2025 ජුනි මාසයේ පළමු දින 22 තුළ මෙරටට පැමිණ ඇති විදෙස් සංචාරකයින් සංඛ්‍යාව 93,486ක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි. ඒ අනුව මෙම වසරේ මේ දක්වා මෙරටට පැමිණ ඇති සමස්ථ සංචාරකයින් සංඛ්‍යාව 1,123,289ක් බව ඔවුන් සිය නවතම දත්ත වාර්තාවන් නිකුත් කරමින් පෙන්වා දෙයි. වසරේ මේ දක්වා අඛණ්ඩව වැඩිම සංචාරක පැමිණීමක් වාර්තා වූ රට ලෙස…
අදාළ සමාගම 2023/09/12 දින දේශීය මෙට්ට නිෂ්පාදනය කර විවිධ රටවල් සදහා අපනයනය කිරීමට අයදුම්පතක් ඉදිරිපත් කරන ලදී. අපනයන සදහා නිශ්පාදන කටයුතු මුල් කොටගෙන අයදුම්පත් ඉදිරිපත් කරන ආයෝජකයින්ගේ අයදුම්පත් විමර්ශනය කිරීමේදී ශ්‍රී ලංකාව ලෝක වෙළඳ සංවිධානයේ (WTO) සාමාජිකයෙකු ලෙසඅදාළ සංවිධානයේ නිර්ණායකයන් සමග ඉදිරිපත් කරනු ලබන අයදුම් පත් සංසන්දනය කරයි. නිදසුනක් ලෙස නිශ්පාදකයෙකු නිශ්පාදන පිරිවැයට අඩුවෙන් නිෂ්පාදනය…
ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ පොළොන්නරුව, වැලිකන්ද නෙළුම්වැව ප්‍රදේශයේ පිහිටි උණු දිය උල්පත් ආශ්‍රිත ප්‍රදේශය සංවර්ධන කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කිරිමට සැලසුම් සකස් කර ඇත. මීට අදාළ සාකච්ඡාවක් ඊයේ (24) දින පෙරවරුවේ එම ප්‍රදේශයේදී පැවැත්වුණු අතර, එහි නිරීක්ෂණ චාරිකාවක්ද සිදු කෙරිණි. මෙතෙක් මෙම උණුදිය උල්පත් ආශ්‍රිත ප්‍රදේශය නිසි පරිදි සංවර්ධනය කර නොතිබීම එහි සංචාරය කිරීමට දෙස්…
ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා සහ ලංකා බැංකු සේවක සංගමය අතර හමුවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඊයේ (24) පෙරවරුවේ පැවැත්විණි. වර්තමානයේ බැංකු ක්ෂේත්‍රයේ පවතින ගැටලු සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡාවට ලක් කෙරුණු අතර ඊට ලබා දිය හැකි විසඳුම් පිළිබඳවද අවධානය යොමු විය. මෙම ගැටලු විසඳීමේදි සියලුදෙනාට පිළිගත හැකි, ප්‍රතිපත්තිමය යාන්ත්‍රණයක අවශ්‍යතාව ජනාධිපති ලේකම් ආචාර්ය…
දිනෙන් දින උණුසුම් වෙමින් පවතින මැදපෙරදිග භූ දේශපාලනික ගැටුම් හමුවේ, ලොව පුරා කොටස් වෙළෙඳපොළ සියල්ලකගේම පාහේ හැසිරීම ද, පවතින ගැටුම්කාරී වාතාවරණය හා සමගාමී හැසිරීමක් පෙන්නුම් කරමින් සිටී. ඊයේ (23) රාත්‍රිය වන විට මැදපෙරදිග කලාපයේ කටාර් රාජ්‍යය ඇතුළු තවත් රටවල් ගණනාවකටම එහි උණුසුම දැනෙන්ට වුවද, අද (24) පෙරවරුව වන විට ඊශ්‍රායලය සහ ඉරානය සටන් විරාමයකට එකග…
මෙරට ප්‍රමුඛ ව්‍යාපාරික සඟරාවක් වන LMD විසින් කරන ලද සමීක්ෂණයකට අනුව කොමර්ෂල් බැංකුව ශ්‍රී ලංකාවේ වඩාත්ම ජනාදරය දිනා ගත් බැංකු සන්නාමය සහ සමස්තයක් ලෙස ලංකාවේ වඩාත්ම ජනාදරය දිනා ගත් සේවා සන්නාමය ලෙස දෙවන ස්ථානයට තේරී පත් වී ඇති අතර, කොම්බෑන්ක් ඩිජිටල් ශ්‍රී ලංකාවේ වඩාත්ම ජනාදරය දිනා ගත් ඊ-වාණිජ්‍ය (මූල්‍ය) සන්නාමය ලෙස නම් වී ඇත. ජනවාරි…
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දිනය වෙනුවෙන් නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනය අනුව එක්සත් ජනපද ඩොලරයක මධ්‍ය අගය රු. 301.12 ක් ලෙසින් සටහන්ව ඇත. මෙය 2024 සැප්තැම්බර් 26 දිනෙන් පසුව ඩොලරයේ මිල රු. 301 සීමාව ඉක්මවා ගිය දෙවැනි අවස්ථාව වන අතර පසුගිය අප්‍රේල් 10 වැනි දින එය රු. 301.20 ක් ලෙසින්…
කොළඹ කොටස් වෙළෙඳපොළ අද (24) උදෑසන ගනුදෙනු ආරම්භයේ මුල් පැය 1 1/2ක කාලය තුළ දී, සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 400ක් ඉක්මවූ කැපීපෙනෙන ඉහළ යාමක් වාර්තා වුණි. ඊයේ (23) දිනයේ දී සියලු කොටස් මිල දර්ශකයේ ඒකක 322.55 ක කඩා වැටීමක් වාර්තා කළ පසුබිමක අද දින ගනුදෙනු ආරම්භයේ දී මෙලෙස වර්ධනයක් වාර්තා වීම සුවිශේෂී තත්ත්වයකි….
මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස පත් වූ ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා අද පෙරවරුවේ වැඩ භාර ගත්තේ ය. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් මුදල් අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා පත් කරනු ලැබූ අතර මීට අදාළ පත්වීම් ලිපිය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසින් අද (23) පෙරවරුවේ…
කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල දැවැන්ත පහළ යාමක් අද (23) දක්නට ලැබුණි. ඒ අනුව දිනයේ ගණුදෙනු අවසානයේ සියලු කොටස් මිල දර්ශකය ඒකක 322.55කින් පහළ ගොස් ඒකක 16,765.40ක් ලෙසින් සටහන් විය. සියලු කොටස් මිල දර්ශකයේ මෙම කඩාවැටීමට සමාගම් 202ක් හේතු වී තිබූ අතර සම්පත් බැංකුව, කොමර්ෂල් බැංකුව, ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස්, මෙල්ස්ටාකෝප් සහ හේලීස් යන සමාගම් මේ…
Video Story