2025 මාර්තු මාසයේ පළමු ගනුදෙනු දිනයට කොළඹ කොටස් වෙළෙඳපොළ විවෘත වූ අද (03) දිනයේ දී මිල දර්ශකවල දැවැන්ත කඩා වැටීමක් වාර්තා වුණි. එහිදී දිනය තුළ සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 311.37කින් සහ S&P SL20 දර්ශකය ඒකක 103.96කින් පහළ ගිය අතර දිනයේ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකට ඒකක 16,167.30 ක් ලෙසත් S&P SL20…
අඛණ්ඩ ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණයන්හි වැදගත්කම අවධාරණය කෙරේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි (IMF) විස්තීරණ අරමුදල් පහසුකමෙහි (EFF) විධිවිධාන යටතේ තෙවැනි සමාලෝචනය සාර්ථකව නිම කිරීම පිළිබඳව ලංකා වාණිජ මණ්ඩලය ශ්‍රී ලංකා රජයට තම සුබ පැතුම් එක්කරයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතියත් සමගම ශ්‍රී ලංකාවට ලැබෙන මුල්‍යාධාරය රටෙහි ආර්ථික ප්‍රකෘතිය සඳහා අත්‍යවශ්‍ය සහයෝගයක් සපයනු ඇත. ලංකා වාණිජ මණ්ඩලය විසින්…
2025 පෙබරවාරි මාසය අවසන් වීමත් සමඟ මෙරටට පැමිණ ඇති සමස්ත සංචාරකයින් සංඛ්‍යාව 485,102ක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි. එම අධිකාරිය සිය නවතම වාර්තාවන් ඉදිරිපත් කරමින් පෙන්වා දෙන්නේ පෙබරවාරි මාසයේ පළමු දින 27 තුළ පමණක් 232,341 ක සංචාරකයින් පිරිසක් මෙරටට පැමිණ ඇති බවයි. පෙබරවාරි මාසයේ සෑම දිනක් තුළම 6400 ඉක්ම වූ සංචාරකයින් පිරිසක් පැමිණ…
2025 ජනවාරි මාසයේ දී එක්සත් ජනපද ඩොලර් මිලියන 400.7ක සංචාරක ඉපැයීමක් වාර්තා කිරීමට හැකිව ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම සංඛ්‍යාලේඛන අනාවරණය කරයි. මෙය 2024 ජනවාරි මාසයේ දී වාර්තා වුණු ඩොලර් මිලියන 341.8ක සංචාරක ඉපැයීම් ප්‍රමාණය හා සැසඳීමේ දී 17.2% ක වර්ධනයකි. මේ අතර ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කරන්නේ 2025 පෙබරවාරි 1…
අක්කර 570ක් ආවරණය වන පරිදි, කර්මාන්තපුර 10ක යටිතලපහසුකම් සංවර්ධනය සඳහා මෙම වසරේ කටයුතු ආරම්භ කරන බව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ පවසයි. ඔහු මේ බව පවසා සිටියේ අද(03) පාර්ලිමේන්තුවේදී යි. ” IDB එක නැත්නම් කාර්මික සංවර්ධන මණ්ඩලය යටතේ කර්මාන්තපුර 17ක් ක්‍රියාත්මක වෙනවා. නව කර්මාන්පුර ආරම්භ කිරීමට සැලසුමක් තියනවා. විශේෂයෙන්ම මේක ජාතික සැලසුමක්….
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින් ශ්‍රී ලංකාව සමඟ මාස 48ක විස්තීර්ණ ණය අරමුදල් පහසුකම යටතේ තෙවන සමාලෝචනය සම්පූර්ණ කරන ලද අතර, එමගින් ආර්ථික ප්‍රතිපත්ති සහ ප්‍රතිසංස්කරණ සඳහා සහාය වීම සඳහා වි.ගැ.හි. මිලියන 254ක (එ.ජ. ඩොලර් මිලියන 336ක් පමණ) මූල්‍යන පහසුකමක් සදහා ශ්‍රී ලංකාවට ක්ෂණික ප්‍රවේශයක් ලබා දෙන ලදී. මේ සමඟ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ශ්‍රී…
14 වැනි වරටත් පැවැත්වෙන මෙඩිකෙයා ජාත්‍යන්තර සෞඛ්‍යාරක්ෂණ ප්‍රදර්ශනය 2025 අද (28) සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී ආරම්භ කෙරේ. මහජනතාවගේ සෞඛ්‍ය අධ්‍යාපනය සහ සෞඛ්‍යාරක්ෂණයේ නවතම ප්‍රගතිය, වෛද්‍ය තාක්ෂණය, සුබසාධනය සහ වෛද්‍ය ප්‍රතිකාර සංචාර සඳහා කැපවුණු ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සෞඛ්‍යාරක්ෂණ ප්‍රදර්ශනය වන ‘මෙඩිකෙයා 2025‘ මාර්තු මස 2 වැනිදා දක්වා පැවැත්වේ….
යහපත් ශ්‍රී ලංකාවක් වෙනුවෙන් නිරන්තරයෙන් කැපවන නෙස්ලේ ලංකා කුරුණෑගල පිහිටි සිය නවීනතම කර්මාන්ත ශාලාවේ biomass බොයිලේරු ව්‍යාපෘතිය විවෘත කිරීමට පසුගියදා කටයුතු කරනු ලැබුවේ රුපියල් බිලියන 1.1ක ආයෝජනයක් සිදු කරමිනි. පරිසරය රැක ගනිමින් කාබන් විමෝචනය 2050 වන විට නිෂ්පාදන දාමය පුරා අවම කිරීමේ අරමුණ සඳහා ‘Good Food Good Life’ ආයතනය ප්‍රමුඛ වැඩසටහනක් ලෙස මෙම biomass බොයිලේරුව…
හැටන් නැෂනල් බැංකුවේ සියලු අංශවල කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කරමින් 2024 වසර සඳහා බැංකුව ශක්තිමත් මූල්‍ය කාර්යසාධනයක් වාර්තා කිරීමට සමත්ව ඇත. 2023 වසරේදී රු. බිලියන 23.6 ක් වූ HNB සමූහයේ බදු පසු ලාභය (PAT) 2024 වසරේදී රු. බිලියන 44.8 දක්වා වර්ධනය වී ඇත. මේ අතර හැටන් නැෂනල් බැංකුවේ බදු පසු ලාභය පසුගිය වසරේ රු. බිලියන…
කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද., 2021=100)1 වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2025 ජනවාරි මාසයේ වාර්තා වූ -4.0% සිට 2025 පෙබරවාරි මාසයේ දී -4.2% ක් දක්වා තව දුරටත් අඩු වී ඇති බව ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි. වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත, ආහාර කාණ්ඩයේ උද්ධමනය 2025 පෙබරවාරි මාසයේ දී -0.2%ක් දක්වා වැඩි වී ඇති…
Video Story