කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල දැවැන්ත පහළ යාමක් අද (23) දක්නට ලැබුණි. ඒ අනුව දිනයේ ගණුදෙනු අවසානයේ සියලු කොටස් මිල දර්ශකය ඒකක 322.55කින් පහළ ගොස් ඒකක 16,765.40ක් ලෙසින් සටහන් විය. සියලු කොටස් මිල දර්ශකයේ මෙම කඩාවැටීමට සමාගම් 202ක් හේතු වී තිබූ අතර සම්පත් බැංකුව, කොමර්ෂල් බැංකුව, ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස්, මෙල්ස්ටාකෝප් සහ හේලීස් යන සමාගම් මේ…
ජාතික පාරිභෝගික මිල දර්ශකයට (NCPI) අනුව 2025 මැයි මාසයේ මෙරට ලක්ෂ්‍යමය මතුපිට උද්ධමනය 0.6% ක් දක්වා ඉහළ ගොස් ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද නවතම වාර්තාවෙහි සඳහන් වේ. 2025 අප්‍රේල් මාසයේ දී මෙම අගය වාර්තා වූ යේ -0.8% ක් ලෙසිනි. අප්‍රේල් මාසයේ දී 2.9 % ක් ලෙස වාර්තා වූ ආහාර කාණ්ඩයේ…
ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය යටතේ පවතින භූමි ප්‍රදේශ සංචාරක ක්ෂේත්‍රයේ ආයෝජන සඳහා යොදා ගැනීමටත් ඒවායේ ආයෝජනය කිරීම වෙනුවෙන් දේශීය සහ විදේශීය ආයෝජකයින් බොහෝමයක් සූදානමින් සිටින බවට හඳුනාගෙන ඇති බවත් ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි. ඒ අනුව මේ වන විට ශ්‍රී ලංකාව තුළ ආයෝජකයින්වෙත විවෘත කිරීමට හැකි ඉඩම් අක්කර 3,000කට ආසන්න ප්‍රමාණයක් පවතින බවයි…
2025 ජුනි 18 වැනි දින සිට 21 වැනි දා දක්වා චීනයේ යුනාන් පළාතේ කුන්මිංහි පැවති නවවැනි (9) චීන-දකුණු ආසියානු ප්‍රදර්ශන සම්මේලනයට සහ හයවැනි (6) චීන-දකුණු ආසියානු සහයෝගිතා සංසදයට විදේශ කටයුතු සහ විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර සහභාගී විය. මෙම වසරේ ප්‍රදර්ශනය ශ්‍රී ලංකාවට විශේෂයෙන්ම වැදගත් වන්නේ ශ්‍රී ලංකාව මෙම ප්‍රදර්ශන සම්මේලනයේ තේමා රාජ්‍යය ලෙස තෝරාගෙන තිබූ නිසාය. හයවැනි (6) චීන-දකුණු ආසියානු සහයෝගිතා…
හිටපු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා මුදල් අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙසින් පත් කර තිබෙන බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කර සිටී. මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයාව සිටි මහින්ද සිරිවර්ධන මහතා පසුගිය දා එම ධූරයට සමුදුන් අතර ඔහු ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) විකල්ප විධායක අධ්‍යක්ෂවරයෙකු ලෙස වැඩභාර ගැනීමට නියමිතය. ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වූ…
ස්ථාවර සහ ආයෝජක හිතකාමී ආර්ථික පරිසරයක් ඇති කිරීම තුලින්, පෙර වසරට සාපේක්ෂව විදේශ සෘජු ආයෝජන (FDI) රට තුළට ගලා ඒමේ වර්ධනයක් දැකිය හැකි බව, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය (BOI) සඳහන් කරයි. ශ්‍රී ලංකාවේ ආයෝජන වෙත පහසුකම් සැලසීම සඳහා සාර්ව ආර්ථික ස්ථායීතාවය සහ ස්ථාවර ප්‍රතිපත්ති රාමු ස්ථාපිත කිරීම සඳහා රජය දක්වන නොසැලෙන කැපවීම මත ජාත්‍යන්තර ආයෝජකයින්ගේ …
මේ වන විට මැදපෙරදිග කලාපය තුළ තීව්‍ර වී ඇති යුධමය වාතාවරණය ගෝලීය ආර්ථිකයට දැඩි බලපෑමක් එල්ල කරමින් පවතින අතර ලොව පුරා කොටස් වෙළෙඳපොළ ගණනාවක හැසිරීම නිරීක්ෂණයේ දී ඒ බව මනාව පැහැදිලි වේ. අද (23) පෙරවරුව වන විට ආසියානු කලාපයේ ප්‍රධාන කොටස් වෙළෙඳපොළ ගණනාවක තත්ත්වය පහත දැක්වෙන අතර ෂැංහයි කොටස් වෙළෙඳපොළ හැරෙන්නට සෙසු සෑම වෙළෙඳපොළකම පහළ…
අද දිනයේ දී කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල කැපීපෙනෙන ඉහළ යාමක් වාර්තා වූ අතර එලෙස කොටස් වෙළෙඳපොළ ඉහළ යාමක් වාර්තා වූයේ අඛණ්ඩ දින 05 ක කඩා වැටීමකින් පසුව වීම විශේෂත්වයකි. එහිදී සියලු කොටස් මිල දර්ශකය ඒකක 269.74කින් ඉහළ ගොස් දිනයේ ගනුදෙනු අවසානයේ දී ඒකක 17,087.95 ක් ලෙසත්, S&P SL20 දර්ශකය ඒකක 80.13කින් ඉහළ ගොස් ඒකක…
S&P Dow Jones Indices විසින් 2025 අර්ධ වාර්ෂික සමාලෝචනයෙන් පසු දර්ශක සැකසීමට අනුව S&P Sri Lanka 20 දර්ශකයට අදාළව පහත වෙනස්කම් සිදු කළ බවට කොළඹ කොටස් හුවමාරුව (CSE) මෙලෙස නිවේදනය කරයි. 2025 ජුනි 23 සිට බලපැවැත්වෙන පරිදි, 2025 ජුනි 20 වන දින කොටස් වෙළඳපොළ ගනුදෙනු අවසන් වීමෙන් පසුව, S&P Dow Jones Indices විසින් ප්‍රකාශයට පත්…
ශ්‍රී ලංකාවේ නේවාසික තනි පුද්ගලයන් අතර, විදේශයන්හි නිශ්චල දේපළ මිළ දී ගැනීම සඳහා සිදු කරන ආයෝජන (විදේශයන්හි දේපළ ආයෝජන) ප්‍රවර්ධනය කරමින් මුද්‍රිත සහ සමාජ මාධ්‍යවල පළ කරන ලද වෙළඳ දැන්වීම් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මෑතක දී නිරික්ෂණය කර තිබේ. මෙම වෙළඳ දැන්වීම් මඟින් එවැනි ආයෝජන සඳහා විදේශයන්ගෙන් මූල්‍ය පහසුකම් ලබා ගැනීම සම්බන්ධයෙන් ද මග…
Video Story