Top News

ජනපති සහ අපනයන කර්මාන්තයට සම්බන්ධ සියලු පාර්ශව අතර සාකච්ඡාවක්

එක්සත් ජනපදය සමඟ පැවති සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස පනවා තිබූ තීරු බදු ප්‍රතිශතය අඩු කර ගැනීමට හැකි වුණා : උපරිම සහන ලබා ගැනීමට සාකච්ඡා අඛණ්ඩව පවත්වාගෙන යනවා – ජනපති ඇමරිකා එක්සත් ජනපදය සමඟ පැවති සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස පනවා තිබු අන්‍යෝන්‍ය තීරු බදු ප්‍රතිශතය 44% සිට 30% දක්වා අඩු කර ගැනීමට හැකි වූ බවත්, එම සාකච්ඡා අඛණ්ඩව පවත්වාගෙන…

(0)Comments | July 14, 2025 8:30 am

මත්තල ගුවන්තොටුපොළ දියුණු කිරීමට රජයේ අවධානය

නිසි ව්‍යාපාරික සැලැස්මකින් තොරව ඉදි කර ඇති මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළ හේතුවෙන් ඩොලර් මිලයන 260 ක පමණ ණය මුදලක් ගෙවීමට ඉතිරිව ඇති නමුත් පියවරෙන් පියවර මෙම ජාත්‍යන්තර ගුවන්තොටුපොළ දියුණු කිරීමට බලාපොරොත්තු වන බව ප්‍රවාහන, මහාමාර්ග , වරාය හා සිවිල්ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසයි. මෙහෙයුම් කටයුතු නිසි ලෙස සිදු නොවීම හේතුවෙන් දැඩි ආර්ථික පරිහානියකට ලක්ව තිබෙන…

(0)Comments | July 11, 2025 4:56 pm

30% ඇමරිකා තීරුබදු තවදුරටත් අඩුකරගැනීමට සාකච්ඡා කරන්නැයි ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය රජයෙන් ඉල්ලයි

එක්සත් ජනපද බදු ප්‍රතිපත්තියට අදාලව නිකුත් කල ලිපිය පිලිබඳ ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදයේ ස්ථාවරය ඇමරිකා එක්සත් ජනපද රජය විසින් ප්‍රකාශයට පත් කරනු ලැබූ 30%ක අන්‍යෝන්‍ය ගැලපුම් තීරුබදු අයකිරීමේ වැඩපිලිවෙල අගෝස්තු 01 වන දින සිට බලාත්මක වීමට නියමිත අතර මේ පිලිබඳව ශ්‍රී ලාංකීය ඇඟලුම් නිෂ්පාදන ප්‍රජාවේ දැඩි අවධානය යොමු විය. ඇඟලුම් අපනයනය මෙරට විශාලතම අපනයන ඉපැයීම්…

(0)Comments | July 11, 2025 3:43 pm

ඉතිහාසයේ මුල්වරට සියලු කොටස් මිල දර්ශකය ඒකක 18,500 සීමාව අභිබවයි

මෙරට ප්‍රාග්ධන වෙළෙඳපොළ ඉතිහාසයේ ප්‍රථම වරට කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 18,500 සීමාව අද (11) දිනයේ දී අතික්‍රමණය කරන ලදී. අද දිනයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 379.77 ක වර්ධනයක් සනිටුහන් කරමින් දිනයේ ගනුදෙනු අවසානයේ දී ඒකක 18,541.26 ක් දක්වා ඉහළ ගියේය. බැංකු සමාගම් රැසකම කොටස් මිල ගණන් දිනය තුළ දී…

(0)Comments | July 11, 2025 3:19 pm

අමෙරිකාවෙන් මෙරටට පැනවෙන 40%ක් වූ තීරු බද්ද මෙරට අපනයනය ක්ෂේත්‍රයට කුමන බලපෑමක් එල්ල කරයි ද?

අමෙරිකාව ශ්‍රී ලංකාවට පැනවූ 30% අන්‍යෝන්‍ය තීරුබදුවලින් එල්ලවන බලපෑම වළක්වාගැනීම සඳහා ශ්‍රී ලංකාවේ භාණ්ඩ අපනයනය, විවිධාංගීකරණයට ලක්විය යුතු බව කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ කථිකාචාර්ය උමේෂ් මොරමුදලි මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ මෙරට ඇඟලුම් කර්මාන්තය පිළිබඳ සලකා බැලීමේ දී, ශ්‍රී ලංකාව තරග කරනු ලබන්නේ වියට්නාමය, බංගලාදේශය, සහ ඇතැම් අප්‍රිකානු රටවල් සමඟ වන බැවින් එවැනි…

(0)Comments | July 11, 2025 2:09 pm

එක්සත් රාජධානිය වෙත භාණ්ඩ අපනයනය කිරීමට ශ්‍රී ලංකාවට නව දොරටු විවෘත වෙයි

ශ්‍රී ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින රටවලින් සිදුකෙරෙන ආනයන සරල කරමින් බ්‍රිතාන්‍ය ව්‍යාපාර හා වෙළෙඳ දෙපාර්තමේන්තුව විසින් නව වෙළෙඳ පැකේජයක් හඳුන්වා දී තිබේ. මේ හරහා ශ්‍රී ලංකාව, නයිජීරියාව සහ පිලිපීලනය වැනි රටවලින් එක්සත් රාජධානිය වෙත ආනයනය කෙරෙන බොහෝ භාණ්ඩ, තීරුබදු රහිතව ආනයනය කිරීමට අවස්ථාව සැලසෙනු ඇත. මේ සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය ව්‍යාපාර හා වෙළෙඳ දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසන්නේ, සංවර්ධනය වෙමින්…

(0)Comments | July 11, 2025 12:11 pm

ජනපති, ගේට්ස් පදනමේ නියෝජිතයින් හමු වෙයි

කෘෂි කර්මාන්ත, ආහාර හා පෝෂණය, ඩිජිටල් යටිතල පහසුකම් යන ක්ෂේත්‍රවල සහයෝගිතාව ශක්තිමත් කිරීමට අවධානය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ගේට්ස් පදනමේ ගෝලීය සංවර්ධන අංශයේ ප්‍රධානී ආචාර්ය ක්‍රිස් එලායස් (Dr. Chris Elias) මහතා ප්‍රමුඛ එම පදනමේ ඉහළ පෙළේ නියෝජිත පිරිසක් අතර හමුවක් ඊයේ (10) පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණි. ශ්‍රී ලංකාවේ සංවර්ධනයට අදාළ වැදගත් කරුණු…

(0)Comments | July 11, 2025 8:21 am

ඇමරිකානු තීරුබදු ප්‍රතිපත්තිය පිළිබඳ සාකච්ඡාවක්

ඇමරිකා එක්සත් ජනපදය විසින් පනවනු ලැබ ඇති නව තීරුබදු ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකාවේ නියෝජිත කණ්ඩායම අතර විශේෂ සාකච්ඡාවක් ඊයේ (ජූලි 10) පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණි. මෙම සාකච්ඡාවට, කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම, මහ බැංකු අධිපති ආචාර්ය…

(0)Comments | July 11, 2025 8:19 am

සියලු කොටස් මිල දර්ශකයේ ඉතිහාසයේ ඉහළම වාර්තාව අද යළිත් අලුත්වෙයි

කොළඹ කොටස් වෙළෙඳපොළ ඉතිහාසයේ සියලු කොටස් මිල දර්ශකය මෙතෙක් ඉතිහාසයේ වාර්තා කරන ලද ඉහළම අගය අද (09) දිනයේ දී සනිටුහන් වූ අතර එහිදී සිනය අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒතත 18,161.49 ක් දක්වා ඉහළ ගොස් තිබුණි. මෙය පූර්ව ගනුදෙනු දිනයට සාපකේෂව ඒකක 129.37ක ඉහළ යාමක් වේ. මේ අතර S&P SL20 මිල දර්ශකය ඒකක 36.89කින්…

(0)Comments | July 9, 2025 4:41 pm

එමිරේට්ස් සෙවුම් දත්තවලට අනුව ශ්‍රී ලංකාව ගිම්හානයේ හොඳම ගමනාන්ත 3 අතරට

ජූලි සහ අගෝස්තු මාසවලදී විදේශීය සංචාර සඳහා තෝරා ගත් ජනප්‍රියතම ගමනාන්ත තුන අතර ශ්‍රී ලංකාව පැමිණ ඇති බව ලොව විශාලතම ජාත්‍යන්තර ගුවන් සේවය වන එමිරේට්ස් හි නවතම ගුවන් ටිකට්පත් වෙන් කරවා ගැනීමේ දත්තවලින් සනාථ වී ඇත. එමිරේට්ස් වාර්තා කරන පරිදි, ගුවන් ගමන් සඳහා ශ්‍රී ලංකාව සඳහා සෙවීම් ප්‍රමාණය 32% කින් ඉහළ ගොස් ඇත. පොහොසත් සංස්කෘතික…

(0)Comments | July 9, 2025 11:47 am