Top News

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඉහළ පෙළේ නියෝජිතයන් හා ශ්‍රී ලංකා රජය අතර ආර්ථික ප්‍රතිසංස්කරණ පිළිබඳ සාකච්ඡා

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහනට අදාළව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ නව රජයේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳ සොයා බැලීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) ඉහළ පෙළේ නියෝජිත පිරිසක් අද (02) මෙරටට පැමිණියහ. IMF වැඩසටහනේ ප්‍රගතිය සහ ඩොලර් බිලියන 2.9 ක විස්තීරණ අරමුදල් පහසුකමේ සිව්වන වාරිකය ලබා දීමට අදාළ සාකච්ඡා පැවැත්වීම මෙම සංචාරයේ අරමුණයි. ඒ අනුව…

(0)Comments | October 3, 2024 8:49 am

සියලු සුරා සැල් හෙට වැසෙයි

දිවයින පුරා පිහිටි සියලූම සුරා සැල් හෙට (03) දිනයේ දී වසා දැමීමට තීරණය වී තිබේ. ඒ අනුව දිවයිනේ සියලූම රට බීම අලෙවි සැල් හෙට දිනයේ දී වසා දැමෙන අතර, හෝටල් සහ අවන්හල්, සමාජ ශාලා ආදියෙහි මත් පැන් නිකුත් කිරීම තහනම් වනු ඇත. ඔකතෝබර් 03 වන දිනට යෙදෙන ලෝක අමද්‍යප දිනය හේතුවෙන් මෙලෙස හෙට දිනයේ දී සුරා සැල්…

(0)Comments | October 2, 2024 5:38 pm

දින 11කට පසු කොටස් වෙළෙඳපොළේ පසුබැස්මක්

කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල පහළ යාමක් අද (02) දිනයේ දී වාර්තා විය. මෙලෙස කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල පහළ යාමක් වාර්තා වූයේ අඛණ්ඩ ගනුදෙනු දින 11 කට පසුව වීම විශේෂත්වයකි. මෙහිදී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 58.68 කින් පහළ ගොස් ඒකක 11,934.23 ක් ලෙසත්, S&P SL20 දර්ශක අගය ඒකක 10.89 කින් පහළ ගොස් ඒකක…

(0)Comments | October 2, 2024 4:24 pm

කොමර්ෂල් බැංකුවේ බංගලාදේශ මෙහෙයුම් ඉන්දීය වාණිජ මණ්ඩලයෙන් විශිෂ්ඨ සම්මාන 4ක් දිනා ගනී

කොමර්ෂල් බැංකුවේ, බංගලාදේශ මෙහෙයුම් 2024 ආසියාවේ නැගී එන බැංකු සම්මාන උළෙලේ දී විශිෂ්ඨ සම්මාන 4ක් දිනා ගනිමින් ඉන්දියානු වාණිජ මණ්ඩලය (ICC) විසින්  ගෞරවයට පාත්‍ර වී ඇත. බංගලාදේශයේ හොඳම විදේශීය බැංකුව, බංගලාදේශයේ ක්‍රියාත්මක වන විදේශිය බැංකු අතරින් වර්ධනය සඳහා වූ හොඳම කාර්ය සාධනය, වත්කම්වල ගුණාත්මකභාවය වෙනුවෙන් දැක්වූ හොඳම කාර්ය සාධනය සහ අවදානම් කළමණාකරණයේ හොඳම කාර්ය සාධනය…

(0)Comments | October 2, 2024 3:08 pm

සැප්තැම්බරයේ දී සංචාරකයින් 122,000 ක් දිවයිනට

පසුගිය සැප්තැම්බර් මාසයේ දී ශ්‍රී ලංකාවට පැමිණ ඇති විදෙස් සංචාරකයින් සංඛ්‍යාව 122,140 ක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය නිවේදනය කර සිටී. ඒ අනුව 2024 වසරේ මුල් මාස 09 තුළ ශ්‍රී ලංකාවට පැමිණ ඇති සමස්ත සංචාරකයින් ප්‍රමාණය 1,484,808 ක් දක්වා ඉහළ ගොස් ඇත. මේ අතර 2024 වසරේ මුල් මාස 08 තුළ දී ඩොලර් බිලියන 2.16…

(0)Comments | October 2, 2024 2:08 pm

රු. බිලියන 142.5 ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් අද

ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව විසින් අද (02) දින රු. මිලියන 142,500 ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීමේ වෙන්දේසියක් කැඳවා තිබේ. මෙම වෙන්දේසියේ දී දින 91 කල්පිරීමේ කාලය යටතේ රු. මිලියන 65,000 ක්, දින 182 කල්පිරීමේ කාලය යටතේ රු. මිලියන 67,500 ක් සහ දින 364 කල්පිරීමේ කායල යටතේ රු. මිලියන 10,000 ක් බැගින්…

(0)Comments | October 2, 2024 12:05 pm

ඩොලරය සීඝ්‍රයෙන් පහළට. විකුණුම් මිල රු. 300න් මෙපිටට පැමිණෙයි

එක්සත් ජනපද ඩොලරයේ විකුණුම් මිල රු. 300 න් පහළ මට්ටමට පැමිණ ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. දෛනික විනිමය අනුපාතික සටහනට ප්‍රකාශයට පත් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරන්නේ අද (02) දින එක්සත් ජනපද ඩොලරයේ ගැනුම් මිල රු. 290.30 ක් සහ විකුණුම් මිල රු. 299.35 ක් බවයි. ඩොලරයේ විකුණුම් මිල මෙලෙස රු. 300…

(0)Comments | October 2, 2024 11:33 am

සියලු කොටස් දොළොස් දහස ආසන්නයේ

අඛණ්ඩව 11 වෙනි දිනටත් කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල ඉහළ යාමක් අද (01) දිනයේ දී වාර්තා විය. එහිදී සියලු කොටස් මිල දර්ශකය ඒකක 137.86 ක වාර්තාගත ඉහළයාමක් සනිටුහන් කළ අතර අද දින ගනුදෙනු අවසානයේ දී එහි අගය ඒකක 11,992.91 ක් ලෙසින් සටහන් විය. දිනයේ ගනුදෙනු අතරවාරයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 12,000 සීමාව…

(0)Comments | October 1, 2024 5:04 pm

ඩොලරය තවත් පහළට

ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (01) දින එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.00 ක් හා විකුණුම් මිල රු. 301.05 ක් ලෙසින් වාර්තා වී ඇත. මේ අතර අද දින ඩොලරයේ මධ්‍ය අගය වාර්තා වන්නේ රු. 297.19 ක් ලෙසිනි.

(0)Comments | October 1, 2024 1:48 pm

ධම්මික යළි එයි

ප්‍රකෝටිපති ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා මෙරට ප්‍රමුඛතම සමාගම් සමූහයක් වන හේලීස් පීඑල්සී හි සම සභාපතිවරයා සහ විධායක නොවන අධ්‍යක්ෂවරයෙකු ලෙස නැවත වතාවක් පත් කර තිබේ. හේලීස් සමූහයේ සභාපති සහ ප්‍රධාන විධායක මොහාන් පණ්ඩිතගේ මහතා මේ බව කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත දැනුම් දී ඇත. ධම්මික පෙරේරා මහතාගේ මෙම පත්වීම අද (01) දින සිට බලාත්මක වනු ඇත….

(0)Comments | October 1, 2024 1:24 pm