Top News

City of Dreams විවෘත කිරීමට ෂාරුක්ගේ පැමිණීම නිල වශයෙන් නිවේදනය කරයි

සුපිරි බොලිවුඩ් නළු ෂාරුක් ඛාන් සහභාගී වන City of Dreams Sri Lanka විවෘත කිරීම අති උත්කර්ෂවත් ලෙස කොළඹදී 2025 අගෝස්තු 2 වනදා කොළඹදී අති උත්කර්ෂවත් අයුරින් පැවැත්වෙන City of Dreams Sri Lanka හි විවෘත කිරීමේ උත්සවයේ විශේෂ ආරාධිත අමුත්තා ලෙස බොලිවුඩ් හි කිං ඛාන් ලෙස හැඳින්වෙන සුපිරි නළු ෂාරුක් ඛාන් ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය. බොලිවුඩ්…

(0)Comments | July 2, 2025 9:59 am

ඉන්දියාවේ ප්‍රකට සමාගම් රැසක ප්‍රධානීන් ආයෝජන අවස්ථා සොයා බැලීමට මෙරටට

ආයෝජන වලදී සිදු වූ දූෂණය පිළිබඳ අමිහිරි අත්දැකීම් තවත් නැහැ – ජනපති පවසයි ශ්‍රී ලංකාවේ බලශක්ති, යටිතල පහසුකම්, ඩිජිටල් ආර්ථිකය, සංචාරක, කෘෂිකර්මාන්ත යන ක්ෂේත්‍රවල මෙන්ම ව්‍යවසායකයන්ගේ ධාරිතා වර්ධනයට අදාළ නව ආයෝජන අවස්ථා පිළිබඳව තම අවධානය යොමු ව තිබෙන බව ඉන්දියානු ව්‍යවසායකයෝ පවසති. පවතින ආයෝජන අවස්ථා තවදුරටත් වර්ධනය කර ගැනීම සහ නව ආයෝජන අවස්ථා පිළිබඳ සොයා…

(0)Comments | July 2, 2025 9:24 am

ශ්‍රී ලංකාව සඳහා වන විස්තීර්ණ ණය පහසුකමේ සිව්වන සමාලෝචනයට IMF විධායක මණ්ඩල අනුමැතිය හිමිවෙයි

ශ්‍රී ලංකාව සඳහා වන මාස 48ක විස්තීර්ණ ණය පහසුකමේ (EFF) සිව්වන සමාලෝචනයට ඊයේ (01) ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින් අනුමැතිය ලබා දී තිබේ. ඒ අනුව ශ්‍රී ලංකාවට එ.ජ. ඩොලර් මිලියන 350ක පමණ මූල්‍යන පහසුකමක් සඳහා ප්‍රවේශය හිමි වන අතර මේ දක්වා මෙම විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහන යටතේ මෙරටට ලබා දී ඇති මුළු මූල්‍යාධාර ප්‍රමාණය…

(0)Comments | July 2, 2025 8:24 am

දැවැන්ත කොටස් ගනුදෙනුවකින් පසු අද පිරිවැටුම රු. බිලියන 7.6 ඉක්මවයි

කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු අද (01) දිනයේ දී වඩාත් සක්‍රීය ස්වභාවයක් ගත් අතර රු. බිලියන 7.63 ක ගනුදෙනු පිරිවැටුමක් දිනය තුළ වාර්තා විය. ප්‍රධාන වශයෙන් LOLC ෆිනෑන්ස් සමාගමේ සිදුවූ කොටස් ගනුදෙනුවක් අද දින මෙලෙස ඉහළ පිරිවැටුමක් වාර්තා වීමට හේතුවී තිබුණි. එහිදී LOLC ෆිනෑන්ස් සමාගමේ කොටස් මිලියන 550ක්, කොටසක් රු. 6.00 බැගින් හුවමාරු වී තිබුණු අතර…

(0)Comments | July 1, 2025 4:37 pm

හෙළකුරු මීළඟ පිම්ම, Helago අද සිට

හෙළකුරු Superapp හි තවත් පෙරළිකාර ඇරඹුමක පළමු පියවර ලෙස Helago නමින් ride-hailing ප්‍රවාහන සේවාවක් දියත් කිරීමට ඔවුන් අද (01) සිට පියවර ගෙන ඇත. සිංහල යතුරුපුවරුවක් ලෙස ඇරඹි හෙළකුරු, මේ වන විට මිලියන 4.4 කට අදික පිරිසක් එදිනෙදා සැරිසරන ඩිජිටල් වේදිකාවක් බවට පත් ව ඇති අතරම මෙරට ඇප් එකක් සතු විශාලතම ඩිජිටල් ප්‍රේක්ෂකයින්ගෙන් සමන්විත වන්නේද හෙළකුරු…

(0)Comments | July 1, 2025 3:17 pm

විදේශීය අංශය ශක්තිමත්: අඛණ්ඩව පස්වන මාසයටත් ජංගම ගිණුමේ අතිරික්තයක්

ජංගම ගිණුම් අතිරික්තයක් අඛණ්ඩව මාසිකව වාර්තා කරමින් ශ්‍රී ලංකාවේ විදේශීය අංශය 2025 වසරේ මැයි මාසයේ දී තවදුරටත් ශක්තිමත් වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. 2025 මැයි මාසය වෙනුවෙන් විදේශීය අංශ ක්‍රියාකාරීත්වය පිළිබඳ වාර්තාව නිකුත් කරමින් මේ බව සඳහන් කරන මහ බැංකුව වැඩිදුරටත් පවසන්නේ,  විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ ලැබීම් වැඩිදියුණු වූ අතර එමගින් පුළුල්…

(0)Comments | July 1, 2025 3:01 pm

Colombo Dockyard අයිතිය ජපානයෙන් ඉන්දියාවට

ශ්‍රී ලංකාවේ ලැයිස්තුගත සමාගමක් වන Colombo Dockyard PLC හි පාලක කොටස් අයිතිය, දැනට එහි 51% ක කොටස් හිමිකාරීත්වය දරනු ලබන ජපානයේ Onomichi Dockyard Company Limited වෙතින් මිල දී ගැනීමට ඉන්දියාවේ Mazagon Dock Shipbuilders Limited තීරණය කර තිබේ. ඉන්දියාවේ බොම්බේ කොටස් හුවමාරුවේ (BSE) සහ ජාතික කොටස් හුවමාරුවේ (NSE) ලැයිස්තුගත කර ඇති සමාගමක් වන Mazagon Dock Shipbuilders Limited, එරට…

(0)Comments | July 1, 2025 10:20 am

ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා විශේෂ පොලී යෝජනා ක්‍රමය අද සිට

ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා යෝජිත විශේෂ පොලී යෝජනා ක්‍රමය අද (01) සිට බලපැත්වෙන බව මුදල් ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය නිවේදනය කරයි. 2025 අයවැය යෝජනා යටතේ අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලද මෙම ණය යෝජනා ක්‍රමය සඳහා අවුරුදු 60ට වැඩි පුද්ගලයින් සුදුසුකම් ලබයි. මෙම යෝජනා ක්‍රමය යටතේ ස්ථාවර තැන්පතු 2025 ජූලි 1 සිට 2025 දෙසැම්බර් 31…

(0)Comments | July 1, 2025 10:15 am

CII ප්‍රධාන විධායක නිලධාරී නියෝජිත පිරිස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමසූරිය හමුවෙයි

ඉන්දීය කර්මාන්ත සම්මේලනයේ (CII) ප්‍රධාන විධායක නිලධාරී (CEO) දූත පිරිසක් සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අතර හමුවක් ජුනි 30 වැනි දින පාර්ලිමේන්තු සංකීර්ණයේ දී සිදු විය. විශේෂයෙන් ම ආර්ථිකය ප්‍රකෘතිමත් කිරීම සහ වර්ධනය කිරිම සඳහා දෙරටේ පවතින අඛණ්ඩ සහයෝගිතාව පිළිබඳව අග්‍රාමාත්‍යවරිය මෙහිදී සිය ප්‍රසාදය පළ කළා ය. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ මෑතකාලීන ඉන්දීය සංචාරය…

(0)Comments | July 1, 2025 9:38 am

අප්‍රේල් මන්දගාමී වූ ඉදිකිරීම් කර්මාන්තයේ මැයි මාසයේ යළි වර්ධනයක්

ඉදිකිරීම් කටයුතු සඳහා වන සමස්ත ක්‍රියාකාරකම් දර්ශකය මගින් පිළිබිඹු වන පරිදි, ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය 2025 මැයි මාසයේ දී දර්ශකාංක 59.7ක් දක්වා වර්ධනය විය. අප්‍රේල් මාසයේ උත්සව සමය හමුවේ මන්දගාමී වූ ඉදිකිරීම් කටයුතු මැයි මාසයේ දී යථා තත්ත්වයට පත් වූ බව සමීක්ෂණයට ප්‍රතිචාර දැක්වූ බොහෝ දෙනෙක් සඳහන් කරන කළහ. ප්‍රතිචාර දැක්වූවන් විසින් වාර්තා කළ…

(0)Comments | July 1, 2025 9:20 am