Top News

මහනුවර රු. මිලියන 696ක මාර්ග කොන්ත්‍රාත්තුවක් මාගා ට

මාර්ග සංවර්ධන අධිකාරියේ විෂය පථය යටතට ගැනෙන මහනුවර විලියම් ගොපල්ලව මාවතේ කිලෝමීටර 2+900 සිට කිලෝමීටර 3+736 දක්වා වන කොටස දෛනික මගී ප්‍රවේශයට පහසුකම් සලසන අතිශයින් වැදගත් මාර්ග කොරිඩෝවක් වන අතර, එය වැඩිදියුණු කිරීම නාගරික ගමනාගමනය දියුණු කිරීමට, රථවාහන තදබදය අවම කිරීමට සහ එම ප්‍රදේශයේ වර්ධනය වන ප්‍රවාහන අවශ්‍යතාවලට උපකාරි වීම සඳහා අත්‍යවශ්‍ය වේ. ඒ අනුව,…

(0)Comments | November 25, 2025 2:03 pm

2025 මුල් මාස දහය තුළ ශ්‍රී ලංකාවේ අපනයන ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 14.4 ඉක්මවයි

2025 ජනවාරි සිට ඔක්තෝබර් දක්වා කාලය තුළ ශ්‍රී ලංකාවේ අපනයනය 6.0% ක සැලකිය යුතු වර්ධනයක් සහ ස්ථාවර ප්‍රගතියක් පෙන්නුම් කරයි. මැණික් හා ස්වර්ණාභරණ සහ ඛනිජ තෙල් නිෂ්පාදන සඳහා ඇස්තමේන්තුගත සංඛ්‍යාලේඛන සමඟ ශ්‍රී ලංකා රේගුව විසින් නිකුත් කරන ලද දත්ත වලට අනුව, මුළු අපනයන ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 14,433.82 කි. එය 2024 වසරේ එම කාලයට වඩා…

(0)Comments | November 25, 2025 10:41 am

2024 පැමිණියාට වඩා වැඩි සංචාරකයින් ප්‍රමාණයක් 2025 දී දැනටමත් ඇවිත්

2025 වසරේ නොවැම්බර් 23 දක්වා මෙරටට පැමිණ ඇති සමස්ත සංචාරකයින් සංඛ්‍යාව 2024 වසරේ මෙරටට පැමිණි සමස්ත සංචාරකයින් සංඛ්‍යාව වූ සංචාරකයින් 2,053,465 සීමාව ඉක්මවීමට සමත්ව ඇත. ඒ අනුව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සිය නවතම දත්ත වාර්තාවන් නිකුත් කරමින් පෙන්වා දෙන්නේ 2025 වසරේ මේ දක්වා මෙරටට පැමිණ ඇති සමස්ත සංචාරකයින් සංඛ්‍යාව 2,054,980ක් ලෙස වාර්තා වන බවයි….

(0)Comments | November 25, 2025 10:18 am

IMF මීළඟ වාරිකය ගැන තීරණය දෙසැම්බර් 15 දා

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම මගින් සහාය දක්වන, ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහනේ පස්වන සමාලෝචනය අවසන් කරමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්ය මණ්ඩලය සහ ශ්‍රී ලංකා බලධාරීන් ආර්ථික ප්‍රතිපත්ති පිළිබඳ කාර්ය මණ්ඩල එකඟතාවකට පසුගිය ඔක්තෝබර් 09 දා එළඹෙන ලදී. ඒ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින් එළඹෙන දෙසැම්බර් 15 දා මෙම සමාලෝචනය සලකා බැලීමට නියමිත…

(0)Comments | November 24, 2025 6:52 pm

ආයෝජකයින්ට දැනෙන්නම කොටස් වෙළෙඳපොළ වැටෙයි

අද (24) කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශක වල දැවැන්ත පහළ යාමක් දක්නට ලැබුණි. ඒ අනුව දිනයේ ගනුදෙනු අවසානයේ සියලු කොටස් මිල දර්ශකයේ ඒකක 337.84කින් පහළ ගොස් ඒකක 22,644.88ක් ලෙසින් සටහන් විය. මේ අතර S&P SL20 දර්ශකය දිනය තුළ ඒකක 84.90කින් පහළ ගොස් ඒකක 6,279.71ක් ලෙසින් වාර්තා විය. HNB, රිචඩ් පීරිස් ඇන්ඩ් කම්පැනි, NDB, සම්පත් බැංකුව…

(0)Comments | November 24, 2025 4:41 pm

මෙම වසරේ රජයේ බදු ආදායම් ඉලක්කයෙන් 95%ක් මේ වන විට රැස් කර අවසන්

2025 වර්ෂයට අදාල රජයේ බදු ආදායම් ඉලක්කය වන රුපියල් බිලියන 2,195ක බදු ඉලක්කයෙන් 95%ක පමණ බදු ආදායමක් මේ වන විට රැස්කර අවසන් බව දේශීය ආදයම් බදු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස් ජනරාල් සංජය රත්නවර්ධන මහතා පවසයි. ඔහු මේ බව පවසා සිටියේ අද (24) පෙරවරුවේ “දෙරණ BIG FOCUS” වැඩසටහනට එක් වූ අවස්ථාවේ දී යි. ඔහු පවසා සිටියේ පසුගිය…

(0)Comments | November 24, 2025 4:19 pm

ශක්තිමත් වර්ධනයක් සහ උපායමාර්ගික ජයග්‍රහණ සමගින් DFCC බැංකුව තෙවන කාර්තුවේදී සිය විශිෂ්ටත්වය යළිත් තහවුරු කරයි

DFCC බැංකුව, 2025 වසරේ තෙවන කාර්තුවේදී සිය ඉහළ වර්ධන ගම්‍යතාව අඛණ්ඩව පවත්වා ගනිමින්, ස්ථාවර ශේෂ පත්‍ර වර්ධනය, උපායමාර්ගික ණය දීම් සහ විනයානුකූල මෙහෙයුම් කළමනාකරණය මත පදනම් වූ ශක්තිමත් මූල්‍ය ප්‍රතිඵල මාලාවක් වාර්තා කර ඇත. සමූහය, රුපියල් බිලියන 8.5 ක මූලික බදු පසු ලාභයක් වාර්තා කළ අතර, සමූහයේ වත්කම් 20% කින් වර්ධනය වී රුපියල් බිලියන 853…

(0)Comments | November 24, 2025 1:42 pm

බස් රථ හිමියන් සහ මගීන් සඳහා නව්‍ය ඩිජිටල් විසඳුම් රැගත් ‘බස් රථ ගාස්තු ඩිජිටල් ගෙවීම්’ ව්‍යාපෘතිය ඇරඹේ

2025 නොවැම්බර් මස 24 දින මාකුඹුර බහුවිධ මඟී ප්‍රවාහන පර්යන්තයේදී ඩිජිටල් ආර්ථික අමාත්‍යංශයේ උපදේශකත්වයෙන්, ප්‍රවාහන අමාත්‍යංශය මඟින් දියත් කරන ලද බස් රථ ගාස්තු බැංකු කාඩ්පත් භාවිතයෙන් ඩිජිටල් ලෙස ගෙවීමේ නියමු ව්‍යාපෘතියේ සාර්ථකව ඇරඹින. මෙම ව්‍යාපෘතිය ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන රජයේ ඩිජිටල්කරණ වැඩ පිලිවෙලේ පුළුල් ව්‍යාපෘතියක් වන අතර එය සමස්ත මගී ප්‍රවාහන ක්ෂේත්‍රය නවීකරණය…

(0)Comments | November 24, 2025 1:10 pm

ශ්‍රීලංකන් ගුවන් සේවයේ රියාද් අලෙවි කණ්ඩායම විසින් සංචාරක නියෝජිතයෝ පිරිසක් දිවයිනට රැගෙන එයි

ශ්‍රීලංකන් ගුවන් සේවයේ රියාද් අලෙවි කණ්ඩායම විසින් ශ්‍රී ලංකාව ප්‍රමුඛතම සංචාරක ගමනාන්තයක් ලෙස ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් විශේෂ සංචාරක වැඩසටහනක් පසුගිය දා පැවැත්වූ අතර, රියාද් හි ප්‍රමුඛ පෙළේ සංචාරක නියෝජිත ආයතන නියෝජනය කරමින් දිවයිනට පැමිණි පිරිසට ශ්‍රී ලාංකික උණුසුම් ආගන්තුක සත්කාර හා  අමතක නොවන සුවපහසු හා විනෝදාස්වාද අත්දැකීමක් ලබා දීමට කටයුතු කළේය. “Ahlan Wa Sahlan” (ආයුබෝවන්)…

(0)Comments | November 24, 2025 10:45 am

බැංකු කාඩ්පත් මගින් බස් ගාස්තු ගෙවීමේ අවස්ථාව අද සිට

මගී බස් රථවල ගමන් කිරීමේ දී ඊට අදාළ ප්‍රවේශපත්‍ර බැංකු කාඩ්පත් මගින් මිලදී ගැනීමේ හැකියාව අද (24) සිට මගීන් හට හිමි වන බව ප්‍රවාහන අමාත්‍යාංශය පවසයි. ඒ අනුව මෙහි සමාරම්භක වැඩසටහන අද පෙරවරුවේ මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේදී ආරම්භ වීමට නියමිතව තිබේ. බස් ගාස්තු ගෙවීමෙන් පසු ඉතිරි මුදල් යළි ලබා නොදීම ආදී ගැටලුවලට විසඳුමක් ලෙස මෙලෙස…

(0)Comments | November 24, 2025 8:31 am