ප්‍රධාන ආයතන හතරකට මූල්‍ය හා තාක්ෂණික සහාය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා සහ ගෝලීය වෙනසක් සඳහා වන ටෝනි බ්ලෙයාර් ආයතනයේ නිලධාරීන් අතර සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී ඊයේ (11) පැවැත්විණි. නව රජයේ වැඩපිළිවෙළෙහි ප්‍රමුඛතා හඳුනා ගෙන ඊට සහයෝගය පළ කිරීම මෙම හමුවේ අරමුණ විය. ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය, කෘෂිකර්ම අමාත්‍යාංශය, අපනයන සංවර්ධන මණ්ඩලය සහ ආයෝජන මණ්ඩලය…
ලොව ප්‍රධාන පෙළේ මිල අඩු ගුවන් සේවයක් (Budget Airline) ලෙසින් සැලකෙන Jetstar සිය ආසියානු කලාපයේ මෙහෙයුම් කටයුතුවලින් ඉවත් වන බව නිවේදනය කර සිටී. ඔස්ට්‍රේලියාවේ Qantas සමූහයට අනුබද්ධිත ගුවන් සේවාවක් වන මෙය, සිය ආසියානු මෙහෙයුම් තුළින් අලාභදායීත්වයක් වාර්තා කිරීම මෙම තීරණයට හේතු වී තිබේ. ගුවන්තොටුපළ ගාස්තු ඉහළ යාම, ඉන්ධන පිරිවැය ඉහළ යාම ආදී කරුණු හේතුවෙන් එම…
DFCC බැංකුව ඉන්දියාවේ ගුජරාට් ජාත්‍යන්තර මූල්‍ය තාක්ෂණ නගරයේ (GIFT නගරය) පිහිටි ජාතික කොටස් හුවමාරුවේ – ජාත්‍යන්තර හුවමාරුවේ (NSE IX) බැඳුම්කර ලැයිස්තුගත කළ පළමු විදේශීය සමාගම බවට පත්ව ඇත. එය ශ්‍රී ලංකාවේ ප්‍රාග්ධන වෙළඳපොළවල සැලකිය යුතු සන්ධිස්ථානයක් සනිටුහන් කරන අතර තිරසර මූල්‍ය ක්ෂේත්‍රයේ කලාපීය ප්‍රමුඛයෙකු ලෙස DFCC බැංකුවේ පිළිගැනීම තවදුරටත් ශක්තිමත් කරයි. ප්‍රථම වරට ශ්‍රී ලංකාවේ…
ශ්‍රී ලංකාවේ විවිධාංගීකරණය වූ සමාගම් සමූහයක් වන සන්ෂයින් හෝල්ඩින්ග්ස් පවතින අභියෝගාත්මක සාර්ව ආර්ථික තත්වයන් සහ වෙනස්වන පාරිභෝගික අවශ්‍යතා හමුවේ වුවද 2025 මාර්තු මාස 31 න් අවසන් වූ මූල්‍ය වර්ෂය සඳහා ශක්තිමත් ආදායම් වර්ධනයක් වාර්තා කිරීමට සමත්ව ඇත. සමූහයේ මෙම ඉහළ වර්ධනයට සුව සේවා අංශයේ කැපී පෙනෙන දායකත්වය හේතු වූ අතර 2025 මූල්‍ය වර්ෂයේ සමූහයේ සමස්ත…
සන්ෂයින් හෝල්ඩින්ග්ස් සහ ලෝක බැංකු සමූහයේ සාමාජිකයෙකු වන ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව (IFC) සමඟ එක්ව කාන්තාවන්ගේ රැකියා ප්‍රවර්ධනය කරන සහ ගෞරවනීය සේවා ස්ථාන නිර්මාණය කිරීමට සහාය වන විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කර ඇත. මෙම හවුල්කාරිත්වය IFC හි Facility for Investment Climate Advisory Services (FIAS) වැඩසටහනේ කොටසකි. මෙම වැඩසටහන හරහා සන්ෂයින් සමූහය තුළ කාන්තාවන් රැකියාවට බඳවා ගන්නා සහ…
බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ සඳහා වන ප්‍රධාන සැලැස්ම සකස් කිරීම පිණිස උපදේශක ආයතනයක් තෝරා ගැනීම සඳහා ජාත්‍යන්තර තරගකාරී ලංසු කැඳවීමේ ක්‍රමවේදය අනුව යෝජනා කැඳවා ඇත. එම යෝජනා ඇගයීමෙන් අනතුරුව, එකී කොන්ත්‍රාත්තුව ප්‍රදානය කළ සමාගම විසින් කොන්දේසි ප්‍රකාරව කටයුතු නොකිරීම හේතුවෙන් අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය මත අදාළ කොන්ත්‍රාත්තුව අවලංගු කර, ප්‍රසම්පාදන කාර්යය නැවත ආරම්භ කිරීමට සීමාසහිත ගුවන්තොටුපොළ සහ…
ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව විසින් අද (11) දිනයේ දී රු. මිලියන 175,000 ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් කැඳවා තිබේ. එහිදී දින 91, දින 182 හා දින 364 යනව පරිණත කාලවලට අදාළව පිළිවෙලින් රු. මිලියන 25,000ක්, රු. මිලියන 60,000 ක් සහ රු. මිලියන 90,000 ක් බැගින් වන බිලපත්, වෙන්දේසිය සඳහා ඉදිරිපත් කිරීමට නියමිතව ඇත….
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පළමු නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂිකා ආචාර්ය ගීතා ගෝපිනාත් මහත්මිය 2025 ජූනි මස 15 සහ 16 යන දෙදින තුළ ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වීමට නියමිත ය. 2005 වසරෙන් පසු, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සේවය කරන පළමු නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂකවරයෙකු ශ්‍රී ලංකාවේ සංචාරය කරන පළමු අවස්ථාව මෙය වන බැවින් එය ඉතා සුවිශේෂි සංචාරයක් වේ. සිය සංචාරය තුළ…
ශ්‍රී ලංකාව විවේක සහ MICE සංචාරක කටයුතු සඳහා ලොව ප්‍රියතම ගමනාන්තයක් බවට පත්කිරීමේ අරමුණින් Visa සහ ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය අතර ඇතිකරගත් ක්‍රමෝපායික හවුල්කාරිත්වයේ තවත් එක් පියවරක් ලොව ගෙවීම් සේවාවන් අතර ප්‍රමුඛයා වන Visa තම ආසියා – පැසිෆික් සමුළුව ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට තීරණය කර ඇති බව පසුගියදා නිවේදනය කළේය. ශ්‍රී ලංකාවේ MICE (Meetings, Incentives,…
කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය, ඉතිහාසයේ ප්‍රථම වරට ඒකක 17,500 හි සීමාව ඉක්මවීමට අද (09) දිනයේ දී සමත්විය. ඒ අනුව දිනයේ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 105.79කින් ඉහළ ගොස් 17,500.24ක් ලෙසින් සටහන් විය. අද දිනය තුළ සියලු කොටස් මිල දර්ශකයේ වර්ධනයට හේලීස්, සෙලින්කෝ හෝල්ඩිංග්ස්, සිලෝන් කෝල්ඩ් ස්ටෝර්ස්, HNB සහ සිලෝන්…
Video Story