ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව විසින් 2025 වසරේ ආරම්භක දිනය වන අද (01) දින රු. මිලියන 168,000 ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් කැඳවා තිබුණි. මේ සම්බන්ධයෙන් රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව පවසන්නේ අදාළ වෙන්දේසිය සඳහා රු. මිලියන 405,775 ක ලංසු ප්‍රමාණයක් ලැබී තිබුණු බවයි. කෙසේ වෙතත් එහි දී ඉදිරිපත් කළ ලංසු ප්‍රමාණයට සමාන ප්‍රමාණයක් එනම් රු….
දේශීය ටයර් නිෂ්පාදකයා නඟා සිටුවීමටත්, පාරිභෝගිකයින් වෙත සහනදායී මිලකට, නියමිත ප්‍රමිතියෙන් යුතු දේශීය ටයර් ලබා දීම අරමුණු කොට, දේශීය ටයර් නිෂ්පාදකයින්ගේ සංගමය හා වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යවරයා අතර සාකච්ඡාවක් ඊයේ (31) දින වෙළෙඳ අමාත්‍යාංශයේදී පැවැත්වීය. දේශීයව නිෂ්පාදනය කරන්නා වූ ටයර් රට තුල තිබියදී රටේ ධනය ඩොලර් මිලයන ගණනක් වැය කොට ටයර්…
2025 නව වසර උදාවත් සමඟ හොංකොං සිට ලොස් ඇන්ජලීස් වෙත පියාසර කරනු ලැබූ කැතේ පැසිෆික් ගුවන් සේවයට අයත් ගුවන් යානයක් ‘කාල තරණය’ කරනු ලැබූ අපූරු පුවතක් වාර්තා වෙයි. එහි දී සිදු ව ඇත්තේ 2025 වසරේ දී හොංකොං සිට පිටත් වූ ගුවන් යානයක් 2024 වසරේදී ලොස් ඇන්ජලීස් වෙත ගොඩබැසීමයි. තම ගුවන් ගමන අතරතුර ජාත්‍යන්තර දින රේඛාව…
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් 2025 වසරේ බැංකු නිවාඩු දින ලේඛනය ප්‍රකාශයට පත් කර ඇත. ඒ අනුව මෙම වසරේ බැංකු නිවාඩු දිනයන් පහත පරිදි වේ. ජනවාරි 13, සඳුදා දුරුතු පුර පසළොස්වක පෝය දිනය බැ.ර. ජනවාරි 14, අඟහරුවාදා දෙමළ තෛපොංගල් දිනය බැ.ර.වෙ. පෙබරවාරි 04, අඟහරුවාදා නිදහස් සමරු දිනය බැ.ර.වෙ. පෙබරවාරි 12, බදාදා නවම් පුර පසළොස්වක පෝය…
මෙරට විශාලතම ඩෙබිට් කාඩ් සංචිතයේ සන්නාම තානාපති ලෙස දක්ෂ තරුණ ක්‍රිකට් ක්‍රීඩකයෙකු පත්කරයි මෙරට පුද්ගලික අංශයේ විශාලතම බැංකුව වන කොමර්ෂල් බැංකුවේ සන්නාම තානාපතිවරයා ලෙස ශ්‍රී ලංකාවේ දක්ෂතම යොවුන් ක්‍රිකට් තරුවක් වන මතීෂ පතිරණ මහතා පත් කර තිබේ. විශේෂයෙන් ම, මෙරට විශාලතම ඩෙබිට් කාඩ් සංචිතය වන ComBank ඩෙබිට් කාඩ්පත් මතීෂ විසින් නියෝජනය කරනු ඇත. ඒ ඔහු…
2024 වසරේ දී ශ්‍රී ලංකා රුපියල එක්සත් ජනපද ඩොලරයට එරෙහිව 10.7%කින් අතිප්‍රමාණය වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. නිවේදනයක් නිකුත් කරමින් මහ බැංකුව මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් මෙසේ සඳහන් කරයි. 2024 වසරේ අග භාගයේ දී යම් විචලතාවක් පෙන්නුම් කළ ද ශ්‍රී ලංකා රුපියලෙහි අතිප්‍රමාණයවීමේ ප්‍රවණතාවය අඛණ්ඩව පැවතුණි. 2024 වසරේ දෙසැම්බර් මාසයේ දී ශ්‍රී ලංකා…
කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය 2024 වසරේ දී 49.66% ක සුවිශේෂී වර්ධනයක් අත්පත් කරගැනීමට සමත් වී තිබේ. 2024 වසර ආරම්භයේ දී ඒකක 10,654.16 ක් ලෙසින් සටහන්ව තිබූ සියලු කොටස් මිල දර්ශක අගය වසර අවසානය වන විට ඒකක 15,944.61 ක් දක්වා ඒ අනුව ඉහළ ගොස් ඇත. මේ අතර S&P SL20 දර්ශකයට අනුව 2024 වසරේ…
2025 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පතට අදාළ විවාදය (අයවැය විවාදය) 2025 පෙබරවාරි 18 සිට මාර්තු 21 දක්වා පැවැත්වීමට කථානායක ගරු වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (31) පාර්ලිමේන්තුවේදී පැවැති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදී තීරණය වූ බව පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පැවසුවාය. 2025 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත පළමුවර කියවීම සඳහා…
ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයේ වර්ධන සැලසුම්වලට සහය වෙමින් ආසන ධාරිතාව 30%කින් වැඩි කරයි ලොව විශාලතම ජාත්‍යන්තර ගුවන් සේවය වන එමිරේට්ස් විසින් 2025 ජනවාරි 2 වන දා සිට කොළඹ සහ ඩුබායි අතර අතිරේක ගුවන් සේවාවක් ක්‍රියාත්මක කරනු ඇත. EK654/655 ලෙස ක්‍රියාත්මක වන මෙම ගුවන් සේවාව හඳුන්වා දීමත් සමඟම ශ්‍රී ලංකාවට මගී ආසන ධාරිතාව සියයට 30කින් වැඩි…
කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද., 2021=100) වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2024 නොවැම්බර් මාසයේ දී වාර්තා වූ -2.1% හි සිට 2024 දෙසැම්බර් මාසයේ දී -1.7% ක් දක්වා වැඩි වී ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි. වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත, 2024 නොවැම්බර් මාසයේ සියයට 0.6%ක් ලෙසින් පැවති ආහාර කාණ්ඩයෙහි උද්ධමනය 2024 දෙසැම්බර්…