Top News

වාහන ආනයනය සීමාකිරීමට තීරණයක් නැහැ – ශ්‍රී ලංකා මහ බැංකුව

වාහන ආනයනය සීමා කිරීමට කිසිඳු තීරණයක් ගෙන නොමැති බව ශ්‍රී ලංකා මහ බැංකුව අවධාරණය කරයි. එහි උසස් නිලධාරියෙක් සඳහන් කළේ ඇතැම් මාධ්‍ය වාර්තා කර තිබූ පරිදි වාහන ආනයනය සීමා කිරිම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව සහ මහා භාණ්ඩාගාරය කසිදු ලිපි හුවමාරුවක් හෝ සන්නිවේදනයක් සිදුකර නොමැති බවය. අර්බුදකාරී තත්ත්වයකට තිබූ මෙරට ආර්ථිකය නැවත යථා තත්ත්වයට පත්වීමත්…

(0)Comments | July 8, 2025 8:52 am

කොළඹ කොටස් වෙළෙඳපොළ අද පහළට

කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශක වල පහළ යාමක් අද (07) දක්නට ලැබුණි. ඒ අනුව දිනයේ ගණුදෙනු අවසානයේ සියලු කොටස් මිල දර්ශකය ඒකක 106.14කින් පහළ ගොස් ඒකක 18,042.20ක් ලෙසින් වාර්තා වූ අතර S&P SL20 දර්ශකය ඒකක 26.04කින් පහළ ගොස් ඒකක 5,339.99ක් ලෙසින් සටහන්ව තිබුණි. අද සියලු කොටස් මිල දර්ශකයේ කඩාවැටීමට මෙල්ස්ටාකෝප්, HNB, කොමර්ෂල් බැංකුව, එයිට්කන් ස්පෙන්ස්…

(0)Comments | July 7, 2025 4:56 pm

පර්චසයක් ලක්ෂ 290කට විකිණුනු තුම්මුල්ලේ දැවැන්තම ඉඩම් ගනුදෙනුව

මෙරට ඉතිහාසයේ ඉඩම් පර්චසයක් වෙනුවෙන් හුවමාරු වූ ඉහළම මිල සනිටුහන් කරමින් කොළඹ තුම්මුල්ලේ අක්කරයකට ආසන්න භූමි ප්‍රමාණයක හිමිකාරීත්වය අත්පත් කරගැනීමට හෝම්ලෑන්ඩ්ස් සමූහය කටයුතු කර තිබේ. ඒ රු. බිලියන 4.5ක මුදලකටයි. ඒ අනුව එක් පර්චසයක් සඳහා රු. මිලියන 29ක පමණ මිලක් මෙහිදී ගෙවා තිබේ. හෝම්ලෑන්ඩ්ස් විසින් කොළඹ තුම්මුල්ල ප්‍රදේශයේ දියත් කිරීමට නියමිත, ‘Pentara Residencies තුම්මුල්ල හංදිය‘…

(0)Comments | July 7, 2025 4:54 pm

ඔක්තෝබර් 01 සිට ඩිජිටල් සේවා සඳහා 18%ක වැට් බද්දක්

2025 ඔක්තෝබර් 01 දින සිට ශ්‍රී ලංකාව තුළ සිදුකෙරෙන ඩිජිටල් සේවාවන් සඳහා එකතු කළ අගය මත බදු (VAT) අයකිරීමට තීරණය කර ඇත. 2025 අංක 04 දරන එකතු කළ අගය මත බදු (සංශෝධන) පනත ප්‍රකාරව මෙලෙස ඩිජිටල් සේවාවන් සඳහා VAT බදු අයකෙරන අතර දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් 2025 ජූලි 01 දින පළ කරන ලද අංක 2443/30…

(0)Comments | July 7, 2025 4:01 pm

B2C ප්‍රතිපත්ති වහාම නිවැරදි කරන්න – හර්ෂ

ඊ-වාණිජ වෙබ් අඩවි හරහා භාණ්ඩ ගෙන්වීමේ දී මේ වන විට ඇති වී තිබෙන අර්බුදකාරී තත්ත්වය නිවැරදි කිරම සඳහා වහාම කටයුතු කරන ලෙස මුදල් කාරක සභාවේ සභාපති, පා.ම. ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ඉල්ලා සිටී. ඒ මහතා පවසන්නේ ඇතැමුන් මේ සම්බන්ධයෙන් මුදල් කාරක සභාවේ සභාපතිවරවයා ලෙස තමන්ට ද චෝදනා එල්ල කරන බවයි. මෙහිදී මුදල් කාරක සභාවේ…

(0)Comments | July 7, 2025 2:10 pm

2025 පළමු මාස 06 තුළ සංචාරක කර්මාන්තයෙන් ඩොලර් බිලියන 1.7ක ආදායමක්

2025 වසරේ පළමු මාස 6 තුළ මෙරට සංචාරක ඉපැයීම් වටිනාකම එක්සත් ජනපද ඩොලර් මිලියන 1,712.6ක් දක්වා ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව සිය නවතම දත්ත වාර්තාවන් හරහා අනාවරණය කර සිටී. මෙය 2024 වසරේ පළමු මාස 06 හි වාර්තා වූ සංචාරක ඉපැයීම් වටිනාකම් වූ ඩොලර් මිලියින 1,556.6 හා සැසඳීමේ දී 10% ක වර්ධනයකි. එම…

(0)Comments | July 7, 2025 12:07 pm

ශ්‍රී ලංකාව තවදුරටත් පහළ මැදි ආදායම් කාණ්ඩයේ රටක්

2025 ජූලි 01 වැනිදා සිට 2026 ජුනි දක්වා වන ලෝක බැංකු වර්ගීකරණයට අනුව ශ්‍රී ලංකාව පහළ මැදි ආදායම් ලබන රටක් බවට කාණ්ඩ ගත කර තිබේ. ලෝක බැංකුවේ මෙම වර්ගීකරණය සෑම වසරකම ජූලි 01 දින යාවත්කාලීන වන අතර මීට පෙර ද ශ්‍රී ලංකාව පහළ මැදි ආදායම් කාණ්ඩයේ පසුවිය. මෙම වර්ගීකරණයේ දී ලෝක බැංකුව විසින් ලොව රටවල්,…

(0)Comments | July 7, 2025 10:55 am

පර්පෙචුවල් ට්‍රෙෂරීස් ව්‍යාපාර කටයුතු තවත් මාස 06කට අත්හිටුවයි

ලියාපදිංචි ස්කන්ධ හා සුරැකුම්පත් ආඥාපනත හා දේශීය භාණ්ඩාගාර බිල්පත් ආඥාපනත යටතේ නිකුත් කරන ලද නියෝගයන්ට අනුව, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් කරනු ලබන විමර්ශන කටයුතු තවදුරටත් සිදුකරගෙන යාමේ අරමුණින්, ශ්‍රී ලංකා මහ බැංකුව විසින්, පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම ප්‍රාථමික අලෙවිකරුවෙකු වශයෙන් කරනු ලබන ව්‍යාපාර කටයුතු සහ ක්‍රියාකාරකම් අත්හිටුවීම, 2025 ජූලි මස 05 වැනි දින ප.ව. 4.30…

(0)Comments | July 7, 2025 8:40 am

ෂාරුක් ඛාන් එන උත්සවය ආරාධිතයින්ට පමණයි. ටිකට් නිකුත් කිරීමක් නැහැ

එළඹෙන අගෝස්තු 02 වන දින සුපිරි බොලිවුඩ් නළු ෂාරුක් ඛාන් සහභාගීත්වයෙන් පැවැත්වීමට නියමිත City of Dreams Sri Lanka විවෘත කිරීමේ උත්සවය සඳහා අනවසර ලෙස ප්‍රවේශපත්‍ර නිකුත් කිරීමක් සිදු කරන බවට තම ආයතනයට අනාවරණය වී ඇති බව නිවේදනයක් නිකුත් කරමින් City of Dreams Sri Lanka පවසයි. ඔවුන් පෙන්වා දෙන්නේ මෙම උත්සවය ආරාධිතයින්ට (strictly by invitation only)…

(0)Comments | July 4, 2025 4:29 pm

මැයි මාසයේ ඇඟලුම් අපනයනයේ සුළු පහළ යාමක්

2025 වසරේ මැයි මාසය තුළ මෙරට ඇඟලුම් අපනයනය සම මට්ටමක පැවතියද එය පසුගිය වසරේ අදාල මාසයට සාපේක්ෂව 0.63%ක පහත වැටීමක් බව ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය (JAAF) පවසා සිටියි. එහි සමස්ත වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 356.08කි. පසුගිය කාලය තුළ යුරෝපා කලාපය වෙත සිදු කළ නැව්ගත කිරීම් 5.15%කින් වර්ධනය වූ අතර අනෙකුත් වෙළෙඳපොල වෙත සිදු කළ අපනයන…

(0)Comments | July 4, 2025 4:26 pm