ශ්‍රී ලංකා මහ බැංකුව සතු නිල සංචිත වත්කම්වල වටිනාකම 2025 ජනවාරි මාසය තුළ දී 0.9%ක සුළු පහළ යාමක් වාර්තා කර ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම සංඛ්‍යාලේඛන අනාවරණය කරයි. 2024 දෙසැම්බර් මාසය අවසන් වන විට මෙරට නිල සංචිත වත්කම් ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් බිලියන 6.12 ක් ලෙසින් සටහන්ව තිබුණු අතර එය 2025 ජනවාරි මාසය…
අභාවප්‍රාප්ත හැරී ජයවර්ධන මහතා සභාපතිත්වය දරන ලද ඔහුගේ ප්‍රධානතම සමාගම් සමූහය වන මෙල්ස්ටාකෝප් පීල්සී හි නව විධායක සභාපතිවරයා වශයෙන් ඔහුගේ පුත් හසිත එස්. ජයවර්ධන මහතා පත් කර තිබේ. ඩිස්ටලරීස් කම්පැනි ඔෆ් ශ්‍රී ලංකා, එයිට්කන් ස්පෙන්ස්, එයිට්කන් ස්පෙන්ස් හොටේල්ස්, මෙල්ස්ටා ලොජිස්ටික්ස්, එයිට්කන් ස්පෙන්ස් ඉන්ටර්නැෂනල්, කොන්ටිනන්ටල් ඉන්ෂුවරන්ස්, මැඩොල්සිය – බලංගොඩ හා ඇල්පිටිය වැවිලි සමාගම්, මෙල්ස්ටා හොස්පිටල්ස් සහ…
ඩිජිටල් සමාජයක් කරා රට ගෙනයාමේ වැඩපිළිවෙළ හරහා ප්‍රධාන ඩිජිටල් පහසුකම් තුනක් හඳුන්වාදීම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ දී අද (07) ආරම්භ විය. ඒ අනුව රාජ්‍ය ඩිජිටල්කරණ ගෙවීම් වේදීකාවක් ඇති කිරීම (GovPay), ජනාධිපති අරමුදල ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටම දක්වා ගෙනයාම, තනාපති කාර්යාලවලින් උපත්, විවාහ හා මරණ (eBMD) සහතික ලබා ගැනීම මෙම මෘදුකාංග හරහා…
පිරිසිදු හා සෞඛ්‍ය සම්පන්න පරිසරයක් ගොඩනගා ගැනීම වෙනුවෙන් වූ ශ්‍රී ලංකා රජයේ කැපවීමට ජපාන රජයේ ත්‍යාගශීලී සහය මගින් විශාල දායකත්වයක් ලබා දී ඇත. ඒ යටතේ ජපානයේ ආර්ථික හා සමාජ සංවර්ධන වැඩසටහන මගින් කසළ ප්‍රවාහනය සඳහා භාවිතා කරන නවීනතම කම්පැක්ටර් රථ 28ක් ලබා ගැනීම සඳහා ජපන් යෙන් මිලියන 300ක (ආසන්න වශයෙන් රුපියල් මිලියන 565ක) ප්‍රදානයක් ලබා…
දේශමාන්‍ය හැරී ජයවර්ධන මහතාගේ අභාවයෙන් පසු, එයිට්කන් ස්පෙන්ස් පීඑල්සී හි සභාපතිධූරය සඳහා ඔහුගේ දියණිය වන ස්ටෂානි ජයවර්ධන පත් කර ඇති බව එම සමාගම විසින් දැනුම් දී සිටී. එයිට්කන් ස්පෙන්ස් හි විධායක අධ්‍යක්ෂවරියක වන ස්ටෂානි ජයවර්ධන, සමූහය තුළ වසර 15 කට වැඩි උපායමාර්ගික නායකත්ව පළපුරුද්දක් ඇති අයෙකි. ඇය විවිධ අංශ, විශේෂයෙන් විවේකාස්වාද කළමනාකරණය සහ මෙහෙයවීම සඳහා…
HNB Investment Bank (Pvt) Ltd ලෙස ප්‍රතිසන්නාමකරණය වෙයි ශ්‍රී ලංකාවේ දෙවන විශාලතම පුද්ගලික බැංකුව වන හැටන් නැෂනල් බැංකුව Acuity Partners (පුද්) සමාගමේ පූර්ණ හිමිකාරීත්වය සාර්ථකව අත්පත් කරගත් බව නිවේදනය කර ඇත. මෙම අත්පත් කරගැනීමත් සමඟින්, එම සමාගම HNB Investment Bank (Pvt) Ltd ලෙස ප්‍රතිසන්නාමකරණය කර ඇති අතර එමඟින් ශ්‍රී ලංකාවේ ආයෝජන බැංකු ක්ෂේත්‍රයේ ප්‍රමුඛ සමාගමක්…
ඩිජිටල් සමාජයක් කරා රට ගෙන යාමේ දැවැන්ත පියවරක් තබමින් නව ඩිජිටල් ප්‍රවේශයන් 03ක් හඳුන්වා දීම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (07) ජනාධිපති කාර්යාලයේදී සිදු කෙරේ. සියලුම රජයේ ගෙවීම් ඩිජිටල්කරණය කිරීමේ GOVPAY පහසුකම දියත් කිරීම, මෙතෙක් කොළඹ ප්‍රධාන කාර්යාලයෙන් පමණක් සිදු වූ ජනාධිපති අරමුදලේ සේවා ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටම දක්වා ගෙන යාම සහ විදේශ…
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එකඟ වී ඇති විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහනේ ප්‍රගතිය පිළිබඳව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දූත පිරිසක් අතර සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී ඊයේ (06) පැවැත්විණි. එම වැඩසටහනේ ශ්‍රී ලංකාවට ලබා දෙන ඩොලර් බිලියන 3ක විස්තීර්ණ ණය පහසුකම් යටතේ තුන්වන සමාලෝචනයෙන් පසු කාර්යමණ්ඩල එකඟතාවට වත්මන් රජය මේ වන විටත් පැමිණ…
ආයෝජකයින් හට යම් සුභදායක බලාපොරොත්තුවක් ලබාදෙමින් කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල සැලකිය යුතු ඉහළ යාමක් අද (06) දිනයේ දී දක්නට ලැබුණි. ඒ ඒකක 500කින් සියලු කොටස් මිල දර්ශකය ඊයේ දින කඩාවැටුණු පසුබිමක දීය. අද දින සියලු කොටස් මිල දර්ශකය ඒකක 50.63කින් ඉහළ ගොස් දිනය අවසානයේ දී ඒකක 16,506.73ක් ලෙසින් සටහන් වූ අතර S&P SL20 දර්ශකය…
දේශගුණික වශයෙන් සුහුරු නව්‍ය විසඳුම් හරහා ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික අංශයේ දැවෙන අභියෝගවලට මුහුණ දීම සඳහා පුද්ගලික අංශයේ, රජයේ, සිවිල් සමාජයේ සහ ජාත්‍යන්තර සංවර්ධන හවුල්කරුවන්ගේ ප්‍රධාන පාර්ශ්වකරුවන් එක්රැස් කරමින්, දේශගුණ සුහුරු කෘෂිකර්මාන්තයක් උදෙසා රාජ්‍ය-පෞද්ගලික-මහජන සංසදය කොළඹදී රැස්විය. දේශගුණ සුහුරු කෘෂිකර්මාන්තයේ පෞද්ගලික අංශයේ සහභාගීත්වයට ඇති බාධක ජය ගැනීම අරමුණු කරගනිමින් පරිසර අමාත්‍යාංශය සහ එක්සත් ජාතීන්ගේ ආහාර හා…
Video Story