2025‑04‑15 සිට 2025‑10‑14 දක්වා මාස හයක කාලයක් සඳහා පෙට්‍රල් 92 Unl බැරල් 300,000+/-5%ක් බැගින් වූ නැව් තොග 05ක් මිල දී ගැනීම සඳහා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ලියාපදිංචි සැපයුම්කරුවන්ගෙන් ලංසු කැඳවා තිබේ. ඒ සඳහා සැපයුම්කරුවන් 07 දෙනෙකු ලංසු ඉදිරිපත් කර ඇත. ස්ථාවර තාක්ෂණික ඇගයීම් කමිටුවේ සහ අමාත්‍ය මණ්ඩලය විසින් පත් කළ විශේෂ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ…
මුදල් ප්‍රතිපත්ති රාමුව පිළිබඳ ගිවිසුමෙහි දක්වා ඇති උද්ධමන ඉලක්කයෙන් මතුපිට උද්ධමනය 2024 තුන්වන සහ හතරවන කාර්තු තුළ අපගමනය වීම පිළිබඳ වාර්තාව පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීම 2023 අංක 16 දරන ශ්‍රී ලංකා මහ බැංකු පනතේ 26(1) වගන්තිය යටතේ මුදල් අමාත්‍යවරයා සහ ශ්‍රී ලංකා මහ බැංකුව අතර 2023‑10‑03 දින අත්සන් තබන ලද මුදල් ප්‍රතිපත්ති රාමුව පිළිබඳ ගිවිසුමට…
කන්කසන්තුරේ, පරන්තන් හා මාන්කුලම් යෝජිත ආයෝජන කලාපවල යටිතල පහසුකම් ඉක්මනින් අවසන් කර මෙම වසරේ තුන්වන කාර්තුව අවසානයේදී ආයෝජකයින්ට තම ව්‍යාපෘති ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීමට හැකි ලෙස මූලික පියවරයන් වේගවත් කරන ලෙස ආයෝජන මණ්ඩල සභාපති අර්ජුන හේරත් මහතා අදාල රාජ්‍ය නිළධාරීන්ගෙන් ඉල්ලා සිටියේය. උතුරු පලාත් ආණ්ඩුකාරවරයාගේ ප්‍රධානත්යෙන් යාපනයේ ආණ්ඩුකාර කාර්යාලයේ පැවති උතුරු පලාතේ ආයෝජන කලාප ස්ථාපිත…
මත්පැන් මත අයකරන සුරාබදු ආදායම මේ වසරේ පළමු කාර්තුවේදීම සැලකියයුතු ලෙස ඉහළට 2025 පළමු කාර්තුව සඳහා රුපියල් බිලියන 61 ක දැවැන්ත සුරා බදු ආදායමක් වාර්තා කිරීමට හැකි වූ බව සුරාබදු කොමසාරිස් ජනරාල් යූ. එල්. උදයකුමාර පෙරේරා මහතා සඳහන් කරයි. සුරාබදු දෙපාර්තමේන්තුව 2025 වසර සඳහා රුපියල් බිලියන 242 ක ආදායම් ඉලක්කයක් ලබාගැනීමේ අරමුණින් දීපව්‍යාප්තව නව සැලැස්මක්…
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) නව ශ්‍රී ලංකා දූත මණ්ඩල ප්‍රධානියා වශයෙන් එවන් පපාජියෝරිජියෝ (Evan Papageorgiou) මහතා පත් කර තිබේ. ඒ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මෙරට දූත මණ්ඩල ප්‍රධානියා වශයෙන් මෙතෙක් කලක් කටයුතු කළ පීටර් බෘෘවර් මහතා (Peter Breuer) සිය ධුර කාලය අවසන් කරමින් ශ්‍රී ලංකාවෙන් නික්මයාමත් සමඟිනි. ශ්‍රී ලංකාව මෙතෙක් ඉතිහාසයේ මුහුණපාන ලද දරුණුතම ආර්ථික අර්බුදයට…
ඉන්දියාවේ විශාලතම ඒකාබද්ධ ප්‍රවාහන උපයෝගීතා සේවා සපයන්නා වන Adani Ports and Special Economic Zone Ltd. (APSEZ), කොළඹ වරායේ පිහිටා ඇති කොළඹ බටහිර ජාත්‍යන්තර පර්යන්තයේ (CWIT) මෙහෙයුම් ආරම්භ කරන බව නිවේදනය කර තිබේ. සුවිශේෂී රාජ්‍ය – පෞද්ගලික හවුල්කාරීත්වයක් යටතේ CWIT සංවර්ධනය කිරීම, ඉන්දියාවේ විශාලතම වරාය මෙහෙයුම් ක්‍රියාකරු වන Adani Ports & SEZ Ltd, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම…
දේශීය සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරිම සදහා දුම්රිය දෙපාර්තමේන්තුව විසින් අලුතින්ම නිර්මාණය කරන ලද කැලිප්සෝ දුම්රිය අද (08) උදෑසන 8.10 ට නානුඔය දුම්රිය ස්ථානයේ සිට දෙමෝදර දුම්රිය ස්ථානය දක්වා ගමන් ආරම්භ කරනු ලැබුවේය. නානුඔය සිට දෙමෝදර දක්වා එම දුම්රිය සෑම අගහරුවාදා දිනකම ගමන් ආරම්භ කිරීමට නියමිතව ඇත. එම දුම්රියෙන් ගමන් කරනා දෙස් විදෙස් සංචාරකයන්ට දුම්රිය මාර්ගයට…
ශ්‍රී ලංකාවේ එකලස් කරන වාහනවල නිෂ්පාදකයා විසින් සපයන උපාංග (Original Equipment) ක්ෂේත්‍රයට පිවිස වසර හයක කාලය තුළ සියැට් කැලණි හෝල්ඩිංග්ස් විසින් මෙරට වේගයෙන් වර්ධනය වන මෝටර් රථ එකලස් කිරීමේ කර්මාන්තය තුළ අගය එකතු කිරීමේ කාර්යයට සැලකිය යුතු දායකත්වයක් සපයන ආයතනයක් බවට පත්ව තිබේ. දේශීයව නිෂ්පාදනය කරන ලද සියැට් ටයර් දැන් ශ්‍රී ලංකාවේ එකලස් කරන වාහන …
ශ්‍රී ලංකා මහ බැංකුව සතු නිල සංචිත වත්කම් ප්‍රමාණය, 2025 මාර්තු මාසය අවසානයේ දී එක්සත් ජනපද ඩොලර් බිලියන 6.51 ක් දක්වා ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නවතම දත්ත වාර්තා පෙන්වා දේ. මෙය 2025 පෙබරවාරි මාසයේ දී වාර්තා වූ ඩොලර් බිලියන 6.08 හා සැසඳීමේ දි 7.1%ක ඉහළ යාමකි. මේ අතර ශ්‍රී ලංකා මහ…
එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පසුගිය අප්‍රේල් 02 දින හඳුන්වා දෙන ලද නවතම ආනයනික තීරුබදු ප්‍රතිපත්ති, මේ වන විට ගෝලීය ආර්ථික අර්බුදයක් නිර්මාණය කිරීමක් දක්වා දුරදිග ගොස් තිබේ. මෙම තත්ත්වය තුළ ලොව පුරා කොටස් වෙළෙඳපොළ ගණනාවක් දැවැන්ත කඩාවැටීමකට ලක්ව ඇති අතර ආසියාකරයේ කොටස් වෙළෙඳපොළ ගණනාවක් ද එහි දැඩි බලපෑමට භාජනයවී ඇත. පවතින වාතාවරණය තුළ…
Video Story