ආයෝජන කැඳවා ගැනීමට නව දිශානතියක් ඔස්සේ අවධානය යොමු කිරීම ඉතා වැදගත් – ජනපති 2024 වසරේ පළමු කාර්තුවට සාපේක්ෂව, 2025 වසරේ පළමු කාර්තුව තුළ සෘජු විදේශ ආයෝජන ඩොලර් මිලියන 96කින් වර්ධනය කර ගැනීමට ශ්‍රි ලංකා ආයෝජන මණ්ඩලය සමත් වී තිබේ. අද (20) පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති ශ්‍රී ලංකා ආයෝජන…
දශක දෙකක් පුරාවට ශ්‍රී ලංකාවේ මෝටර් රථ කර්මාන්තය තුළ ඉහළ විශ්වාසයක් දිනා ගත් සන්නාමයක් වන Euro Motors සමාගම ගෝලීය වශයෙන් සාර්ථකත්වයට පත් SUV සන්නාමයක් වන JETOUR හි එකම ශ්‍රී ලාංකික නියෝජිතයා ලෙස නිල වශයෙන් පත් කර ඇත.ශ්‍රී ලංකාවේ වෙළෙඳපල වෙත JETOUR හඳුන්වාදීම සනිටුහන් කරමින් Euro Motors විසින් JETOUR හි වැඩි ඉල්ලුමක් සහිත මාදිලි ද්විත්වයක් වන …
2025 වසරේ පෙබරවාරි 01 වනදා සිට රජය විසින් මෝටර්රථ වාහන ආනයනයට අවසර දීමත් සමඟ වසරේ මේ දක්වා ගත වූ කාල සීමාව තුළ දී මෝටර් රථ වාහන 14,000ක් පමණ මෙරටට ආනයනය කර ඇති බව අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි. අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සීවලී අරුග්ගොඩ මහතා පවසා සිටියේ එම මෝටර් රථ වාහන 14,000 තුළ වැඩි වශයෙන්…
ශ්‍රී ලංකා මහ බැංකුව, මුදල් අමාත්‍යාංශය සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (ජා. මූ. අරමුදල) සමඟ එක්ව, 2025 ජුනි 16 වන දින කොළඹ ෂැන්ග්‍රි-ලා හෝටලයේ දී “ශ්‍රී ලංකා ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීම: ණය සහ යහපත් පාලනය” යන මැයෙන් ඉහළ මට්ටමේ සමුළුවක් පැවැත්වූයේය. ජා. මූ. අරමුදල මගින් සහාය දක්වන ප්‍රතිසංස්කරණ වැඩසටහන යටතේ ශ්‍රී ලංකාව යථා තත්ත්වයට පත්වීම…
අඛණ්ඩව පස්වන දිනටත් කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල පහළ යාමක් අද (19) දක්නට ලැබුණි. එහිදී දිනයේ ගනුදෙනු අවසානයේ සියලු කොටස් මිල දර්ශකය ඒකක 253.23කින් පහළ ගොස් ඒකක 16,818.21ක් ලෙසින් සටහන් වූ අතර S&P SL20 මිල දර්ශක ඒකක 75.16කින් පහළ ගොස් ඒකක 5,019.15ක් ලෙසින් සටහන්ව තිබුණි. සමාගම් 191 ක කොටස් මිල ගණන් අද දින පහළ ගොස්…
කොළඹ කොටස් වෙළෙඳපොළ නව සභාපතිවරයා ලෙස දිමුතු අබේසේකර මහතා පත් කර තිබේ. ශ්‍රී ලංකාවේ ප්‍රාග්ධන වෙළෙඳපොළ තුළ වසර 35කට අධික අත්දැකීම් ඇති ඒ මහතා පසුගිය වසර 6ක කාලය පුරාවට කොළඹ කොටස් වෙළෙඳපොළ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙස ද කටයුතු කර ඇත.
2025 ජුනි 30 වන දින සිට “චීන වීසා මාර්ගගත අයදුම්පත් පද්ධතිය” නිල වශයෙන් දියත් කරන බව ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය නිවේදනය කර සිටී. නිවේදනයක් නිකුත් කරමින්, තානාපති කාර්යාල ප්‍රකාශකයෙකු විසින් මෙම යාවත්කාලීන කරන ලද නව වීසා අයදුම් කිරීමේ ක්‍රියා පටිපාටියෙහි ප්‍රධාන වෙනස්කම් සහ නිතර අසනු ලබන ප්‍රශ්න පිළිබඳව අවධානය යොමු කළේය. සරල කරන ලද…
ශ්‍රී ලංකා රබර් නිෂ්පාදන මැද පෙරදිග කලාපයේ ප්‍රවර්ධනය කෙරේ ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB), එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ (UAE) ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය සමඟ සහයෝගයෙන් රබර් සහ ටයර් ප්‍රදර්ශනය 2025 (Middle East Rubber & Tyre Expo 2025 )මැද පෙරදිග එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සාජා හිදී රබර් නිෂ්පාදන අංශයේ කුඩා හා මධ්‍ය පරිමාණ සමාගම්…
සංචාරක ක්ෂේත්‍රයේ නියැළෙන ත්‍රිරෝද රථ රියදුරන්ගේ ආකල්ප හා ආචාරධාර්මික බව වැඩිදියුණු කිරීමේ වැඩසටහනක් ආරම්භ කිරීමට ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය පියවර ගෙන තිබේ. එහි මූලික සාකච්ඡාවක් ඊයේ (18) පෙරවරුවේ ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලයේදී පැවැත්විණ. ඒ අනුව, මෙම වර්ෂය තුළදී දිවයිනේ පළාත් 09ම ආවරණය වන පරිදි කුලී රථ රියදුරන් දස දහසක් පුහුණු කිරීමට සැලසුම් කර…
කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල පහළ යාමක් අඛණ්ඩව සිව්වන දිනයටත් අද (18) වාර්තා විය. එහිදී සියලු කොටස් මිල දර්ශකය දිනය තුළ දී ඒකක 210.51කින් පහළ ගිය අතර S&P SL20 දර්ශකය ඒකක 57.43කින් පහළ යන ලදී. ඒ අනුව දිනයේ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 17,071.44ක් ලෙසත් S&P SL20 දර්ශක අගය ඒකක 5,094.31…
Video Story