ප්‍රංශ ජනරජය සහ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය අතර විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියට අදාළව ප්‍රංශ ජනරජය සමඟ ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ ද්විපාර්ශ්වික ගිවිසුම අත්සන් කිරීම විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියේ වැදගත් සන්ධිස්ථානයක් වන අතර, ණය තිරසාරභාවය යථා තත්ත්වයට පත් කිරීම සහ එමඟින් ශ්‍රී ලංකාවේ ආර්ථිකය නැවත ගොඩ නැගීම සඳහා ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය කඩිනමින්…
2025 මැයි මාසයේ දී ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශක මගින් නිෂ්පාදන සහ සේවා ක්‍රියාකාරකම්වල වර්ධනයක් පෙන්නුම් කරයි. නිෂ්පාදන ක්‍රියාකාරකම්වල වර්ධනයක් පෙන්නුම් කරමින්, නිෂ්පාදන අංශයේ ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය 2025 මැයි මාසයේ දී දර්ශකාංක 55.5ක් වාර්තා කළේය. පෙර වසරවල මෙන්ම 2025 අප්‍රේල් මාසයේ දී ද නිෂ්පාදන ක්‍රියාකාරකම්වල වාර්තා වූ මන්දගාමී තත්ත්වයෙන් මිදී යළි යථා තත්ත්වයට පත්වීමක් පෙන්නුම්…
මෙරට ලොතරැයි ඉතිහාසයේ දැවැන්තම සුපිරි ලොතරැයි ත්‍යාග මුදල ජයග්‍රහණය කිරීමට පුද්ගලයෙකු ඊයේ (16) සමත් වූ බවට වාර්තා වෙයි. ඒ ජාතික ලොතරැයි මණ්ඩලයේ මෙගා පවර් 2210 වන දිනුම් වාරයේ සුපිරි ත්‍යාගය වන 474,599,422 ත්‍යාග මුදල දිනා ගනිමින්ය. එම ජයග්‍රාහී ලොතරැයිපත අලෙවි කර ඇත්තේ ගොකරැල්ල ප්‍රදේශයේ එච්.ඒ.ජානකී හේමමාලා නම් අලෙවි නියෝජිතවරියයි. මේ 2025 වසරේ 21 වන සුපිරි…
ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2025 වර්ෂයේ පළමුවන කාර්තුව (ජනවාරි 1 සිට මාර්තු 31 දක්වා) සඳහා නිෂ්පාදන ප්‍රවේශය යටතේ පවත්නා මිල ගණන් සහ ස්ථාවර මිල (2015) ගණන් යටතේ දළ දේශීය නිෂ්පාදිතය සහ අනෙකුත් සාර්ව ආර්ථික දර්ශක ඇස්තමේන්තු කර ප්‍රකාශයට පත් කොට ඇත. 2024 වර්ෂයේ පළමුවන කාර්තුවේ ස්ථාවර මිල (2015) ගණන් යටතේ රුපියල් මිලියන 3,318,769 ක්…
ආර්ථික බිඳ වැටීමක් තුළ රාජ්‍යයක ස්වාධිපත්‍යය හා ස්වෛරීත්වය රඳා පවතින්නේ නැහැ ආර්ථිකය ගොඩගැනීමට නව ප්‍රතිසංස්කරණ සහ වෙනස්කම් අත්‍යාවශ්‍යයි – ජනපති වසර 2028 වන විට රට විසින් ගෙවිය යුතු විදේශ ණය ස්වශක්තියෙන් ගෙවීමට හැකි වන ආර්ථික වර්ධනයක් සහ ස්ථාවරත්වයක් රට තුළ නිර්මාණය කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය. ආර්ථික බිඳ වැටීමක් තුළ රාජ්‍යයක ස්වාධිපත්‍ය…
නව ආයෝජන ආකර්ෂණය කර ගැනීමට සහ ජනතාව කේන්ද්‍ර කර ගත් ආර්ථික න්‍යාය පත්‍රයක් ඉදිරියට ගෙන යාම සඳහා කැප වෙනවා – ජනපති ශ්‍රී ලංකා ආර්ථිකය යථා තත්ත්වයට ගෙන ඒමට සහ රජයේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අඛණ්ඩ සහාය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (16) පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) නියෝජ්‍ය කළමනාකාර…
ශ්‍රී ලංකා අධ්‍යක්ෂවරුන්ගේ ආයතනය (SLID) විසින් 2025 ජුනි 17 වන දින සවස 05.30 ට කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හිදී පවුල් ව්‍යාපාර සමුළුවක් පැවැත්වීමට කටයුතු යොදා ඇත. මෙම වැඩසටහන සඳහා SLID ආයතනය ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව (SEC), කොළඹ කොටස් හුවමාරුව (CSE) සහ KPMG සමඟ සහයෝගයෙන් කටයුතු කරයි. “කල් පවත්නා පවුල් උරුමයක් ගොඩනැගීම: වර්ධනය සහ…
ශ්‍රී ලංකාව මේ වන විට අනුගතව ඇති ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහන, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එවන් වැඩසටහනකට යන අවසාන අවස්ථාව බවට පත් කරගැනීමේ අපේක්ෂාවක් තමන්ට ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. ශ්‍රී ලංකාවට පැමිණ සිටින ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පළමු නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂිකා ආචාර්ය ගීතා ගෝපිනාත් මහත්මියගේ සහභාගීත්වය ඇතිව අද (16)…
ජනපති ජර්මනියේ සංචාරක ක්ෂේත්‍රයේ නියෝජිතයන් හමු වෙයි ජර්මානු ෆෙඩරල් ජනරජයේ නිල සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පසුගිය දා (13) බර්ලින්හි වැල්ඩොෆ් ඇස්ටෝරියා හෝටලයේ දී සංචාරක සහ චාරිකා කර්මාන්ත සංගම් (Tourism and Travel Industry Associations) සහ බැහැර චාරිකා මෙහෙයවන්නන් (Outbound Travel/Tour Operators) සමඟ හමුවකට එක් විය. ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයේ තිරසරභාවය වෙනුවෙන් රජය ගෙන…
ජර්මනියේ වාණිජ හා කර්මාන්ත මණ්ඩලය සංවිධානය කළ ව්‍යාපාරික සංසදය පසුගිය දා (13) ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජර්මනියේ වාණිජ හා කර්මාන්ත මණ්ඩල සංගම් (DIHK)මුලස්ථානයේදී පැවැත්විණි. එහි ප්‍රධාන දේශනය සිදු කළ ජනාධිපතිවරයා, ශ්‍රී ලංකාවේ ආර්ථික පරිවර්තනය, ආයෝජන අවස්ථා, ශ්‍රී ලංකාවේ සංවර්ධන ශක්‍යතා සහ දෙරට අතර නව වෙළෙඳ සබඳතා ගොඩනැගීමට ඇති අවස්ථා ආදිය පිළිබඳව සිය අදහස්…
Video Story