන අතර ඩේමියන් ප්‍රනාන්දු මහතාද ස්වාධීන විධායක නොවන අධ්‍යක්ෂවරයෙකු ලෙස පත්කර ඇත….

(0)Comments | March 5, 2015 9:56 am

ගල් අඟුරු ගනුදෙනුවකට සිලෝන් ෂිපිං ලිමිටඩ් හිටපු සභාපති ඇතුළු සිව් දෙනෙකු අත්අඩංගුවට

ලක් විජය බලාගාරයට ආනයනය කළ ගල් අඟුරු තොගයක් කැබිනට් අනුමැතියකින් තොරව ඉන්දියානු සමාගමකට ලබාදීමෙන් රජයේ දේපොළ සම්බන්ධයෙන් සාපරාධී විශ්වාසය කඩ කිරීමට සැකපිට සිලොන් ෂිපිං ලිමිටඩ් ආයතනයේ හිටපු සභාපති කාංචන රත්වත්ත, විදුලිබල හා බලශක්ති අමාත්‍යංශයේ එම්.සී. දෙල්ගොඩ, මහා භාණ්ඩාගාරයේ ආර්.එම්.කේ. රණතුංග සහ වරාය අධිකාරියේ ආර්.එච්. ජයවික‍්‍රම යන අය අත්අඩංගුවට ගත්බව රජය කියයි. 2012 සහ 2013 වර්ෂ…

(0)Comments | March 4, 2015 12:21 pm

මෙන්න! ටෙලිකොම් අළුත් ප්‍රධාන විධායක නිළධාරී

ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ සමූහ ප්‍රධාන විධායක ලෙස 2015 මාර්තු 13 වනදා සිට බලපැවැත්වෙන පරිදි දිලීප විජේසුන්දර මහතා පත්කර තිබේ. මෙම තනතුර දැරූ ලලිත් ද සිල්වා මහතා මාර්තු 13 වනදා සිට ඉවත් වී ඇත. දිලීප විජේසුන්දර මහතා සිවිල් ඉංජිනේරු විද්‍යාව පිළිබඳව උපාධියක් එංගලන්තයේ කින්ග්ස්ටන් විශ්ව විද්‍යාලයෙන් ලබා තිබේ.

(0)Comments | March 4, 2015 7:00 am

Swedish Trading වෝල්වෝ සමාගමට එරෙහිව වාරණ නියෝගයක් ගනී

ස්වීඩනයේ සුප්‍රකට වෝල්වෝ මෝටර් රථ සමාගමේ නිෂ්පාදන බෙදාහැරීමේ සහ අලෙවියේ මෙරට නියෝජිතයා වන ස්වීඩිෂ් ට්‍රේඩිං කම්පනි ලිමිටඩ් සමාගම හැර වෙනත් පාර්ශවයක් නියෝජිතයා, බෙදාහරින්නා සහ පාර්ශවකරුවා ලෙස වෝල්වෝ මෝටර් රථ කෝපරේෂන් සමාගම විසින් පත්කිරීම වලක්වාලමින් වාරණ නියෝගයක් ස්වීඩිෂ් ට්‍රේඩිං කම්පනි ලිමිටඩ් සමාගම විසින් ලබාගෙන තිබේ. මෙහිදී, ස්වීඩිෂ් ට්‍රේඩිං කම්පනි ලිමිටඩ් සමාගම පවසා තිබෙන්නේ වසර 30 කට…

(0)Comments | March 3, 2015 5:53 am

හේමාස් හෝල්ඩින්ග්ස් වෙත විදේශීය අරමුදල්වල ඇස

හේමාස් සමූහ ව්‍යාපාරය ආරම්භ කළ ඉසුෆලි (Esufally) පවුලේ සමාජිකයින්ද ඇතුළත් හේමාස් හෝල්ඩින්ග්ස් පී.එල්.සී. සමාගමේ ප්‍රධාන කොටස්කරුවන් විසින් සමාගම විසින් නිකුත් කිරීමට සූදානම් වන නව කොටස් මිලදී නොගන්නා බවත් විදේශීය ආයතනික අරමුදල් සහ දේශීය ආයෝජකයින් මෙම කොටස් මිලදීගැනීම සඳහා දැඩි උනන්දුවක් දක්වා තිබෙන බවත් හේමාස් හෝල්ඩින්ග්ස් පී.එල්.සී. සමාගම කියයි. සමාගම සඳහන් කර තිබෙන්නේ මුර්ටාසා ඉසුෆලි, හුසේන්…

(0)Comments | March 3, 2015 5:19 am