Top News

Ali express තීරණය ගැන නි. ඇමති චතුරංග මෙසේ කියයි

Ali express ශ‍්‍රී ලංකාවට භාණ්ඩ ප‍්‍රවාහනය නවතා දැමීම සම්බන්ධයෙන් කර්මාන්ත හා ව්‍යවසායකත්ව නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා ෆේස්බුක් සටහනක් තබමින් පැහැදිලි කිරීමක් සිදු කර තිබුණි. ඔහු එහි දක්වා තිබුනේ ලංකාවේ දේශීය නිශ්පාදනවලට දැවැන්ත තර්ජනයක් වී තිබූ තනි අයිතම ආනයන (පාර්සල්) රේගු බදු ක්‍රමය මේ වන විට වෙනස් කර ඇති බවයි. මින් පෙර බර කිලෝ 1ක…

(0)Comments | July 3, 2025 1:04 pm

Ali express ශ‍්‍රී ලංකාවට භාණ්ඩ ප‍්‍රවාහනය නවතයි

පකිස්ථානය සහ ශ්‍රී ලංකාව තුළ මෑතකදී පනවා ඇති රේගු බදු ප්‍රතිසංස්කරණ වලින් පසුව, AliExpress විසින් පකිස්ථානයට සහ ශ්‍රී ලංකාවට අඩු වියදම් නැව්ගත කිරීමේ ක්‍රම (low-cost shipping methods)  කිහිපයක් නිල වශයෙන් නවතා දමා ඇති බව වාර්තා වෙයි. AliExpress විසින් සිය විකුණුම්කරුවන් වෙත යොමුකර ඇති නිවේදනයක සඳහන් වන්නේ පකිස්ථානය සහ ශ්‍රී ලංකාව වෙත 2025 ජූලි 7 වන…

(0)Comments | July 3, 2025 11:43 am

ගිණුම් හිමියන්ගේ තැන්පතු ආරක්ෂා කරන අතරම සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට සහාය වන බව බැංකු අවධාරණය කරයි

පරාටේ නීති නැවත භාවිතා කිරීම පිළිබඳව අනතුරු ඇඟවීම් හා ඒ පිළිබඳව ව්‍යාකූලත්වයක් ඇති කිරීමට, කුඩා කණ්ඩායමක් විසින් සිදුකරන උත්සාහයන් තරයේ ප්‍රතික්ෂේප කරන බව දිවයිනේ සියලුම බලපත්‍රලාභී වාණිජ බැංකු නියෝජනය කරන ශ්‍රී ලංකා බැංකු සංගමය (SLBA) නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි. තවද, මෙයට සම්බන්ධ සහන කාලය දැනට අවසන් වී ඇතත් පුළුල් ලෙස පරාටේ නීතියට අදාල ක්‍රියාමාර්ග…

(0)Comments | July 3, 2025 10:49 am

ශ්‍රී ලංකාවේ ‘වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය’ ශ්‍රීලංකන් ගුවන් සේවයයි

LMD විසින් සිදු කරනු ලැබූ නවතම 2025 වාර්ෂික සන්නාම ශ්‍රේණිගත කිරීමේදී ගුවන් සේවා අංශයේ ප්‍රමුඛස්ථානය හිමිකර ගනිමින් “වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය (The Most Loved Brand in the Aviation Sector)” ලෙස ඇගයීමට ලක්වීමට ශ්‍රීලංකන් ගුවන් සේවය සමත් විය. මෙම ඇගයීමත් සමග සුහදශීලී ශ්‍රී ලාංකික ආගන්තුක සත්කාරය, පුළුල් ගුවන් ගමන් ජාලය, සෘජු ගුවන් ගමන් සහ…

(0)Comments | July 3, 2025 10:32 am

E-8 වීසා යටතේ කොරියාවේ කෘෂි හා ධීවර රැකියා

කොරියානු ජනරජයේ E-8 වීසා කාණ්ඩය (සෘතුමය සේවකයින්) යටතේ ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් යෙදවීම පහසු කිරීම සඳහා නියමු ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට 2025‑02‑19 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී තිබේ. ඒ අනුව, අවබෝධතා ගිවිසුම් ඇති කර ගැනීම සඳහා කොරියානු ජනරජයේ උනන්දුවක් දක්වන පළාත් පාලන ආයතන සමඟ රාජ්‍යතාන්ත්‍රික මාර්ග ඔස්සේ සාකච්ඡා පවත්වා ඇත. කොරියානු ජනරජයේ යොන්ග්වෝල් පළාත්…

(0)Comments | July 2, 2025 4:47 pm

කළම්බු ඩොක්යාර්ඩ් සමාගමේ කොටස් මිල 62%කින් ඉහළට

කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු ක්‍රියාකාරීත්වයෙහි ඉහළ වර්ධනයක් අද (02) දින දක්නට ලැබුණු අතර නව වාර්තාවක් ද සමඟින් නැවත වරක් සියලු කොටස් මිල දර්ශක අගය ඉතිහාසයේ ඉහළම අගය වාර්තා කිරීමට අද සමත්විය. ඒ අනුව දිනය තුළ සියලු කොටස් මිල දර්ශකය ඒකක 145.06කින් ඉහළ ගොස් ඒකක 18,141.79ක් ලෙසින් වාර්තා වූ අතර S&P SL20 දර්ශකය ඒකක 19.15කින් ඉහළ…

(0)Comments | July 2, 2025 4:39 pm

‘Starlink’ දැන් ශ්‍රී ලංකාවේ, ඊලොන් මස්ක් තහවුරු කරයි

‘Starlink’ අන්තර්ජාල සේවාව මේ වන විට ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක බව ලොව සුප්‍රකට ව්‍යාපාරික ඊලොන් මස්ක් ඔහුගේ “X” ගිණුමෙහි සටහනත් තබමින් පවසයි. සීමාසහිත ස්ටාර්ලින්ක් ලංකා (පුද්ගලික) සමාගමට චන්ද්‍රිකා තාක්ෂණය භාවිතයෙන් ශ්‍රී ලංකාවේ අන්තර්ජාල සේවා සැපයීම සඳහා “විදුලි සංදේශ සේවා සැපයුම්කරු” බලපත්‍රයක් නිකුත් කිරීමට විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව 2024 අගෝස්තු 14 වනදා කටයුතු කළේය. ශ්‍රී…

(0)Comments | July 2, 2025 12:31 pm

රාජ්‍ය ණය කළමනාකරණයට මෘදුකාංග පද්ධතියක්

රාජ්‍ය ණය කළමනාකරණය කිරීම පිණිස අවශ්‍ය වන ණය කළමනාකරණ මෘදුකාංග පද්ධතියක් මිල දී ගැනීම සඳහා ඍජු ප්‍රසම්පාදන ක්‍රමවේදය අනුගමනය කරමින් පොදු රාජ්‍ය මණ්ඩල ලේකම් කාර්යාලය වෙතින් ලංසුවක් ලබා ගැනීම පිණිස 2024‑10‑14 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී තිබේ. ඒ අනුව, පොදු රාජ්‍ය මණ්ඩල ලේකම් කාර්යාලය වෙතින් ලංසුවක් ඉදිරිපත් කරනු ලැබ ඇත. ලංසු ඇගයීම්…

(0)Comments | July 2, 2025 12:15 pm

2026 අයවැයට දින නියම වෙයි

“නිෂ්පාදන ආර්ථිකයක් සහ සෑම දෙනාම ආර්ථික සංවර්ධනයට දායක කර ගැනීම” යන තේමාව පදනම් කර ගනිමින් 2026-2030 රාජ්‍ය මූල්‍ය රාමුව හා රාජ්‍ය මූල්‍ය ක්‍රමෝපාය ප්‍රකාශය සහ ජාතික ප්‍රතිපත්ති රාමුව වන ” පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්” යන ප්‍රතිපත්ති රාමුවට අනුගතව 2026 වර්ෂය සඳහා වන අයවැය සකස් කිරීමට අපේක්ෂිතය. 2026 අයවැය ඇස්තමේන්තු සකස් කිරීමේ දී ජාතික ප්‍රතිපත්ති…

(0)Comments | July 2, 2025 12:12 pm

138,000 ඉක්ම වූ සංචාරකයින් පිරිසක් ජුනි මාසයේ දිවයිනට

2025 ජුනි මාසයේ මෙරටට පැමිණ ඇති සමස්ථ සංචාරකයින් සංඛ්‍යාව 138,241ක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සිය නවතම දත්ත වාර්තාවන් නිකුත් කරමින් පවසයි. ඒ අනුව මෙම වසරේ මේ දක්වා මෙරටට පැමිණ ඇති සමස්ථ සංචාරකයින් සංඛ්‍යාව දැක්වෙනුයේ 1,168,044ක් ලෙසයි. පසුගිය වසරේ ජුනි මාසයේ මෙරටට පැමිණ ඇත්තේ 113,470ක සංචාරකයින් පිරිසක් පමණි. ඒ හා සැසඳීමේ දී 2025 ජුනි…

(0)Comments | July 2, 2025 10:21 am