Top News

E-8 වීසා යටතේ දකුණු කොරියාවේ රැකියා ලඟදීම 

කැබිනට් අනුමැතියෙන් අනතුරුව අවබෝධතා ගිවිසුම් අත්සන් කිරීමට පියවර – කාර්යංශයේ සභාපති කෝශල වික්‍රමසිංහ දකුණු කොරියාවේ සෘතුමය රැකියා සදහා යොමුකරන E-8 වීසා කාණ්ඩයේ රැකියා අවස්ථා සක්‍රීය කිරීමට පියවර ගනිමින් සිටින බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ සභාපති කෝශල වික්‍රමසිංහ මහතා සදහන් කරයි. මේ සදහා වන යෝජනාව කැබිනට් අනුමැතියට යොමුකර ඇති අතර, එම අනුමැතිය ලැබීමෙන් අනතුරුව…

(0)Comments | July 1, 2025 8:57 am

කොළඹ උද්ධමනය ඉහළට

කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2025 මැයි මාසයේ වාර්තා වූ –0.7% සිට 2025 ජුනි මාසයේ දී –0.6% ක් දක්වා  ඉහළ ගොස් ඇති බව ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි. වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත, ආහාර කාණ්ඩයේ උද්ධමනය 2025 ජුනි මාසයේ දී 4.3% ක් දක්වා අඩු වී ඇති අතර 2025 මැයි…

(0)Comments | June 30, 2025 3:48 pm

ASPI ඉතිහාසයේ පළමු වරට ඒකක 18,000 සීමාව ඉක්මවයි

ඉතිහාසයේ ප්‍රථම වතාවට කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය අද (30) ඒකක 18,000 සීමාව ඉක්මවීමට සමත් විය. ඒ අනුව දිනයේ ගණුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 153.98 කින් ඉහළ ගොස් ඒකක 18,014.86ක් ලෙසින් දැක්වුණි. එහි දී සෙන්ට්‍රල් ෆයිනෑන්ස් කම්පැනි, ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස්, කොමර්ෂල් බැංකුව, සම්පත් බැංකුව සහ බුකිට් ඩාරා යන සමාගම්වල කොටස්…

(0)Comments | June 30, 2025 3:32 pm

City of Dreams Sri Lanka විවෘත කිරීමට, ෂාරුක් ඛාන් ලංකාවට?

ලෝක ප්‍රසිද්ධ ඉන්දීය සිනමාවේ සුපිරි නළු ෂාරුක් ඛාන් අගෝස්තු මාසයේ දී ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව වාර්තා වෙයි. ඒ අගෝස්තු 2 වන දින නිල වශයෙන් විවෘත කිරීමට නියමිත City of Dreams Sri Lanka ව්‍යාපෘතියෙහි සමාරම්භක උත්සවයට සහභාගී වීම සඳහායි. City of Dreams Sri Lanka නිල ෆේස්බුක් පිටුවෙහි මේ සම්බන්ධයෙන් ඉඟි පළ කරමින් සටහනක් පලකර තිබුණි….

(0)Comments | June 30, 2025 3:09 pm

තවත් ඉන්දීය ආයෝජනයක් මෙරටට

දකුණු ඉන්දීයාවේ ප්‍රමුඛතම ශක්තිජනක සහ සිසිල් බීම නිෂ්පාදන සමාගමක් වන ATUM Beverages Pvt Ltd, එහි ජනප්‍රිය පාන වර්ග පරාසය මෙරටට හඳුන්වාදීමට සහ දේශීය නිෂ්පාදනය මෙරට ස්ථාපිත කිරීම අරමුණු කර ගනිමින් ශ්‍රී ලංකා වෙළඳපොළට පිවිසෙන බව ATUM Beverages Pvt Ltd සමාගම නිවේදනය කරයි. ජාත්‍යන්තර වාණිජ මණ්ඩලයේ (ICC Sri Lanka) මහලේකම් නීතිඥ ශනිල් ප්‍රනාන්දු සහ ජ්‍යෙෂ්ඨ ICC…

(0)Comments | June 30, 2025 1:08 pm

මෙරටට දියුණු පොදු ප්‍රවාහන සේවාවක් ලබාදීම පිළිබඳව රජයේ විශේෂ අවධානය

‘Dream Destination’- දුම්රිය ස්ථාන 100ක් නවීකරණය කිරීමේ ව්‍යාපෘතිය ඇරඹේ පවතින ක්‍රමවේදය තුළම ප්‍රතිසංස්කරණ පමණක් සිදු කරමින් ඉදිරියට යනවා වෙනුවට, රට නව තලයකට ඔසවා තැබීම වත්මන් රජයේ අරමුණ බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය. පැවති දේශපාලන සංස්කෘතිය වෙනස් කරමින්, වර්තමාන දේශපාලන අධිකාරිය ලෙස, ඒ සඳහා පියවර ගෙන ඇති බවත්, එය ස්ථාවර තත්ත්වයක් ලෙස වර්ධනය කළ…

(0)Comments | June 30, 2025 9:07 am

පුනර්ජනනීය බලශක්ති සංවර්ධකයින්ගේ සම්මේලනය ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය බලශක්ති අනාගතයට තර්ජනයක් වන මෑතකදී ගනු ලැබූ රාජ්‍ය ප්‍රතිපත්ති පිළිබඳව අනතුරු අඟවයි

පුනර්ජනනීය බලශක්ති සංවර්ධකයින්ගේ සම්මේලනය (FRED) අද දින මාධ්‍ය හමුවක් පවත්වමින්, පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති සඳහා වන මිලදී ගැනීමේ ගාස්තු (feed-in tariffs) සංශෝධනය කිරීම සම්බන්ධයෙන් රජය විසින් මෑතකදී ගනු ලැබූ ප්‍රතිපත්ති තීරණ පිළිබඳව සිය දැඩි විරෝධය ප්‍රකාශ කළේය. මෙම තීරණ සමස්ත පුනර්ජනනීය බලශක්ති අංශය අස්ථාවර කිරීමටත්, ආයෝජකයින්ගේ විශ්වාසය බිඳ දැමීමටත්, ශ්‍රී ලංකාවේ පිරිසිදු බලශක්ති ඉලක්ක අනතුරේ හෙළීමටත්…

(0)Comments | June 27, 2025 2:19 pm

සංධිස්ථානගත ජාතික සමුළුවක් හරහා කොමර්ෂල් බැංකුව තිරසාරභාවය වෙනුවෙන් සාමූහික කැපවීම දිරිමත් කරයි

පාරිසරික හා සමාජ වගකීම් සඳහා වූ ජාතික ගමනේ නායකත්වය තහවුරු කරමින්, සාම්ප්‍රදායික බැංකුකරණයෙන් ඔබ්බට යන පියවරක් ලෙස කොමර්ෂල් බැංකුව විසින් තිරසාරභාවය පිළිබඳ ශ්‍රී ලංකාවේ ප්‍රථම ජාතික සමුළුව මෑතකදී පවත්වන ලදී. ජුනි 26 වන දින සිනමන් ලයිෆ් හිදී පැවතිි ‘ForwardTogether 2025’ එක්දින සමුළුව හරහා ශ්‍රී ලංකාවේ දැනට පවතින දේශගුණික විපර්යාසයන්ට ඔරොත්තු දෙන අනාගතයක් බිහි කිරීම සහ…

(0)Comments | June 27, 2025 11:04 am

තාක්ෂණික සේවාස්ථ පුහුණුලාභීන්ට නොමිලේ ජපන් රැකියා

තාක්ෂණික සේවාස්ථ පුහුණුලාභීන් (TITP) ලෙස ජපානය බලා යාමට නියමිත ශ්‍රී ලාංකික තරුණ තරුණියන් 16 දෙනෙකු වෙත ගුවන් ටිකට්පත් ප්‍රදානය කිරීම, පසුගිය දා (25) ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්‍යාංශයේදී සිදුකරන ලදී. එම පිරිසට සාත්තු සේවා පුහුණුලාභී තරුණියන් 04 දෙනෙකු, නිශ්පාදන රැකියා සඳහා 04 දෙනෙකු හා ඉදිකිරීම් ක්ෂේත්‍රයේ පුහුණුලාභී තරුණයින් 08 දෙනෙකු අයත්වේ. ජපානයේ පිහිටි IM…

(0)Comments | June 27, 2025 10:32 am

දකුණු ආසියානු සංචාරක සහ සුඛෝපභෝගී හෝටල් ක්ෂේත්‍රයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් City of Dreams Sri Lanka අගෝස්තු 02 වනදා විවෘත වෙයි

ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් (JKH) සහ මෙල්කෝ රිසෝර්ට්ස් ඇන්ඩ් එන්ටර්ටේන්මන්ට් ඔවුන්ගේ සුවිශේෂී ව්‍යාපෘතියක් වන City of Dreams Sri Lanka, අගෝස්තු 02 වන දින නිල වශයෙන් විවෘත කරන බව සාඩම්බරයෙන් නිවේදනය කර සිටී. ජාත්‍යන්තර ප්‍රමිතියෙන් හා සියලු පහසුකම්වලින් සමන්විත කැසිනෝ ශාලාවක්, අධි සුඛෝපභෝගී Nüwa හෝටල් සංකීර්ණයක් සහ සුපිරි සාප්පු සංකීර්ණයකින් සමන්විත මෙම ව්‍යාපෘතිය දකුණු ආසියානු සංචාරක සහ…

(0)Comments | June 26, 2025 4:31 pm