වත්මන් රජයේ අනාගත ආර්ථික වැඩපිළිවෙල කුමක් ද යන්න පිළිබඳව ජනතාවට මෙන්ම ආයෝජකයන්හට ද කිසිඳු අවබෝධයක් නොමැති බව මහාචාර්ය ප්‍රියංග දුනුසිංහ මහතා පවසයි. අද ( 27) “අද දෙරණ BIG FOCUS” වැඩ සටහනට එක් වෙමින් ඔහු මේ බව පවසා සිටියේ ය. ඔහු එහි දී වැඩි දුරටත් පවසා සිටියේ එදිනෙදා ආර්ථිකයේ පැනනඟින ගැටළු සම්බන්ධයෙන් විවිධ විසඳුම් ලබා දීමේ…
කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය අද (27) දිනයේ දී ඉතිහාසයේ පළමු වරට ඒකක 15,500 සීමාව පසුකර යෑමට සමත් විය. ඒ අනුව ඉතිහාසයේ ඉහළම අගය යළිත් වරක් අලුත් කරමින් සියලු කොටස් මිල දර්ශකය ඒකක 135.07කින් ඉහළ ගොස් ඒකක 15,535.60ක් ලෙසින් සටහන් වූ අතර මෙය පෙර දිනයට සාපේක්ෂව 0.88% ක ඉහළ යාමකි. මේ අතර S&P…
ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ප්‍රධාන ආයතනයක් වන ෆිච් රේටින්ග්ස් ආයතනය සිය නවතම ශ්‍රේණිගත කිරීම නිකුත් කරමින් පසුගිය දා සඳහන් කරේ ශ්‍රි ලංකාව RD මට්ටමේ සිට, CCC+ මට්ටම දක්වා පැමිණ ඇති බවයි. අද ( 27) “අද දෙරණ BIG FOCUS” වැඩ සටහනට එක් වෙමින් මහාචාර්ය ප්‍රියංග දුනුසිංහ මහතා පවසා සිටියේ වර්තමාණයේ ණය ශ්‍රේණිගත කිරීම ඉහළ දැමීම තුළ මේ…
සර්ෆින් ක්‍රීඩාව හේතුවෙන් ආරුගම්බේ සහ පොතුවිල් ප්‍රදේශ, ඊශ්‍රායල ජාතිකයින් අතර වඩාත් ජනප්‍රියත්වයට පත්ව ඇති අතර එම ප්‍රදේශයට එන ඊශ්‍රායල ජාතිකයින් ඉලක්ක කර ගනිමින් කිසියම් ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම් කර ඇති බව පසුගිය ඔක්තෝබර් 23 වැනිදා අනාවරණය විය. ඒ ආරුගම්බේ ප්‍රදේශය ඉලක්ක කර ගනිමින් ප්‍රහාරයක් එල්ල විය හැකි බව පවසමින්, එක්සත් ජනපදය විසින් සිය පුරවැසියන්ට සංචාරක…
කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය අද (26) දිනයේ දී ඉතිහාසයේ ඉහළම අගය යළිත් වරක් අලුත් කරනු ලැබීය. ඒ ඉතිහාසයේ පළමු වරට ඒකක 15,400 සීමාවට පැමිණෙමිනි. අද දිනයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 232.13කින් ඉහළ ගිය අතර දිනය අවසානයේ දී එය ඒකක 15,400.53 ක් ලෙසින් සටහන් වුණි. මෙය පෙර දිනයට සාපේක්ෂව 1.53% ක…
පුද්ගලික වාහන ආනයනයට අදාළ අවශ්‍ය තොරතුරු සම්බන්ධයෙන් මේ වන විට අවසානයකට පැමිණ නොමැති බවත්, නුදුරේ දීම එම තීරණය ගන්නා බැවින් නොබෝ දිනකින් ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගනු ඇති බවත් මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා පවසයි. අද (26) පෙරවරුවේ ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේදී පැවති මාධ්‍ය හමුවක දී ඔහු මේ බව කියා සිටියේය. “ඒ…
ණය ප්‍රතිව්‍යුහගතකරණය අවසන් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට සහන රැසක් අඩු ආදායම්ලාභීන් සුරක්ෂිතයි ආර්ථික ස්ථායීකරණ ක්‍රියාවලිය සහ ජනතාවට යෝජිත සහන පැකේජයන් පිළිබඳ මාධ්‍ය සාකච්ඡාවක් අද (26) පෙරවරුවේ ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේදී පැවැත්විණි. කම්කරු අමාත්‍ය හා ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු සහ මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මෙම මාධ්‍ය සාකච්ඡාවට සහභාගී…
2024 වසරේ මේ දක්වා මෙරටට පැමිණ ඇති සමස්ත සංචාරකයින් සංඛ්‍යාව මිලියන 2ක සීමාව ඉක්ම වීමට සමත් වූ බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි. ඒ අද (26) පෙරවරුවේ බැංකොක් සිට ශ්‍රී ලංකන් ගුවන් යානයකින් මෙරටට පැමිණි විසිලක්ෂයේ තායිලන්ත සංචාරක යුවලෙහි පැමිණීමත් සමගයි. මෙම විසිලක්ෂයේ සංචාරකයා පිළිගැනීම වෙනුවෙන් සංචාරක නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය රුවන් රණසිංහ මහතාගේ සහ…
කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය අඛණ්ඩව 20 වෙනි ගනුදෙනු දිනයටත් අද (24) දින ඉහළ යන ලදී. පසුගිය නොවැම්බර් 26 දින සිට අද දින දක්වා සියලු කොටස් මිල දර්ශකය මෙලෙස අච්ඡින්න ගමනක යෙදී සිටීම වාර්තාගත සිදුවීමකි. අද දිනය තුළ සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 147.79 කින් ඉහළ ගිය අතර දිනයේ ගනුදෙනු අවසානයේ දී…
2024 පළමු දින 22 ඇතුළත ශ්‍රී ලංකාවට පැමිණ ඇති විදෙස් සංචාරකයින්ගේ සංඛ්‍යාව 161,383 ක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සිය නවතම සංඛ්‍යාලේඛන මගින් ප්‍රකාශයට පත්කරයි. ඒ අනුව වසරේ මේ දක්වා මෙරටට පැමිණ තිබෙන සමස්ත විදෙස් සංචාරකයින්ගේ සංඛ්‍යාව 1,966,256 ක් දක්වා ඉහළ ගොස් ඇති බව සංචාරක සංවර්ධන අධිකාරිය වැඩිදුරටත් අනාවරණය කර සිටී. දෙසැම්බර් මාසය තුළ…