Top News

හිටපු ජනාධිපතිට අවශ්‍යනම් අගමැති අපේක්ෂකයා විය හැකියැයි ඇමති රාජිත කියයි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට අගමැති අපේක්ෂකයා වීමේ අවශ්‍යතාවයක් ඇත්නම් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග සාකච්ඡා කොට එම අවස්ථාව ලබාගැනීමට හැකියාව ඇතැයි සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා කීය. කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා ඊයේ මේ බව පැවසීය. අගමැති අපේක්ෂකයා වීමට මහින්ද රාජපක්ෂ මහතා රැළි පැවැත්වීමේ අවශ්‍යතාවයක් නැතැයි අමාත්‍යවරයා මෙහිදී…

(0)Comments | February 20, 2015 5:29 am

හයිබ්‍රීඩ් වාහන බද්ද නිසා මොකද වෙන්නෙ? -Video Interview

නව රජයේ අතුරු අයවැය මගින් හයිබ්‍රීඩ් වාහන ආනයනය කිරීමේදී පනවා තිබෙන විශාල බදු හේතුවෙන් එවැනි වාහනවල මිල විශාල ලෙස වැඩිවන තත්ත්වයක් මේ වනවිට ඇතිවී තිබේ. මෙම බදු වලට විරෝධය දක්වමින් ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය සඳහන් කරන්නේ මේ නිසා සිය කර්මාන්තය කඩා වැටීමේ දැඩි අවධානමක් තිබෙන බවයි. අද දෙරණ 24X7 නාලිකාවේ BIZ 24X7 වැඩසටහන සමග ලංකා…

(0)Comments | February 19, 2015 7:04 am

රවී-ලගාර්ඩ් සාකච්ඡා සාර්ථකලු. IMF ලොක්කෙක් ළඟදීම එයි

මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂවරිය වන ක්‍රිස්ටීන් ලගාර්ඩ් (Christine Largarde) මහත්මිය සමග වොෂින්ටනයේදී සිදුකළ සාකච්ඡා වලින් පසුව මූල්‍ය අරමුදලේ කළාපීය ප්‍රධානීයා ළඟදීම ලංකාවට පැමිණීමට සූදානම් වේ. මෙම සාකච්ඡා පිළිබඳව මුදල් අමාත්‍යවරයා සහ මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂවරිය ඒකාබද්ධව නිකුත් කර තිබෙන නිවේදනයේ දැක්වෙන්නේ මෙම සාකච්ඡා සාර්ථක බවත් මෙහිදී ලංකාවේ ආර්ථික කරුණු…

(0)Comments | February 19, 2015 6:19 am

“කාර්ගීල්ස් ෆුඩ් සිටි“ නැංවීමට ලෝක බැංකුවෙන් එයි

කාර්ගීල්ස් (සිලෝන්) පී.එල්.සී සමාගමට අනුබද්ධ කාර්ගීල්ස් ෆුඩ්ස් කම්පනි ප්‍රයිවට් ලිමිටඩ් (CFC) සමාගමේ 8% ක කොටස් ප්‍රමාණයක් වෙනුවෙන් රුපියල් මිලියන 2,550 ක මුදල් ආයෝජනය කිරීමට ලෝක බැංකු සමූහයේ සාමාජික ආයතනයක් වන ජාත්‍යන්තර මූල්‍ය සමායතනය (IFC) ඉදිරිපත් වී තිබේ. මෙම ආයෝජනය මගින් බලාපොරොත්තු වන්නේ සමාගම විසින් සිදුකරන සිය ශාඛා ජාලය පුළුල් කිරීමට සහ සැපයුම් දාමයේ කාර්යක්ෂමතාවය වර්ධනය…

(0)Comments | February 18, 2015 12:51 pm

මෙන්න! අළුත්ම කොටස් නිකුතුව

සිංහ හොස්පිට්ල්ස් ලිමිටඩ් සමාගම මහජන කොටස් නිකුතුවක් කිරීමට සූදානම් වන අතර මෙහිදී සාමාන්‍ය කොටස් මිලියන 100 ක් නිකුත් කිරීම මගින් රුපියල් මිලියන 250 ක් රැස්කර ගැනීමට සැලසුම් කර තිබේ. සමාගම කොළඹ කොටස් වෙළඳ පොළට දැනුම් දී තිබෙන්නේ මෙම නිකුතුවේදී එකක් රුපියල් 2.50 ක් වන සාමාන්‍යය ඡන්ද සහිත කොටස් මිලියන 100 ක් නිකුත් කරන බවයි. නිකුතුව…

(0)Comments | February 18, 2015 6:56 am

Breaking News -රක්ෂණ සංස්ථාවේ නව කළමනාකාර අධ්‍යක්ෂ, බන්ග්සා ජයා

ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ නව කළමනාකාර අධ්‍යක්ෂවරයා ලෙස විශ්‍රාමලත් පොලිස් නිළධාරියෙකු වන බන්ග්සා ජයා (Bangsa Jayah) මහතා පත්කර තිබේ. ඔහු මෙම පත්වීම ලබා තිබෙන්නේ 2015 පෙබරවාරි 13 වනදා සිට බලපැවැත්වෙන පරිදිය. ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ සභාපති ලෙස කීර්තිමත් ව්‍යවසායකයෙකු වන හේමක අමරසූරිය මහතා පත්කර ඇතැයි අප මීට පෙර වාර්තා කළේය. රක්ෂණ සංස්ථාව අයත් වන්නේ මුදල්…

(0)Comments | February 17, 2015 5:54 am

පීටර් හිල්, නැවතත් ශ්‍රී ලංකන් වෙත එයි

ශ්‍රී ලංකන් ගුවන් සමාගම එමිරේට්ස් විසින් කළමනාකරණය කළ අවධියේ එහි ප්‍රධාන විධායක නිළධාරීවරයා ලෙස කටයුතු කළ සිවිල් ගුවන් සේවා අංශයේ ප්‍රවීණයෙකු වන පීටර් හිල් මහතා ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ උපදේශකයෙකු ලෙස වසරක කාලයක් සඳහා බඳවාගෙන තිබේ. 2008 වසරේදී පීටර් හිල් මහතා ඕමාන් එයාර් සමාගමේ ප්‍රධාන විධායක නිළධාරීවරයා බවට පත්වූ අතර 2011 දෙසැම්බර් මාසයේදී ඔහු ඕමාන්…

(0)Comments | February 16, 2015 4:27 am

ශ්‍රී ලංකා රක්ෂණයේ මුල් පුටුව හේමකට

ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ ප්‍රධානියා ලෙස මෙරට ප්‍රමුඛතම ව්‍යවසායකයෙකු වන හේමක අමරසූරිය මහතා පත්කළ බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා අප සමග පැවසීය. හේමක දේවප්‍රිය සෙනරත් අමරසූරිය මහතා ශ්‍රී ලංකා කර්මාන්ත සංගමයේ සමාරම්භක සභාපතිවරයා වන අතර පුද්ගලික සමාගම් ගණනාවකම ප්‍රධානියා ලෙස කටයුතු කර ඇත.

(0)Comments | February 15, 2015 3:19 am

බ්ලූම්බර්ග් සමග ඩොලර් මිලියන 02 ක ප්‍රවර්ධනයකට ලංකාව සූදානම්

මෙරට සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම සඳහා ලොව සුප්‍රකට ව්‍යාපාරික මාධ්‍ය ආයතනයක් වන බ්ලූම්බර්ග් සමග ඩොලර් මිලියන 02 ක් වැයවන ප්‍රවර්ධන වැඩසටහනක් කිරීමට ලංකාව සූදානම් බව ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යංශයේ සභාපති රොහාන්ත අතුකෝරළ මහතා කියයි. මෙම ප්‍රවර්ධන වැඩසටහන ක්‍රියාත්මක වන්නේ වසරක කාලයක් සඳහායි. බ්ලූම්බර්ග් රූපවාහිනී නාලිකාව රටවල් 40 කට වැඩි ගණනක විකාශය වන අතර ඒ…

(0)Comments | February 15, 2015 3:18 am

යාපනයේ භූගත ජලය දූෂණයවීම ගැන එම්.ටී.ඩී වෝකර්ස් උත්තර දෙයි

කට කථාවන්ට සහ හැඟීම්වලට වහල් වී යාපනයේ භූගත ජලය දූෂණය වීමේ ප්‍රශ්නයට වැරදි විසදුම් ගතහොත් ප්‍රශ්නය තව තවත් උග්‍රවීමේ අවදානමක් පවතින බව උතුරට විදුලි බලය සපයන ‘නෝදර්න් පවර් (පෞද්) සමාගම’ හා එම සමාගමේ මව් සමාගම වන එම්.ටී.ඩී වෝකර්ස් පී.එල්.සී. සමාගම කියයි. “පොදුවේ මෙරට පරිසරයටත් විශේෂයෙන් යාපනයේ භූගත ජල සම්පත සම්බන්ධයෙනුත් අප විසින් කිසිම හානියක් සිදුකර…

(0)Comments | February 15, 2015 2:30 am