විද්‍යාඥයෙකු මෙන්ම ඉංජිනේරුවරයෙකු වන ආචාර්ය සේන යද්දෙහිගේ මහතා නායකත්වය දෙන රිචඩ් පීරිස් සමූහයට අයත් රිචඩ් පීරිස් ආපිකෝ ෆයිනෑන්ස් සමාගම Chilaw Finance PLC සමාගමේ සියයට 51 ක කොටස් මිලදීගැනීම සඳහා අවබෝධතා ගිවිසුමකට එළඹ තිබේ. ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය අංශය ඒකාබද්ධ කිරීමේ වැඩසටහන යටතේ මෙම ගිවිසුමට එළඹ තිබෙන අතර මේ යටතේ රිචඩ් පීරිස් සමූහයට අයත් රිචඩ්…
ඩොලර් මිලියන 250 ක් රැස්කර ගැනීම සඳහා ජාතික ඉතිරි කිරීමේ බැංකුව අද පස් අවුරුදු ජාත්‍යන්තර බැඳුම්කර නිකුතුවක් සිදුකළ අතර බ්ලූම්බර්ග් පුවත් සේවාව සඳහන් කරන්නේ එහි මූලික මාර්ගෝපදේශනය (Initial Guidance) සියයට 5.5 ක් බවයි. මෙම නිකුතුවේ විකුණුම් කළමනාකරුවන් (Sale managers) ලෙස Barclays, Citigroup, HSBC කටයුතු කරයි. මෙම ජාත්‍යන්තර බැඳුම්කර නිකුතුව සඳහා ෆිච් රේටින්ග්ස් ජාත්‍යන්තර ණය වර්ගීකරණ…
මෙරට මූල්‍යායතන ඒකාබද්ධ කිරීමේ ශ්‍රී ලංකා මහ බැංකු වැඩසටහන යටතේ කොමර්ෂල් බැංකුව විසින් බලපත්‍රලාභී ඉන්ද්‍රා ෆයිනෑන්ස් සමාගමේ සම්පූර්ණ කොටස් ප්‍රමාණයම රුපියල් මිලියන 870 කට අද මිලදීගෙන තිබේ. කොමර්ෂල් බැංකුව විසින් මෙම මිලදී ගැනීම සිදුකරන බව පසුගිය ජූලි මාසයේදී හෙළිදරව් කර තිබුණි. මෙම ගනුදෙනුවට අනුව කොමර්ෂල් බැංකුව විසින් ඉන්ද්‍රා ෆයිනෑන්ස් සමාගමේ සාමාන්‍ය කොටස් මිලියන 21.6 ක්…
පොල් ආශ්‍රිත නිෂ්පාදන, කාබනික නිෂ්පාදන සහ තේ නිපදවන Renuka Shaw Wallace සමාගමේ නම වෙනස් කිරීමට සමාගම තීන්දු කර තිබේ. මේ අනුව, සමාගමට අළුතින් ලබාදී තිබෙන නාමය Renuka Foods PLC වේ.
මෙරට ප්‍රමුඛතම රාජ්‍ය බැංකුවක් වන ලංකා බැංකුව ණයකර නිකුතුවක් මගින් මුල් අදියරේදී රුපියල් බිලියන 04 ක මුදලක් රැස්කිරීමට සූදානම් වන අතර එම නිකුතුවට අධි ඉල්ලුමක් ඇති වුවහොත් ණයකර නිකුතුවේ දෙවන අදියරද සිදුකරමින් තවත් රුපියල් බිලියන 04 ක් රැස්කර ගැනීමට සූදානම් වේ. මෙම නිකුතුව ලයිස්තුගත කිරීමට කොළඹ කොටස් වෙළඳ පොළ විසින් අනුමැතිය ලබාදී ඇත. නිකුතුව යටතේ…
මේ වසර වෙනුවෙන් මෙරටට ඩොලර් බිලියන 2.5 ක සෘජු විදේශීය ආයෝජන ගෙන්වා ගැනීමට රජය ඉලක්ක කර තිබේ. කෙසේවෙතත්, 2014 මුල් මාස 06 තුළදී මෙරටට පැමිණ තිබෙන්නේ ඩොලර් මිලියන 817 කට ආසන්න සෘජු විදේශීය ආයෝජන ප්‍රමාණයකුයි. මේ නිසා, මේ වසරේ ඉලක්කය සපුරා ගැනීමට හැකිවේදැයි ආයෝජන ප්‍රවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතාගෙන් අප විමසීමක් කළා. “මුල් මාස…
ඉදිකිරීම්, නිෂ්පාදන, සහ ඉංජිනේරු කටයුතු පිළිබඳව දේශීයව මෙන්ම විදේශීයව ප්‍රසිද්ධියක් උසුලන MTD Walkers PLC සමාගම විසින් රුපියල් මිලියන 2,174 කට දේපොළ සංවර්ධන කටයුතු, ගොඩනැගිලි කොන්ත්‍රාත්, යාන්ත්‍රික හා විද්්‍යුත් ඉංජිනේරු කටයුතු සිදුකරන Wincon Development Ceylon (Private) Limited සමාගම මිලදී ගැනීමට සූදානම් වේ. මේ අනුව, Wincon Development Ceylon (Private) Limited සමාගමේ සියළුම කොටස් එකක් රුපියල් 4.01 ක්…
ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සහ සීෂෙල්ස් රාජ්‍යයේ ආයෝජන මණ්ඩලය අතර අද පෙරවරුවේ කොළඹදී අවබෝධතා ගිවිසුමක් අත්සන් කළ අතර ඒ තුළින් මෙරට කොන්ත්‍රාත්කරුවන්ට සීෂෙල්ස් රාජ්‍යයේ ව්‍යාපාරික අවස්ථාවන් ලැබෙනු ඇතැයි විශ්වාස කරන බව ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පැවසීය. මෙම අවස්ථාවට සහභාගී වූ සීෂෙල්ස් රාජ්‍යයේ වෙළඳ හා ආයෝජන අමාත්‍ය පියරේ ලැපෝර්ට් (pierre Laporte) සඳහන් කළේ…
Video Story