Top News

කොළඹට පැමිණි බාල පෙට්රල් නැව ගැනයි මේ

නිසි ප්‍රමිතියට නොමැති යැයි රසායනාගාර පරීක්ෂණ මගින් තහවුරු කරගත් සිංගප්පූරු සමාගමකින් ගෙනා පෙට්රල් මෙට්ට්‍රික් ටොන් 10,000 ක් නැවත හරවා යවන බව ඛනිජ තෙල් සංස්ථාවේ සභාපති සිරිසේන අමරසේකර මහතා අප සමග පැවසීය. අමරසේකර මහතා පැවසුවේ මෙම නැව මේ වනවිට කොළඹ වරායේ තිබෙන බවත් එමගින් ගෙනා ඩීසල් මෙට්ට්‍රික් ටොන් 20,000 ක තොගය නිසි ප්‍රමිතියට තිබූ නිසා සංස්ථාව…

(0)Comments | October 20, 2014 5:00 am

ඛනිජ තෙල් මිල වාර්තාගත ලෙස පහළට. සෞදියට ඔපෙක් රට වලින් චෝදනා

ලෝක වෙළඳ පොළට සැපයෙන බොරතෙල් ප්‍රමාණය වැඩිවීම නිසා බොරතෙල් මිල ගණන් මාස 47 කට පසුව වාර්තාවූ අඩුම අගය දක්වා පහත බැස තිබේ. මේ අනුව, බොරතෙල් බැරලයක මිල ඩොලර් 80 කට ආසන්න අගයක් දක්වා පහත වැටී තිබෙන අතර සෞදි අරාබිය විසින් ලෝක වෙළඳ පොළට සපයන බොරතෙල් ප්‍රමාණය අඩු නොකර සැපයීම මෙම පහත වැටීමට ප්‍රධානතම හේතුවයි. මේ…

(0)Comments | October 16, 2014 1:04 pm

ලිහිසි තෙල් මිශ්‍ර කරන්න මැලේසියානු සමාගමක් කොළඹට

ලංකා ඛනිජ තෙල් සංස්ථාව සමග මේ වනවිටත් මෙරට ලිහිසි තෙල් අලෙවි කරන මැලේසියාවේ Hyrax Oil Sdn. Bhd සමාගම ඩොලර් මිලියන 10 ක් ආයෝජනය කරමින් ලිහිසි තෙල් මිශ්‍ර කිරීමේ කර්මාන්ත ශාලාවක් මෙරට ආරම්භ කිරීම සඳහා කටයුතු කරමින් සිටින බව මැලේසියාවේ ආනයන අපනයන බැංකුවේ (EXIM Bank) ප්‍රධානියා කොළඹදී කියයි. මැලේසියාවේ ආනයන අපනයන බැංකුවේ (EXIM Bank) සභාපති, ඩාටෝ…

(0)Comments | October 16, 2014 4:37 am

තහනම වලක්වා නොගත්තොත් මත්ස්‍ය අපනයන වලින් අඩක් අනතුරේ

යුරෝපීය කොමිසම පවසා තිබෙන ආකාරයට ලබන ජනවාරි මාසයේ සිට ලංකාවෙන් යුරෝපීය සංගමය මිලදීගන්නා මත්ස්‍යය නිෂ්පාදන නවතා දැමුවහොත් එයින් මෙරට ආර්ථිකයට මරු පහරක් එල්ල වනු ඇත. මේ නිසා, ඉතාමත් සාර්ථක ලෙස යුරෝපීය සංගමයට මෙරට සමාගම් විසින් සිදුකරමින් තිබෙන මත්ස්‍ය අපනයන කර්මාන්තය කඩා වැටීමට හැකි අතර ඒ තුළින් මෙරටට ලැබෙන විදේශ විනිමය අහිමිවීමත් මෙරට බොහෝ ධීවර ජනතාවගේ…

(0)Comments | October 15, 2014 12:00 pm

දෝෂ සහිත කාර් ලක්ෂ 17 ක් ටොයොටා නැවත කැඳවයි

ලෝකයේ ප්‍රමුඛතම මෝටර් රථ නිෂ්පාදන සමාගමක් වන ජපානයේ ටොයොටා සමාගම විසින් තමන් අලෙවි කර තිබෙන විවිධ දෝෂ සහිත මෝටර් රථ මිලියන 1.75 ක එම දෝෂ නිවැරදි කිරීම සඳහා ඒවා නැවතත් සමාගම වෙත කැඳවීමට තීරණය කර ඇත. මෙම මෝටර් රථ අතර ශ්‍රී ලංකාවට විකුණා තිබෙන මෝටර් රථ තිබේදැයි අනාවරණය නොවන අතර මීට පෙර මෙවැනි දෝෂ තිබූ…

(0)Comments | October 15, 2014 10:36 am

ඇති තරම් විනෝද වෙන්න, “tour de citrus“ සමග එක්වන්න

වස්කඩුව ප්‍රදේශයේ පාපැදිකරුවන් මුහුණ දෙන අනතුරු අවම කර ගැනීමේ අරමුණෙන් ඔවුන්ගේ පා පැදි වලට අලෝක පරාවර්තක (reflecting lights) ප්‍රදානය කිරීමේ සමාජ සත්කාරක වැඩසටහනක් සිට්‍රස් වස්කඩුව හෝටලය විසින් දියත් කරයි. මේ වෙනුවෙන් පැවැත්වෙන “ටුවර් ඩි සිට්‍රස්“ පාපැදි සවාරිය ඔක්තෝම්බර් 18 වනදා උදෑසන 6.30 කොළඹ ලිබර්ටි ප්ලාසා ආර්කේඩ් අසලින් ආරම්භ වී වස්කඩුව සිට්‍රස් හෝටලයට පැමිණීමට කටයුතු යොදා…

(0)Comments | October 15, 2014 10:01 am

ධම්මික පෙරේරා ඇළුමිනියම් බලයත් අල්ලයි

ශ්‍රී ලංකාවේ ටයිල් ව්‍යාපාරයේ ඒකාධිකාරය මේ වනවිට නතුකරගෙන තිබෙන ප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා නායකත්වය දෙන හේලීස් සමූහය විසින් ගෘහ නිර්මාණ සඳහා ඇළුමිනියම් නිෂ්පාදන කටයුතු කරන Alufab PLC සමාගමේ සියයට 60.6 ක කොටස් රුපියල් මිලියන 167.9 කට අද උදෑසන මිලදීගෙන තිබේ. ගිවිසගත් ගනුදෙනුවක් (Crossing) ලෙසින් සිදුවූ මෙහිදී කොටසක් රුපියල් 23 ක් බැගින් කොටස් මිලියන 7.3…

(0)Comments | October 15, 2014 6:55 am

හේමාස් පවර් විකිණීම තීන්දුයි

හේමාස් පවර් පී.එල්.සී. සමාගම තුළ හේමාස් හෝල්ඩින්ග්ස් සමාගම සතුව තිබෙන සියයට 75 ක සියළුම කොටස් අයිතිය රුපියල් බිලියන 1.68 කට NDB Capital, ACL Cables සහ Trydan Partners යන ව්‍යාපාරික හවුලට විකුණා දැමීමට හේමාස් හෝල්ඩින්ග්ස් සමාගම ගිවිසුමකට එළඹ තිබේ. මේ අනුව, මෙම ගනුදෙනුවේදී විකුණා දමන කොටස් ප්‍රමාණය මිලියන 93.9 ක් වන අතර හේමාස් පවර් සමාගම විසින්…

(0)Comments | October 15, 2014 4:20 am