අප්‍රේල් මාසයේ පළමු දින 28 තුළ දී 165,113ක සංචාරකයින් පිරිසක් මෙරටට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සිය නවතම දත්ත වාර්තාවන් නිකුත් කරමින් පවසයි. ඔවුන් පෙන්වා දෙන්නේ ඒ අනුව 2025 වසරේ මේ දක්වා මෙරටට පැමිණ ඇති සමස්ත සංචාරකයින් සංඛ්‍යාව 887,389ක් බවයි. අප්‍රේල් මාසයේ පළමු දින 28 තුළ වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණ ඇති රට…
සමස්ත ක්‍රියාකාරකම් දර්ශකය මගින් පිළිබිඹු වන පරිදි, ඉදිකිරීම් කටයුතු සඳහා වන ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය 2025 මාර්තු මාසයේ දී දර්ශකාංක 54.3ක අගයක් වාර්තා කර ඇත. ප්‍රධාන වශයෙන් ස්ථාවර මිල මට්ටම් සහ යහපත් කාලගුණික තත්ත්වයන් මත පවතින හිතකර ආර්ථික වාතාවරණය හේතුවෙන්, සමීක්ෂණයට ප්‍රතිචාර දැක්වූ බොහෝ දෙනෙකු විසින් මෙම මාසය ඇතුළත ඉදිකිරීම් ක්‍රියාකාරකම්වල වර්ධනයක් වූ බව…
“පොහොසත් රටක් ලස්සන ජීවිතයක්” ප්‍රතිපත්ති රාමුව යටතේ 2025 අයවැයෙන් ප්‍රකාශයට පත් කළ ප්‍රධාන අරමුණක් වන 2025–2029 ජාතික අපනයන සංවර්ධන සැලැස්ම (NEDP) සකස් කිරීම සඳහා ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) නිලධාරීන් කණ්ඩායමක් 2025 අප්‍රේල් 25 වන දින ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) සමග සාකච්ජාවක් පවත්වන ලදි. කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය යටතේ, ආසියානු සංවර්ධන බැංකුවේ ප්‍රතිපත්ති…
GSP+ සමාලෝචනය සම්බන්ධයෙන් ධනාත්මක ලෙස සලකා බලන බව යුරෝපා සංගමයේ දකුණු ආසියානු අංශයේ ප්‍රධානී චාල්ස් වයිට්ලි ( Charles Whiteley) මහතා ප්‍රකාශ කළේය. මෙරට සංචාරයක නිරත යුරෝපා සංගමයේ නියෝජිතයන් සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර ජනාධිපති කාර්යාලයේදී අද (30) පැවැති සාකච්ඡාවේදී චාල්ස් වයිට්ලි මහතා මේ බව කියා සිටියේය. යුරෝපා සංගමය හා ශ්‍රී ලංකාව අතර පවතින…
වඩාත් පුළුල් හා ඉහළ අන්තර්ග්‍රහණයකින් යුත් ප්‍රවේශයකට අනුකූල වෙමින් විකාශනය වෙමින් පවතින ගෝලීය ප්‍රමිතීන්ට ගැළපෙන පරිදි, කොළඹ කොටස් හුවමාරුව විසින් 2025 මාර්තු මාසයේ සිට බලපැවැත්වෙන පරිදි GSS+ බැඳුම්කර නියාමන රාමුව හඳුන්වාදීම යුතුව නිවේදනය කරනු ලබයි. ඒ අනුව තේමාත්මක බැඳුම්කර සඳහා වූ ශ්‍රී ලංකාවේ ප්‍රථම පරිපූර්ණ නියාමන රාමුව මෙය බවට පත්වනු ඇත. මේ යටතේ, කොළඹ කොටස්…
කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද., 2021=100)1 වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2025 මාර්තු මාසයේ වාර්තා වූ -2.6% සිට 2025 අප්‍රේල් මාසයේ දී -2.0% ක් දක්වා ඉහළ ගොස් ඇති බව ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි. වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත, ආහාර කාණ්ඩයේ උද්ධමනය 2025 මාර්තු මාසයේ දී වාර්තා වූ 0.6% මට්ටමේ සිට 2025 අප්‍රේල්…
Senok සහ Changan එක් වී Deepal රථවාහන මෙරටට හඳුන්වා දෙයි සුවිශේෂී විදුලි රථවාහන එකතුවක් ළඟදීම ශ්‍රී ලංකාවට වසර 160 කට අධික ඉතිහාසයක් සහිත ලොව ජනප්‍රියම රථවාහන සමාගමක් වන Changan Automobile සමාගම, Senok සමග ඇතිකරගත් හවුල්කාරීත්වයක් ඔස්සේ ශ්‍රී ලංකාවේ වෙළඳපොළට පිවිසීමට සූදානමින් සිටී. චීනයේ විශාලතම විදුලි රථවාහන නිෂ්පාදකයා මෙන්ම ‘Intelligent Mobility’ සම්බන්ධ පුරෝගාමියෙකු වන Changan Automobile…
ශ්‍රී ලංකාව හැකි ඉක්මනින් පිරිවැය ආවරණය වන විදුලිය මිලකරණය නැවත ස්ථාපිත කළ යුතු බවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් සිදු කළ ඇති ප්‍රකාශය පැහැදිලි කරමින් ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු පවසන්නේ මේ වන විටත් ලංකාව ඒ සඳහා එකඟ වී කටයුතු කරමින් සිටින බවයි. එම එකඟ වීමට අනුව කාර්තුමය වශයෙන් සිදුවන විදුලි බිල ගැලපීම්…
ශ්‍රී ලංකා මහ බැංකුව 2024 වර්ෂය වෙනුවෙන් රු. බිලියන 274.79ක ලාභයක් වාර්තා කිරීමට සමත්ව තිබේ. අදාළ වර්ෂය තුළ දී පොලී ආදායම්, උපලබ්ධි නොවූ මිල ප්‍රත්‍යාගණනයන්ගේ වාසි සහ මිල වෙනස්වීම්වලින් උපලබ්ධි වාසි ඇතුළුව විදේශීය මූල්‍ය වත්කම්වලින් මහ බැංකුව රු. බිලියන 110.55 ක ආදායමක් වාර්තා කර ඇත. මීට අමතර පොලී ආදායම්, මිල වෙනස්කම් මත උපලබ්ධි ලාභ ඇතුළුව…
මූල්‍ය අවදානම අවම කිරීම සඳහා ශ්‍රී ලංකාව හැකි ඉක්මනින් පිරිවැය ආවරණය වන විදුලිය මිලකරණය නැවත ස්ථාපිත කළ යුතු බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා මෙහෙයුම් ප්‍රධානී එවන් පැපජෝර්ජියෝ මහතා පවසයි. එය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ ණය පහසුකම් වැඩසටහනේ සිව්වන සමාලෝචනය සම්පූර්ණ කිරීම සඳහා අත්‍යවශ්‍ය බව ද දැනුම් දී තිබේ. මීට පෙර මේ සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය…
Video Story