ගෙවී ගිය සතිය තුළ සිව්වන දිනයටත් කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල පහළ යාමක් අද (21) දිනයේ දී වාර්තා වුණි. අද දිනය අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය පසුගිය නොවැම්බර් 04 දිනෙන් පසු ප්‍රථම වරට ඒකක 23,000 සීමාවෙන් මෙපිටට පැමිණ ඒකක 22,982.72 ක් ලෙසින් සටහන් වූයේ පෙර දිනයට සාපේක්ෂව ඒකක 122.24ක පහළ යාමක් සටහන් කරමිනි….
2025 සැප්තැම්බර් මාසයට අදාළව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් නවතම දරිද්‍රතා රේඛා සටහන නිකුත් කර තිබේ. මෙම සටහනට අනුව මෙරට පුද්ගලයකු හට සිය අවම මූලික අවශ්‍යතා සපුරා ගැනීම සඳහා මාසයකට අවශ්‍ය මුදල රු. 16,413 ක් ලෙසින් සඳහන් වේ. ජාතික අගයයක් ලෙසින් ප්‍රකාශයට පත් කර ඇති මෙම අගයය එක් එක් දිස්ත්‍රික්කයට අනුව වෙනස් වනු ඇත. ඒ…
ශ්‍රී ලංකාවේ තිරසාර ප්‍රවාහන ක්ෂේත්‍රය නව මාවතක් වෙත යොමු කරවමින්, අති නවීන තත්ත්වයේ නව බලශක්ති වාහන සඳහා වන විසඳුම් සහ යටිතල පහසුකම් සපයන සිය නවතම ව්‍යාපාර අංශය වන ‘හේලීස් මොබිලිටි’ (Hayleys Mobility) හි සමාරම්භය සටහන් කළ බව හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් (Hayleys Fentons Limited) නිවේදනය කරන ලදී. ශ්‍රී ලාංකීය පාරිභෝගිකයින් සහ ව්‍යාපාරික ප්‍රජාව අතර තිරසාර, සුහුරු…
ජාතික පාරිභෝගික මිල දර්ශකයට (NCPI) අනුව 2025 ඔක්තෝම්බර් මාසයේ මෙරට ලක්ෂ්‍යමය මතුපිට උද්ධමනය 2.7% ක් දක්වා ඉහළ ගොස් ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද නවතම වාර්තාවෙහි සඳහන් වේ. 2025 සැප්තැම්බර් මාසයේ දී මෙම අගය වාර්තා වූ යේ 2.1% ක් ලෙසිනි. සැප්තැම්බර් මාසයේ දී 3.8% ක් ලෙස වාර්තා වූ ආහාර කාණ්ඩයේ ලක්ෂ්යමය…
ශ්‍රී ලංකාවේ රාජ්‍ය හා අර්ධ-රාජ්‍ය ආයතනවල නිලධාරීන් 800කට අධික පිරිසක් වාර්ෂිකව මහජන චීනයේ ධාරිතා සංවර්ධන වැඩසටහන් සඳහා සහභාගී වන අතර, මෙම වසරේ එම වැඩසටහන්වලට සහභාගී වූ නිලධාරීන්ගේ පිළිගැනීමේ උත්සවයක් ඊයේ (20) සවස නෙළුම් කුලුන මූන්වෝක් උත්සව ශාලාවේ පැවැත්විණි. ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය සහ China Aid Training Alumni Association එක්ව සංවිධානය කළ මෙම උත්සවයට ශ්‍රී…
චීනයේ ගුවැන්ඩොං පළාත කර්මාන්ත හා තොරතුරු තාක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරින් පිරිසක් ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපතිතුමා ඇතුළු ඉහළ කළමණාකාරිත්වය සමඟ සාකච්ඡාවක් පසුගියදා ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේදී පැවැත්වීය. අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති මංගල විජේසිංහ මැතිතුමා විසින් දූත පිරිස පිළිගෙන ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික තත්ත්වය, අපනයන සංවර්ධන ඉලක්ක හා එහි දිශානතිය, දේශපාලන ස්ථාවරත්වය සමඟ ඇති…
ශ්‍රී ලංකා මහ බැංකුවේ 75 වන සංවත්සරය සනිටුහන් කිරීම නිමිත්තෙන් පසුගිය අගෝස්තු 28 දින නිකුත් කරන ලද රුපියල් 2000 වටිනාකමකින් යුතු සමරු මුදල් නෝට්ටුවේ පිරිවිතරයන් පිළිබඳ නිවේදනයක් මහ බැංකුව විසින් ප්‍රකාශයට පත්කර තිබේ. මහ බැංකුව සඳහන් කර සිටින්නේ, මුදල් නෝට්ටුව හරහා ආලෝකය ගමන් කරන ලෙස අල්ලාගෙන කඩුව රැගත් සිංහයා සහිත දිය සලකුණ, මුදල් නෝට්ටුව හරහා…
ශ්‍රීලංකන් ගුවන් සේවය හා ශ්‍රී ලංකා රජය, ශ්‍රීලංකන් ගුවන් සේවය විසින් මේ වන විට ගෙවීම් පැහැර හැර තිබෙන, ඩොලර් මිලියන 175ක සහතික කළ බැඳුම්කර, ප්‍රතිව්‍යූහගතකරණය සඳහා ප්‍රධාන බැඳුම්කර හිමි කණ්ඩායම සමග ප්‍රතිපත්තිමය එකඟතාවයකට එළඹ තිබේ. මෙම බැඳුම්කර හිමි කණ්ඩායම ශ්‍රීලංකන් ගුවන් සේවයේ අදාළ ඩොලර් මිලියන 175ක බැඳුම්කර ප්‍රමාණයෙන් 55%ක නියෝජනය කරනු ලබයි. මීට අදාළව ශ්‍රීලංකන් ගුවන්…
අද (20) කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු අවසානයේ මිල දර්ශක වල ඉහළ යාමක් දක්නට ලැබුණි. එහි දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 75.10කින් ඉහළ ගොස් ඒකක 23,104.96ක් ලෙසින් සටහන් වූ අතර S&P SL 20 මිල දර්ශකය ඒකක 20.60කින් ඉහළ ගොස් ඒකක 6,382.18ක් ලෙසින් සටහන් විය. අද සමාගම් 118ක කොටස් මිල ගණන් සියලු කොටස් මිල දර්ශකයේ හැසිරීමට…
හම්බන්තොට ජාත්‍යන්තර වරායේ යෝජිත රේගු ආනයන හා අපනයන භාණ්ඩ පරීක්ෂණ මධ්‍යස්ථානයට මුල්ගල තැබීම අද(20) සිදු විය. මාස 5/6ක් ඇතුළත ඉදිකිරීම් අවසන් කර 2026 අප්‍රේල් වන විට මෙම මධ්‍යස්ථානයේ මෙහෙයුම් ආරම්භ කිරීමට අපේක්ෂා කරන බව ශ්‍රී ලංකා රේගුව සඳහන් කරයි. හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහයේ ප්‍රධාන විධායක නිලධාරී විල්සන් කූ මහතා මෙහි දී කියා සිටියේ 2027 වන…
Video Story