කොළඹ කොටස් හුවමාරුව (CSE) සහ ශ්‍රී ලංකා අග්නිදිග විශ්ව විද්‍යාලය (SEUSL) එක්ව උපාධි අපේක්ෂකයින් අතර මූල්‍ය සාක්ෂරතාව ඉහළ නැංවීම අරමුණු කරගනිමින් පසුගියදා ඔලුවිල් හි ශ්‍රී ලංකා අග්නිදිග විශ්වවිද්‍යාලයේ දී අවබෝධතා ගිවිසුමකට අත්සන් කරන ලදී. මූල්‍ය ලෝකයේ සැරිසැරීමට අත්‍යවශ්‍ය දැනුම සහ කුසලතාවන්ගෙන් සිසුන් සන්නද්ධ කිරීම මෙම සහයෝගීතාවයේ අරමුණයි. මෙම අවබෝධතාවය හරහා, CSE සහ SEUSL එක්ව සිසුන්…
කොළඹ දිස්ත්‍රික්කයෙහි ඉඩම් තක්සේරු දර්ශකය 2024 වසරේ පළමු භාගයේ දී වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත සියයට 6.9 ක වැඩි වීමක් වාර්තා කරන ලදී. මේ සඳහා නේවාසික, වාණිජ හා කාර්මික යන අනු දර්ශක තුනම පිළිවෙළින් සියයට 8.5ක, 8.5ක සහ 3.7ක වාර්ෂික වර්ධනයන් වාර්තා කරමින් දායක වන ලදී. අර්ධ වාර්ෂික පදනමින් ඉඩම් තක්සේරු දර්ශකය සහ එහි අනු දර්ශක…
මෙරට පොල් කර්මාන්තයේ තවත් ඓතිහාසික සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් පසුගියදා ලංකා පොල් කර්මාන්ත මණ්ඩලය (CCCI) ආරම්භ කරනු ලැබීය. පසුගිය 29 වන දා එහි සමාරම්භක රැස්වීම ශ්‍රී ලංකා ජාතික වාණිජ මණ්ඩලයේදී පවත්වනු ලැබූ අතර ඊට පොල් කර්මාන්තය නියෝජනය කරමින් විවිධ පාර්ශවකරුවන් එක්ව සිටියේය. එහිදී විශේෂයෙන් තිරසාර වර්ධනය, නවෝත්පාදනය හා ගෝලීය වෙළෙඳපොල වෙත පිවීසීම වෙනුවෙන් සංවිධානයේ වැදගත්කම අවධාරණය…
අඛණ්ඩව 8 වන දිනයටත් කොළඹ කොටස් වෙළෙඳපොළ ප්‍රධාන මිල දර්ශකය වන සියලු කොටස් මිල දර්ශකයේ පහළ යාමක් අද (30) දින වාර්තා විය. අද දිනය තුළ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 38.91 කින් පහළ ගිය අතර S&P SL20 දර්ශකය ඒකක 11.67 කින් පහළ යන ලදී. ඒ අනුව දිනයේ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල…
ඩයලොග් ආසිආටා පීඑල්සී (“Dialog”), භාරතී එයාර්ටෙල් ලංකා (පුද්ගලික) සමාගම (“Airtel Lanka”) හා ඒකාබද්ධ වීමේ කටයුතු සාර්ථකව අවසන් කර තිබේ. මෙහිදී, එයාර්ටෙල් ලංකා, සමාගම් පනතේ අදාළ විධිවිධාන යටතේ ඩයලොග් සමඟ ඒකාබද්ධ කෙරුණු අතර, ඒ අනුව ඩයලොග් සමාගම ඒකාබද්ධ ආයතනය ලෙස පවතී. මෙම ඒකාබද්ධ කිරීමත් සමග, 2024 අගෝස්තු 30 සිට බලපැවැත්වෙන පරිදි එයාර්ටෙල් ලංකා, පෞද්ගලික සමාගමක් ලෙස…
කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද., 2021=100) වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2024 ජූලි මාසයේ දී වාර්තා වූ 2.4% සිට 2024 අගෝස්තු මාසයේ දී 0.5% ක් දක්වා දැවැන්ත පහළ යාමක් වාර්තා කර තිබේ. එහිදී වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත ආහාර උද්ධමනය 2024 ජුලි මාසයේ පැවති සියයට 1.5 සිට 2024 අගෝස්තු මාසයේ දී සියයට 0.8ක්…
2024 වසරේ අගෝස්තු මාසයේ පළමු දින 25 තුළ දී 143,622 ක සංචාරකයින් පිරිසක් මෙරටට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය විසින් නිකුත් කර ඇති නවතම වාර්තාව මගින් පෙන්වා දේ. ඒ අනුව මේ දක්වා මෙරටට පැමිණ ඇති සමස්ත සංචාරකයින් සංඛ්‍යාව දැක්වෙනුයේ 1,341,681ක් ලෙසයි. මෙම මාසයේ පළමු දින 25 තුළ දී පැමිණ ඇති සංචාරකයින්ගෙන් 19.5%…
ශ්‍රී ලංකාවේ මෝටර් රථ කර්මාන්තයේ පුරෝගාමියා වන Associated Motorways (AMW) සමාගම විසින් Suzuki රථවාහන සඳහා ශ්‍රී ලංකාවේ එකම බෙදාහරින්නා ලෙස දිවයින පුරා සිටින Suzuki වාහන හිමියන් ආරක්ෂා කිරීමේ ව්‍යාපෘතියක් මෑතකදී ආරම්භ කරන ලදී. දෝෂ සහගත ඉන්ධන මිනුම් පෙන්වීම සහ එන්ජින් ඇණහිටීම වැනි ගැටළුවලට තුඩු දිය හැකි ආරක්‍ෂිත ගැටළු නිරාකරණයට ගත් ප්‍රයත්නයක් ලෙස, AMW සමාගම මෑතකදී Suzuki WagonR මාදිලිය සඳහා නැවත කැඳවීමක් දියත්…
LTL හෝල්ඩිංග්ස් ලිමිටඩ් සමාගම මූලික මහජන කොටස් නිකුතුවක් හරහා කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත වීමට නියමිත බව වාර්තා වේ. මේ බව සඳහන් කරමින් LTL හෝල්ඩිංග්ස් ලිමිටඩ් විසින් දැනුම් දී සිටින්නේ කොළඹ කොටස් වෙළෙඳපොළේ දිරි සවි පුවරුවේ ලැයිස්තුගත කිරීම සඳහා අවශ්‍ය අනුමැතිය මේ වන විට හිමව ඇති බවයි. ඒ අනුව මූලික අදියරේ දී එකක් රු. 14.50 බැගින්…
2025 වසර තුළ නව රැකියා අවස්ථා 100,000ක් ලබා දීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. රනිල් වික්‍රමසිංහ මහතාගේ, “පස්වසරක මෙහෙයුම: පුළුවන් ශ්‍රී ලංකා“ ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශයේ මේ බව දැක්වෙන අතර එහි වැඩිදුරටත් මෙසේ සඳහන් වේ. අපේ ආර්ථික පිළිවෙත නිසා අනාගතයේ දේශීය හා විදේශීය ආයෝජන හමුවේ වැඩි වැඩියෙන් නව ව්‍යවසාය බිහි වී රැකියා අවස්ථා…