Top News

වියට්නාමය සමඟ ගිවිසුම් රැසක්

දෙරට අතර විදුලි යන්ත්‍රෝපකරණ සහ උපකරණ නිෂ්පාදනය ඇතුළු යාන්ත්‍රික උපකරණ සහ යාන්ත්‍රික උපකරණ අංශයේ ද්විපාර්ශ්වික සහයෝගිතාව ප්‍රවර්ධනය කිරීම සඳහා එවකට කර්මාන්ත විෂයභාර අමාත්‍යාංශය සහ වියට්නාම සමාජවාදී ජනරජයේ කර්මාන්ත හා වෙළෙඳ අමාත්‍යාංශය අතර අවබෝධතා ගිවිසුමකට 2011 වර්ෂයේදී අත්සන් තබා ඇත. 2019 වර්ෂයේදී දෙරට අතර පැවති වෙළඳාම පිළිබඳ අනුකමිටුවේ දෙවන රැස්වීමේදී එකී අවබෝධතා ගිවිසුම අලුත් කිරීමට දෙපාර්ශ්වයම…

(0)Comments | April 29, 2025 1:48 pm

Uber සමාගම 2024 වසරේදී රුපියල් බිලියන 160 ක ආර්ථික ක්‍රියාකාරකම් සමගින් ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනයට සහය වෙයි

Uber සහ Uber Eats මගින් ජනනය වූ පාරිභෝගික අතිරික්තය (Consumer Surplus)* රු. බිලියන 338 ඉක්මවයි රියදුරන් සහ ඩිලිවරි සේවා හවුල්කරුවන්, ඔවුන්ට තිබූ ඊළඟ ජීවනෝපායමය විකල්පයට සාපේක්ෂව 24% ක් වැඩි ආදායමක් Uber හරහා උපයා ඇත. ප්‍රාදේශීය අවන්හල් සහ අලෙවිසැල් වෙනුවෙන් ලබාදුන් අතිරේක වටිනාකම් දායකත්වය රු. බිලියන 3.6 ක් Uber සමාගමේ 2024 වසරේ ශ්‍රී ලංකා ආර්ථික බලපෑම්…

(0)Comments | April 29, 2025 12:13 pm

KOICA ආධාර යටතේ කොළඹ මහ නගර සභාව සඳහා පූර්ණ ස්වයංක්‍රීය ආදායම් උත්පාදන පද්ධතියක්

වරිපනම් බදු, බලපත්‍ර ගාස්තු, වෙළෙඳ බදු සහ මුද්දර ගාස්තු යන ප්‍රධාන ආදායම් ප්‍රභව 04 මඟින් කොළඹ මහ නගර සභාව ඉහළ ආදායමක් උත්පාදනය කරනු ලබයි. එම ආදායම් ප්‍රභව 04 ස්වයංක්‍රීයකරණය කිරීමෙන් සමස්ත ආදායම් උත්පාදනය ඉහළ නංවා ගැනීම සඳහා කොළඹ මහ නගර සභාව, රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය සහ විදේශ සම්පත් දෙපාර්තමේන්තුව එක්ව කොරියානු…

(0)Comments | April 29, 2025 11:38 am

2025/26 සඳහා ආර්ථික සංගණනයක් පැවැත්වීමට සැලසුම්

2025/26- 2013/14 වර්ෂයන්හිදී ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් අවසන් වරට ආර්ථික සංගණනය පවත්වා තිබේ. එම සංගණනයේදී රැස් කරන ලද දත්ත යාවත්කාලීන කිරිම සඳහා කෘෂිකාර්මික සහ කෘෂිකාර්මික නොවන ආර්ථික ක්‍රියාකාරකම් වෙන වෙනම අදියර දෙකකින් ආවරණය වන පරිදි, 2025 සහ 2026 යන වර්ෂයන්හි දී ආර්ථික සංගණනය පැවැත්වීමට දෙපාර්තමේන්තුව සැලසුම් කර ඇත. ඒ අනුව, 2025 වර්ෂයේදී කෘෂිකාර්මික කටයුතු…

(0)Comments | April 29, 2025 11:36 am

උපාධිධාරින්ට සිංගප්පූරු ජාතික විශ්වවිද්‍යාලයෙන් පශ්චාත් උපාධි ශිෂ්‍යත්ව ලබාගැනීමට අවස්ථාවක්

ශ්‍රී ලාංකීය උපාධිධාරි සිසුන් සඳහා පශ්චාත් උපාධි ශිෂ්‍යත්ව අවස්ථා ලබා ගැනීම ඇතුළු උසස් අධ්‍යාපනික සහයෝගිතාවන් ඇති කර ගැනීම උදෙසා, ගෝලීය විශ්වවිද්‍යාල ශ්‍රේණිගත කිරීම් අතර ප්‍රමුඛ ස්ථානයක පසුවන සිංගප්පූරු ජනරජයේ සිංගප්පූරු ජාතික විශ්වවිද්‍යාලය හා ශ්‍රී ලංකාවේ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය අතර අවබෝධතා ගිවිසුමකට එළඹීමට යෝජනා කර තිබේ. යෝජිත අවබෝධතා ගිවිසුමට එළඹීම මඟින් ශ්‍රී…

(0)Comments | April 29, 2025 11:34 am

2024 මහ බැංකු මූල්‍ය ප්‍රකාශ හා මෙහෙයුම් වාර්තාව ජනපතිට

ශ්‍රී ලංකා මහ බැංකුවේ 2024 මූල්‍ය ප්‍රකාශ හා මෙහෙයුම් වාර්තාව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත ජනාධිපති කාර්යාලයේ දී අද (29) පිළිගන්වනු ලැබිණි. මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා එම වාර්තාවේ පිටපතක් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා වෙතද පිළිගැන්වීය. මහ බැංකුවේ උසස් නිලධාරීහු පිරිසක්ද…

(0)Comments | April 29, 2025 11:22 am

Belluna Lanka: දශකයක් පුරා කළ ආයෝජනයක්, ශ්‍රී ලංකාවට අභිමානවත් අනාගතයක්

වර්තමානයේ ස්වාධීන ආයතනයක් ලෙස ක්‍රියාත්මක වන Belluna Lanka ආයතනය ශ්‍රී ලංකාවේ සංවර්ධනය සහ ආයෝජනය වෙනුවෙන් දිගු කාලයක් කැපවීමෙන් ක්‍රියාකරයි. විවිධ වූ කර්මාන්ත ක්ෂේත්‍රයන් හී වසර 50කට අධික අත්දැකීම් සහිත ටෝකියෝ කොටස් වෙළ‍ඳපොලේ ලැයිස්තු ගත ආයතනයක් වූ ජපානයේ Belluna Co. Ltd. ආයතනයේ සම්පූර්ණ හිමිකාරීත්වය හිමි සමාගමක් වන Belluna Lanka, සිය මව් ශාඛාවේ මුල්‍යමය ස්ථාවරත්වය, ජාත්‍යන්තර පිළිගැනීම…

(0)Comments | April 29, 2025 10:02 am

HNB සහ RDA එක්ව ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට අධිවේගී මාර්ග සඳහා කාඩ්පත් ගෙවීම් ක්‍රමයක් හඳුන්වා දෙයි

මෙරට ප්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව සහ මාර්ග සංවර්ධන අධිකාරිය (RDA) සමඟ එක්ව ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට අධිවේගී මාර්ගවල ගමන් කිරීමේදී කාඩ්පත් මගින් ගෙවීම් කිරීමේ ක්‍රමවේදයක් හඳුන්වා දුන්නේය. මෙය මගීන්ගේ පහසුව වැඩිදියුණු කිරීමට සහ ජාතික ප්‍රවාහන යටිතල පහසුකම් නවීකරණය කිරීම සඳහා ගනු ලැබූ වැදගත් පියවරක් ලෙස පෙන්වා දිය හැකිය. මීට අදාල නියමු…

(0)Comments | April 29, 2025 9:47 am

866,000 ඉක්ම වූ සංචාරකයින් පිරිසක් දිවයිනට

2025 අප්‍රේල් මාසයේ පළමු දින 24 තුළ දී 144,320 ක සංචාරකයින් පිරිසක් මෙරටට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සිය නවතම දත්ත වාර්තාවන් නිකුත් කරමින් පවසයි. ඒ අනුව 2025 වසරේ මේ දක්වා මෙරටට පැමිණ ඇති සමස්ත සංචාරකයින් සංඛ්‍යාව දැක්වෙනුයේ 866,596 ක් ලෙසයි. අප්‍රේල් මාසයේ පළමු දින 24 තුළ වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණ ඇති…

(0)Comments | April 29, 2025 9:41 am

රාජසන්තක කරන ලද හෙරොයින් වගකීම් සහගත ලෙස අපහරණය කිරීම සඳහා INSEE Ecocycle රජයේ බලධාරීන් සමඟ සහයෝගීතා මෙහෙවරක

මත්ද්‍රව්‍ය තුරන් කිරීමේ ජාතික වැඩපිළිවෙළට නිරන්තර සහයක් ලබා දෙමින්, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම වෘත්තීය අපද්‍රව්‍ය කළමනාකරණ සැපයුම්කරු වන INSEE Ecocycle Lanka (Private) Limited, ශ්‍රී ලංකා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය (PNB) සහ ජාතික අන්තරායකර ඖෂධ පාලන මණ්ඩලය (NDDCB) සමඟ එක්ව, රාජසන්තක කරන ලද හෙරොයින් කිලෝග්‍රෑම් 494.048ක් සිමෙන්ති උදුන් සහ-සැකසුම් තාක්ෂණය යොදා ගනිමින් වගකීම් සහගත ලෙස විනාශ කිරීමට කටයුතු…

(0)Comments | April 28, 2025 4:28 pm