පරාටේ නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා ලබාදී තිබූ සහන කාලය 2025 මාර්තු 31 දිනෙන් අවසන් වුණි. මේ සම්බන්ධයෙන් දැනුම් දීමක් කරමින් මුදල්, ක්‍රමසම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය පවසන්නේ පරාටේ නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා ලබා දී තිබුණු සහන කාලය අවසන් වීමත් සමඟ, ශ්‍රී ලංකා රජය සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර පුනර්ජීවනය සඳහා පහසුකම් සැලසීම වෙනුවෙන් කැපවී සිටින…
සිංගප්පූරුවේ සබානා ජුරොන්ග් (Surbana Jurong) ආයතනය හා අමාත්‍යාංශ 18ක් එක්ව කලාප 03ක් යටතේ ශ්‍රී ලංකාව තුළ සිදු කිරීමට නියමිත සංවර්ධන සැලසුම් සම්බන්ධයෙන් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා සහ අදාළ අමාත්‍යංශ නිලධාරීන් අතර හමුවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඊයේ (08) පැවැත්විණි. කොළඹ මහනගර සැලසුම, නැගෙනහිර සංවර්ධන සැලසුම හා ග්‍රේටර් හම්බන්තොට ව්‍යාපෘති සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ ලෙස…
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ඉහළ නිලධාරීන් අතර හමුවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඊයේ (08) පස්වරුවේ පැවැත්විණි. ශ්‍රී ලංකන් ගුවන් සමාගම වඩා ලාභදායී රාජ්‍ය ව්‍යාපාරයක් බවට පත් කිරීමට අදාළ යෝජනා පිළිබඳව මෙහිදී පුළුල් ලෙස සාකච්ඡා කෙරුණු අතර ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ණය කළමනාකරණය සඳහා ගත හැකි කෙටි කාලීන සහ දිගු කාලීන…
මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා විසින් රචිත “ Sri Lanka’s Economic Revival” Reflection on the journey from crisis to recovery කෘතිය එළිදැක්වීම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සහභාගීත්වයෙන් ඊයේ (08) පෙරවරුවේ කොළඹ ගෝල්ෆේස් හෝටලයේදී පැවැත්විණ. එහිදී එම ග්‍රන්ථයේ පළමු පිටපත මහින්ද සිරිවර්ධන මහතා විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත පිළිගන්වනු ලැබීය.
චීන ආනයන සඳහා 104%ක තීරු බද්දක් පැනවීමට අමෙරිකා එක්සත් ජනපදය තීරණය කර තිබේ. එම බදු සංශෝධනය අද (09) සිට ක්‍රියාත්මක වනු ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කරයි. අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් චීනය ඇතුළු රටවල් කිහිපයකට පැනවූ නව තීරු බදු මේ වනවිට ලොව පුරා දැඩි අවධානය දනවන මාතෘකාවක් බවට පත්ව ඇත. එහි ප්‍රතිඵලයක් ලෙස අමෙරිකානු…
ශ්‍රී ලංකා දූත මණ්ඩල සමඟ ශ්‍රී ලාංකික අපනයනකරුවන් සම්බන්ධ කරන මාර්ගගත සමුළුව සාර්ථකව පැවැත්වේ ශ්‍රී ලංකාවේ අපනයන කර්මාන්තය ගෝලීය මට්ටමින් තවත් වර්ධනය කිරීමේ අරමුණින්, ශ්‍රී ලාංකික අපනයනකරුවන් හා විදේශයේ පිහිටි ශ්‍රී ලංකා දූත මණ්ඩල නිලධාරීන් ඇතුළු 175 කට වැඩි පිරිසක් සම්බන්ධ කරවමින් මාර්ගගත සමුළුවක් 2025 අප්‍රේල් 7 වැනි දින සාර්ථකව පැවැත්වුණි. 2025 ජනවාරි 27 වැනි…
එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව තීරුබදු යෝජනා හමුවේ ගෝලීය කොටස් වෙළෙඳපොළ කඩාවැටුණු පසුබිමක, පසුගිය දින තුන පුරාවට දැඩි පසුබෑමකට ලක්වූ කොළඹ කොටස් වෙළෙඳපොළ අද (08) දිනයේ දී කැපී පෙනෙන වර්ධනයක් වාර්තා කළේය. ඒ අනුව අද (08) දින තුළ සියලු කොටස් මිල දර්ශකය ඒකක 467.26 ක් දැවැන්ත වර්ධනයක් අත්පත් කර ගැනීමට සමත් වූ අතර ඊයේ…
2025‑04‑15 සිට 2025‑10‑14 දක්වා මාස හයක කාලයක් සඳහා පෙට්‍රල් 92 Unl බැරල් 300,000+/-5%ක් බැගින් වූ නැව් තොග 05ක් මිල දී ගැනීම සඳහා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ලියාපදිංචි සැපයුම්කරුවන්ගෙන් ලංසු කැඳවා තිබේ. ඒ සඳහා සැපයුම්කරුවන් 07 දෙනෙකු ලංසු ඉදිරිපත් කර ඇත. ස්ථාවර තාක්ෂණික ඇගයීම් කමිටුවේ සහ අමාත්‍ය මණ්ඩලය විසින් පත් කළ විශේෂ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ…
මුදල් ප්‍රතිපත්ති රාමුව පිළිබඳ ගිවිසුමෙහි දක්වා ඇති උද්ධමන ඉලක්කයෙන් මතුපිට උද්ධමනය 2024 තුන්වන සහ හතරවන කාර්තු තුළ අපගමනය වීම පිළිබඳ වාර්තාව පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීම 2023 අංක 16 දරන ශ්‍රී ලංකා මහ බැංකු පනතේ 26(1) වගන්තිය යටතේ මුදල් අමාත්‍යවරයා සහ ශ්‍රී ලංකා මහ බැංකුව අතර 2023‑10‑03 දින අත්සන් තබන ලද මුදල් ප්‍රතිපත්ති රාමුව පිළිබඳ ගිවිසුමට…
කන්කසන්තුරේ, පරන්තන් හා මාන්කුලම් යෝජිත ආයෝජන කලාපවල යටිතල පහසුකම් ඉක්මනින් අවසන් කර මෙම වසරේ තුන්වන කාර්තුව අවසානයේදී ආයෝජකයින්ට තම ව්‍යාපෘති ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීමට හැකි ලෙස මූලික පියවරයන් වේගවත් කරන ලෙස ආයෝජන මණ්ඩල සභාපති අර්ජුන හේරත් මහතා අදාල රාජ්‍ය නිළධාරීන්ගෙන් ඉල්ලා සිටියේය. උතුරු පලාත් ආණ්ඩුකාරවරයාගේ ප්‍රධානත්යෙන් යාපනයේ ආණ්ඩුකාර කාර්යාලයේ පැවති උතුරු පලාතේ ආයෝජන කලාප ස්ථාපිත…
Video Story