Top News

විදේශ ආයෝජන ආකර්ෂණය කර ගැනීම සඳහා ‘ඉන්වෙස්ට් ශ්‍රී ලංකා’ ප්‍රාග්ධන වෙළෙඳපොළ ආයෝජක හමුව 2025 මාර්තු 27 සහ 28 යන දිනවල කොළඹදී

කොළඹ කොටස් හුවමාරුව (CSE) සහ ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව (SEC) කොටස් තැරැව්කාර ආයතනය සමඟ එක්ව සංවිධානය කරන “ඉන්වෙස්ට් ශ්‍රී ලංකා” ප්‍රාග්ධන වෙළෙඳපොළ ආයෝජක හමුව 2025 මාර්තු 27 සහ 28 යන දිනවල කොළඹ ෂැන්ග්‍රි-ලා හෝටලයේදී පැවත්වේ. දේශීය හා ජාත්‍යන්තර සාංගමික ආයෝජකයින් සහ අරමුදල් කළමනාකරුවන් අතර ශ්‍රී ලංකාවේ ප්‍රාග්ධන වෙළෙඳපොළේ ආයෝජන ප්‍රවර්ධනය කිරීම මෙම…

(0)Comments | December 31, 2024 2:01 pm

S&P Global ශ්‍රී ලංකාව උඩ නොදමන්න හේතුව හර්ෂ කියයි

ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ප්‍රධාන ආයතන දෙකක් වන ෆිච් රේටින්ග්ස් ආයතනය සහ මූඩිස් ආයතනය පසුගිය දා සිය නවතම ශ්‍රේණිගත කිරීම් නිකුත් කරමින් පවසා සිටියේ ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීම ඉහළ දැමීමට කටයුතු කර ඇති බවයි.  ඒ අනුව  ෆිච් රේටින්ග්ස් ආයතනය විසින්  CCC+ මට්ටම දක්වාත් මූඩිස් ආයතනය විසින් Caa1 මට්ටම දක්වාත් ශ්‍රි ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීම…

(0)Comments | December 31, 2024 1:25 pm

Odel සහ Insomnia කටුනායක ගුවන්තොටුපොළට

කටුනායක, බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙහි මගී පර්යන්ත ගොඩනැගිල්ලේ පිටත්වීමේ/සංක්‍රමණ ප්‍රදේශය තුළ ප්‍රසිද්ධ වෙළෙඳ සන්නාමවලට අයත් කාන්තා හා පිරිමි යන දෙපාර්ශ්වයේම ඇඟළුම් සහිත අලෙවිසැල් 04ක් වසර 03ක කාලසීමාවකට පවත්වාගෙන යාම සඳහා මෙහෙයුම්කරුවන් තෝරාගැනීම පිණිස ජාත්‍යන්තර තරගකාරී ප්‍රසම්පාදන ක්‍රමවේදය අනුගමනය කරමින් ලංසු කැඳවා ඇත. ඒ සඳහා ලංසුකරුවන් 03 දෙනෙකු විසින් ලංසු ඉදිරිපත් කර තිබේ. ඒ අනුව, අමාත්‍ය මණ්ඩලය…

(0)Comments | December 31, 2024 12:35 pm

රාජ්‍ය ආයෝජන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට අදාළව කඩිනම් ක්‍රමෝපායික තීරණ ගැනීම සඳහා නිලධාරි කමිටුවක්

2024 අංක 44 දරන රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනතේ 44(3) වගන්තියට අනුව, ප්‍රධාන ගණන්දීමේ නිලධරයන් සහ ගණන්දීමේ නිලධරයන් විසින් සපයනු ලබන තොරතුරු මත පදනම්ව, රාජ්‍ය ආයෝජන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට අදාළව කඩිනම් ක්‍රමෝපායික තීරණ ගැනීම, සැලසුම් කිරීම, සම්පත් විභජනය කිරීම, අයවැයකරණය, මූල්‍යකරණය සහ අධීක්ෂණය සඳහා වගකිව යුතු අස්ථිත්ව ප්‍රධානින් එකොළොස්දෙනෙකුට (11) නොවැඩි සාමාජිකයින්ගෙන් සමන්විත වන කමිටුවක් අමාත්‍ය…

(0)Comments | December 31, 2024 12:26 pm

උද්ධමනය පහළ යාම ගැන වාර්තාවක් පාර්ලිමේන්තුවට

2023 අංක 16 දරන ශ්‍රී ලංකා මහ බැංකු පනතේ 26(1) වගන්තිය යටතේ මුදල් ප්‍රතිපත්ති රාමුව පිළිබඳ ගිවිසුමට අනුව, කොළඹ පාරිභෝගික මිල දර්ශකය මඟින් මනිනු ලබන කාර්තුමය මතුපිට උද්ධමනය (Headline Inflation) 5%ක මට්ටමක පවත්වාගෙන යාමේ වගකීම ශ්‍රී ලංකා මහ බැංකුව වෙත පැවරී ඇත. එකී ගිවිසුමේ 26(5) වගන්තියට අනුව, එම උද්ධමන ඉලක්ක නිශ්චිත ආන්තිකයෙන් අනුක්‍රමික කාර්තු දෙකක්…

(0)Comments | December 31, 2024 12:16 pm

ශ්‍රී ලංකාව සංචාරකයින්ගේ ආකර්ෂණීය ගමනාන්තයක් බවට පත් කිරීමට අවශ්‍ය සැලසුම් කඩිනමින් ක්‍රියාත්මක කිරීමට ජනපතිගෙන් නිලධාරීන්ට උපදෙස්

ශ්‍රී ලංකාව සංචාරකයින්ගේ ආකර්ෂණීය ගමනාන්තයක් බවට පත් කිරීමට අවශ්‍ය සැලසුම් කඩිනමින් ක්‍රියාත්මක කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය. “Clean Sri Lanka” වැඩපිළිවෙළ යථාවක් කිරීම මගින් සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනයට අදාළ කටයුතු ශක්තිමත් කෙරෙන බවද ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙම අදහස් පළ කළේ, ජනාධිපති කාර්යාලයේ ඊයේ (30)…

(0)Comments | December 31, 2024 9:03 am

කොටස් වෙළෙඳපොළ ඉතිහාසය අද යළි ලියැවෙයි

ඉතිහාසය නැවත නැවතත් අලුත් කරමින් කොළඹ කොටස් වෙළෙඳපොළ කාර්යසාධනයෙහි වාර්තාගත වර්ධනයක් අද (30) දිනයේ දී ද දැක ගත හැකි විය. එහිදී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 291.79 ක දැවැන්ත වර්ධනයක් සනිටුහන් කළ අතර දිනයේ ගනුදෙනු අවසානයේ දී මෙතෙක් ඉතිහාසයේ වාර්තා වූ වැඩිම අගය වන ඒකක 15,827.39 ක් දක්වා ඉහළ යන ලදී මේ අතර අද…

(0)Comments | December 30, 2024 3:42 pm

ඉහළ ගිය වේගයෙන්ම ඩොලරය යළි පහළට

පසුගිය සතිය තුළ දී එක්සත් ජනපද ඩොලරයේ රුපියල් වටිනාකමෙහි හදිසි ඉහළ යාමක් වාර්තා වුව ද මේ වන විට එම තත්ත්වය ක්‍රමයෙන් සමනය වෙමින් පවතින බව නිරීක්ෂණය කළ හැකිය. 2024 දෙසැම්බර් 26 දින වන විට රු. 296.48 ක් දක්වා ඩොලරයේ මධ්‍ය අගය ඉහළ ගොස් තිබුණු අතර අද (30) වන විට එය රු. 292.75 ක් දක්වා පහළ…

(0)Comments | December 30, 2024 12:33 pm

Asia Siyaka Commodities පොහොර සමාගමක බහුතර අයිතිය අත්පත් කරගනී

AgriOne Solutions (පුද්) සමාගමේ 55.87% ක කොටස් අයිතිය අත්පත් කරගැනීමට මෙරට ලැයිස්තුගත සමාගමක් වන Asia Siyaka Commodities PLC කටයුතු කර තිබේ. මෙහිදී AgriOne හි කොටස් මිලියන 178.5 ක් වෙනුවෙන් රු. මිලියන 178.5 ක් ආයෝජනය කිරීමට Asia Siyaka Commodities PLC කටයුතු කර ඇති බව වාර්තා වේ. මේ අතර තවත් රු. මිලියන 76.5 ක් ඉදිරියේ දී AgriOne…

(0)Comments | December 30, 2024 11:17 am

අපි ප්‍රමාදයි – මහාචාර්ය ප්‍රියංග දුනුසිංහ

වත්මන් රජයේ අනාගත ආර්ථික වැඩපිළිවෙල කුමක් ද යන්න පිළිබඳව ජනතාවට මෙන්ම ආයෝජකයන්හට ද කිසිඳු අවබෝධයක් නොමැති බව මහාචාර්ය ප්‍රියංග දුනුසිංහ මහතා පවසයි. අද ( 27) “අද දෙරණ BIG FOCUS” වැඩ සටහනට එක් වෙමින් ඔහු මේ බව පවසා සිටියේ ය. ඔහු එහි දී වැඩි දුරටත් පවසා සිටියේ එදිනෙදා ආර්ථිකයේ පැනනඟින ගැටළු සම්බන්ධයෙන් විවිධ විසඳුම් ලබා දීමේ…

(0)Comments | December 27, 2024 5:00 pm