අද උදෑසන මුදල් වෙළඳ පොළේ ගනුදෙනු වලදී ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල අව ප්‍රමාණය විය. මේ අනුව, මුදල් වෙළඳුන් පවසන්නේ ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ විකුණුම් මිල 130.75 ක් සහ මිලදී ගැනීමේ මිල 130.65 ක්වී තිබෙන බවයි. මෙයට හේතුව වෙළඳ පොළේ ඩොලර් සඳහා තිබෙන ඉල්ලුමයි
අද කොළඹ කොටස් වෙළඳ පොළේ ගනුදෙනු පහළ ගියත් පිට පිටම හයවන දිනයටත් විදේශීය ආයෝජකයින් වැඩිපුර කොටස් විකුණනවාට වඩා මිලදී ගනු දකින්නට ලැබුණි. මේ අනුව, අද දිනයේදී විදේශීය ශුද්ධ මිලදී ගැනීම්වල වටිනාකම රුපියල් මිලියන 95 ක් විය. මෙහිදී, විදේශීය ආයෝජකයින් රුපියල් මිලියන 258 ක් වටිනා කොටස් මිලදී ගත් අතර රුපියල් මිලියන 163 ක් වටිනා කොටස් විකුණා…
මේ සතියේ පැවති භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේදී පොලී අනුපාත පහළ ගොස් තිබේ. මේ අනුව, මාස තුනකින් කල්පිරෙන භාණ්ඩාගාර බිල්පත්වල පොලී අනුපාතය පදනම් අංක 02 කින් පහළ ගොස් සියයට 6.69 ක්වී තිබෙන අතර මාස හයකින් කල් පිරෙන භාණ්ඩාගාර බිල්පත් පොලිය පදනම් අංක 03 කින් පහළ ගොස් සියයට 6.85 ක්වී ඇත. මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව පවසන්නේ අවුරුද්දකින්…
රටවල් 54 ක ක්‍රියාත්මක සිසුන් 26,000 කට වැඩි පිරිසක් අධ්‍යාපනය ලබන ඉන්දියාවේ මනිපාල් විශ්ව විද්‍යාලයේ ශාඛාවක් සහ සිංගප්පූරුවේ රැෆල්ස් විශ්ව විද්‍යාලයේ ශාඛාවක් ශ්‍රී ලංකාවේ පිහිටුවීමට සූදානම් වනබව අනාවරණය වේ. මේ පිළිබඳව අප සමග අදහස් දක්වමින් උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් ආචාර්ය සුනිල් ජයන්ත නවරත්න පැවසුවේ මෙම විශ්ව විද්‍යාලවල බලධාරීන් විසින් මේ පිළිබඳව උසස් අධ්‍යාපන අමාත්‍යංශය සමග…
රබර් වගා කිරීම සඳහා පස, දේශගුණය සහ අනිකුත් සාධක ගැලපෙන උතුරු-නැගෙනහිර ප්‍රදේශ කිහිපයක් යොදා ගනිමින් සිදුකළ පරීක්ෂණය සාර්ථක වූ බවත් අම්පාර දිස්ත්‍රික්කයේ පදියතලාව, මහඔය සහ උහන ප්‍රදේශ වලත් උතුරු පළාතේ මාමඩුව හා මඩුකන්ද ප්‍රදේශ වලත් වාණිජ බෝගයක් ලෙස රබර් වගාකිරීම ඇරඹූ බව රබර් පර්යේෂණ ආයතනයේ ප්‍රධානියා කියයි. රබර් පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ, ආචාර්ය ගාමිණී සෙනෙවිරත්න අප…
ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම පුද්ගලික විශ්ව විද්‍යාලයක් ආරම්භ කිරීමට සූදානම් වනබව අනාවරණය වේ. උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් ආචාර්ය සුනිල් ජයන්ත නවරත්න මහතා මේ පිළිබඳව අදහස් දක්වමින් පැවසුවේ මේ සඳහා සමාගම විසින් අනුමැතිය ඉල්ලා තිබෙන බවත් මෙම විශ්ව විද්‍යාලය කොළඹ ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙන බවයි. මෙම විශ්ව විද්‍යාලයේ විදුලි සංදේශ අංශයට අදාළ උපාධි පාඨමාලා පැවැත්වීමට…
සමාගම විසින් අභ්‍යන්තර මූල්‍ය වාර්තා කොටස් වෙළඳ පොළට ඉදිරිපත් කරන තුරු අර්බුදයට පත්ව තිබෙන ටච්වුඩ් ඉන්වෙස්ට්මන්ට්ස් රුක් රෝපණ සමාගමේ කොටස් කොළඹ කොටස් වෙළඳ පොළේ ගනුදෙනු කිරීම අත්හිටුවීමට සුරැකුම් පත් හා විනිමය කොමිසම විසින් තීරණය කර තිබේ. මේ අනුව, ටච්වුඩ් ඉන්වෙස්ට්මන්ට්ස් සමාගමේ කොටස් ගනුදෙනු කිරීම වහාම අත්හිටුවන ලෙස විනිමය කොමිසම විසින් කොළඹ කොටස් වෙළඳ පොළට දැනුම්…
අද කොළඹ කොටස් වෙළඳ පොළ ගනුදෙනු පහළ ගිය අතර සමස්ත මිල දර්ශකය ඒකක 13.04 කින් පහළ ගොස් ඒකක 5,944.57 ක් වෙද්දී එස් ඇන්ඩ් පී ශ්‍රී ලංකා දර්ශකය ඒකක 12.17 කින් පහළ ගොස් ඒකක 3,240.12 බවට පත්වුණි. මෙහිදී, සී.ටී. හෝල්ඩින්ග්ස් සමාගමේ කොටසක මිල රුපියල් 03 කින් පහළ ගොස් කොටසක මිල රුපියල් 139 ක්වූ අතර ඩී.එෆ්.සී.සී. බැංකුවේ…
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ඊයේ නිකුත් කළ ඩොලර් මිලියන 187 ක බැඳුම්කර නිකුතුවේ ඩොලර් වෙළඳ පොළට පැමිණීම හමුවේ අද දිනයේදී ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල ශක්තිමත් වී තිබේ. මේ අනුව, අද දිනයේ ගනුදෙනු ආරම්භයේදී ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ විකුණුම් මිල 130.60 ක්වූ අතර ගැනුම් මිල 130.55 ක් විය. දිනයේ ගනුදෙනු අවසානයේදී රුපියේ විකුණුම් මිල 130.55…
මූල්‍ය අර්බුදයට පත්ව තිබෙන ටච්වුඩ් රුක් රෝපණ සමාගම පිළිබඳව සුරැකුම් පත් හා විනිමය කොමිසම විසින් සිදුකළ දැඩි පරීක්ෂණයෙන් අයථා ගනුදෙනු රැසක් සොයාගෙන තිබෙන බවත් එයට එරෙහිව මේ වනවිටත් ක්‍රියා මාර්ග ගෙන තිබෙන බවත් සුරැකුම් පත් හා විනිමය කොමිසමේ ප්‍රධානී ආචාර්ය නාලක ගොඩහේවා මහතා කියයි. ආචාර්ය නාලක ගොඩහේවා මහතා අප සමග පැවසුවේ මෙම පරීක්ෂණයෙන් මේ වනවිට…
Video Story