Top News

කොළඹ පර්චස් 60ක් ගැන කැබිනට් තීරණයක්

සුඛෝපභෝගී සහාධිපත්‍ය ස්වභාවයේ නිවාස සංවර්ධනය ඇතුළු සංචාරක ව්‍යාපාරය ආශ්‍රිත මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම සඳහා ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් සමාගම වෙත හෝ එහි නාමිකයා වෙත අවුරුදු 99ක කාලසීමාවක් සඳහා අක්කර 3.03ක ඉඩම් කොටසක් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය විසින් දීර්ඝකාලීන බදු පදනම මත ලබා දී ඇත. ඒ අනුව, අදාළ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් සමාගමේ…

(0)Comments | August 27, 2024 12:38 pm

ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 200ක්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පුළුල් අරමුදල් පහසුකමට සමගාමීව සංවර්ධන ප්‍රතිපත්ති මූල්‍යකරණ වැඩසටහන මඟින් ලෝක බැංකුව ශ්‍රී ලංකාවේ විස්තීරණ ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රය සඳහා සහාය දක්වනු ලබයි. එම වැඩසටහන ද්වි වාර්ෂික වැඩසටහනක් වන අතර, එහි පළමු අදියර 2023 වර්ෂයේදී සාර්ථකව නිම කරනු ලැබ ඇත. සංවර්ධන ප්‍රතිපත්ති මූල්‍යකරණ වැඩසටහනේ දෙවන අදියර යටතේ රජයේ ප්‍රතිසංස්කරණ සැලැස්ම ක්‍රියාත්මක කිරීමට සහාය වීම…

(0)Comments | August 27, 2024 12:29 pm

විශාල හිඟ බදු ප්‍රමාණයක් ඇති බවට ගෙන යන ප්‍රචාරය මිත්‍යාවක්

දේශීය ආදායම් රේගුව සහ සුරාබදු ආයතන තුනේ හිඟ බදු ප්‍රමාණය රුපියල් බිලියන 90 ට අඩුයි. 2023 රුපියල් ට්‍රිලියන 3ක වාර්තාගත ආදායමක් – සුරාබදු කොමසාරිස් ජනරාල්. රට යථා තත්ත්වයට පත්වීම නිසා බදු ආදායම් ඉලක්ක ඉක්මවා යාමට හැකි වුණා- දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස් ජෙනරාල් ( බදු ප්‍රතිපත්ති, ජාත්‍යන්තර කටයුතු සහ නීති). සේවක පුරප්පාඩු මධ්‍යයේ වුවත් නිසි…

(0)Comments | August 27, 2024 7:11 am

කොටස් වෙළෙඳපොළේ දැවැන්ත පසුබැස්මක්

2024 අගෝස්තු මාසයේ අවසන් සතියේ ගනුදෙනු ආරම්භ වූ අද (26) දිනයේ දී, කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල දැවැන්ත පහළ යාමක් වාර්තා වුණි. එහිදී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 162.08 කින් හා S&P SL20 දර්ශක අගය ඒකක 64.94 කින් පහළ ගිය අතර දිනය අවසානයේ දී ඒවා පිළිවෙලින් ඒකක 11,199.58 ක් හා ඒකක 3,189.11 ක් ලෙසින්…

(0)Comments | August 26, 2024 4:36 pm

පොදු ප්‍රවාහනය ශක්තිමත් කිරීමට ජාතික ජන බලවේගයෙන් Monorail හා LRT

තදාසන්න ප්‍රදේශවල පොදු ප්‍රවාහනය ශක්තිමත් කිරීම සඳහා වන Monorail හා Light Railway Transport (LRT) වැනි ක්‍රමවේදයන් දුම්රිය හා බස්රිය සේවා වැඩිදියුණු කිරීමේ යෝජනාවන්ට ප්‍රමුඛතාවය දෙමින් ක්‍රමානුකූලව හඳුන්වාදීමට කටයුතු කරන බව ජාතික ජන බලවේගය පවසයි. ජාතික ජන බලවේගයේ 2024 ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය අද (26) පෙරවරුවේ දී එළිදක්වනු ලැබූ අතර එහි ‘මහජන ප්‍රවාහන සේවාවක් – කාර්යක්ෂම ගමනාන්තයක්‘…

(0)Comments | August 26, 2024 4:06 pm

IMF සමඟ NPP වැඩ කරන්නේ මෙහෙමයි

ජාතික ජන බලවේගයේ 2024 ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය අද (26) පෙරවරුවේ දී එළිදක්වනු ලැබීය. මෙරට සාර්ව ආර්ථික ස්ථායීකරණය උදෙසා ජාතික ජන බලවේගය විසින් ක්‍රියාවට නැංවීමට යෝජිත රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති ඇතුළු යෝජනා ගණනාවක් එහි සඳහන් අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ කටයුතු කරන ආකාරය සම්බන්ධයෙන් එහි මෙසේ දක්වා ඇත. ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ වැඩසටහන දුප්පත් හා අසරණභාවයට පත්…

(0)Comments | August 26, 2024 1:33 pm

මහ බැංකුවෙන් EPF සාමාජිකයන්ට නිවේදනයක්

සේවක අර්ථසාධක අරමුදලෙහි 2023 වසරේ දෙවන අර්ධ වාර්ෂික සාමාජික ගිණුම් ප්‍රකාශ මේ වන විට සියළුම සේවායෝජකයින් වෙත තැපැල් මඟින් යොමු කර ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනයක් නිකුත් කරමින් පවසයි. ඒ අනුව 2023 දෙවන අර්ධ වාර්ෂය සඳහා වන සාමාජික ගිණුම් ප්‍රකාශය සේවායෝජකයා වෙතින් අදම ලබා ගන්නා ලෙස මහ බැංකුව දැනුම් දී සිටී.

(0)Comments | August 26, 2024 12:54 pm

සියලු දුම්රිය ප්‍රවේශපත් දැන් Pravesha.lk වෙතින්

ශ්‍රී ලංකා දුම්රිය ඉතිහාසයෙහි නව හැරවුමක් සනිටුහන් කරමින් ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව විසින් මාර්ගගත ක්‍රමයක් ඔස්සේ සාමාන්‍ය දෙවන සහ තෙවන පන්තියෙහි  ප්‍රවේශපත්‍ර මිලදී ගැනීම සඳහා නවතම  වෙබ් අඩවියක් එලි දැක්වීමට පසුගිය දා කටයුතු කර ඇත. එම වෙබ් අඩවිය නම් කර ඇත්තේ  Pravesha.lk නමිනි. පරිගණකය සහ ජංගම දුරකථන යන දෙකටම ප්‍රශස්ත කර ඇති මෙම වෙබ් අඩවිය…

(0)Comments | August 26, 2024 12:16 pm

2025 වසරේ පළමු මාස හය තුළ ඊ- රියදුරු බලපත්‍රය හඳුන්වා දෙනවා

යාවත්කාලීන නොකළ සියලු රියදුරු බලපත්‍ර අවලංගු කිරීමට තීරණය කළ බවට පළවන ප්‍රචාර මුළුමණින්ම අසත්‍යය බවත් එවැනි කිසිදු තීරණයක් ගෙන නොමැති බවත් ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම් ඉංජිනේරු රංජිත් රූබසිංහ මහතා අවධාරණය කර සිටියි. මෙතෙක් යාවත්කාලීන නොවූ මිලියන 2කට ආසන්න රියදුරු බලපත්‍ර හිමියන්ගේ තොරතුරු යාවත්කාලීන කිරීම සඳහා නව ක්‍රමවේදයක් හදුන්වා දෙන අතර එම සියලු කටයුතු මෙම…

(0)Comments | August 23, 2024 6:27 pm

HNB සමූහය පළමු මාස හය සඳහා රු. බිලියන 16.2ක බදු පසු ලාභයක් වාර්තා කරයි

හැටන් නැෂනල් බැංකුව 2024 ජූනි මාසයෙන් අවසන් වන මාස හය සඳහා රුපියල් බිලියන 25.8 ක බදු පෙර ලාභයක් (PBT) සහ රුපියල් බිලියන 15.4 ක බදු පසු ලාභයක් (PAT)  වාර්තා කර ඇත. මේ අතර HNB සමූහය පිළිවෙලින් පළමු අර්ධයේදී සමස්තයක් ලෙස රුපියල් බිලියන 27.0 ක සහ රුපියල් බිලියන 16.2 ක ඒකාබද්ධ බදු පෙර ලාභයක් සහ බදු…

(0)Comments | August 23, 2024 4:54 pm