මත්පැන් මත අයකරන සුරාබදු ආදායම මේ වසරේ පළමු කාර්තුවේදීම සැලකියයුතු ලෙස ඉහළට 2025 පළමු කාර්තුව සඳහා රුපියල් බිලියන 61 ක දැවැන්ත සුරා බදු ආදායමක් වාර්තා කිරීමට හැකි වූ බව සුරාබදු කොමසාරිස් ජනරාල් යූ. එල්. උදයකුමාර පෙරේරා මහතා සඳහන් කරයි. සුරාබදු දෙපාර්තමේන්තුව 2025 වසර සඳහා රුපියල් බිලියන 242 ක ආදායම් ඉලක්කයක් ලබාගැනීමේ අරමුණින් දීපව්‍යාප්තව නව සැලැස්මක්…
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) නව ශ්‍රී ලංකා දූත මණ්ඩල ප්‍රධානියා වශයෙන් එවන් පපාජියෝරිජියෝ (Evan Papageorgiou) මහතා පත් කර තිබේ. ඒ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මෙරට දූත මණ්ඩල ප්‍රධානියා වශයෙන් මෙතෙක් කලක් කටයුතු කළ පීටර් බෘෘවර් මහතා (Peter Breuer) සිය ධුර කාලය අවසන් කරමින් ශ්‍රී ලංකාවෙන් නික්මයාමත් සමඟිනි. ශ්‍රී ලංකාව මෙතෙක් ඉතිහාසයේ මුහුණපාන ලද දරුණුතම ආර්ථික අර්බුදයට…
ඉන්දියාවේ විශාලතම ඒකාබද්ධ ප්‍රවාහන උපයෝගීතා සේවා සපයන්නා වන Adani Ports and Special Economic Zone Ltd. (APSEZ), කොළඹ වරායේ පිහිටා ඇති කොළඹ බටහිර ජාත්‍යන්තර පර්යන්තයේ (CWIT) මෙහෙයුම් ආරම්භ කරන බව නිවේදනය කර තිබේ. සුවිශේෂී රාජ්‍ය – පෞද්ගලික හවුල්කාරීත්වයක් යටතේ CWIT සංවර්ධනය කිරීම, ඉන්දියාවේ විශාලතම වරාය මෙහෙයුම් ක්‍රියාකරු වන Adani Ports & SEZ Ltd, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම…
දේශීය සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරිම සදහා දුම්රිය දෙපාර්තමේන්තුව විසින් අලුතින්ම නිර්මාණය කරන ලද කැලිප්සෝ දුම්රිය අද (08) උදෑසන 8.10 ට නානුඔය දුම්රිය ස්ථානයේ සිට දෙමෝදර දුම්රිය ස්ථානය දක්වා ගමන් ආරම්භ කරනු ලැබුවේය. නානුඔය සිට දෙමෝදර දක්වා එම දුම්රිය සෑම අගහරුවාදා දිනකම ගමන් ආරම්භ කිරීමට නියමිතව ඇත. එම දුම්රියෙන් ගමන් කරනා දෙස් විදෙස් සංචාරකයන්ට දුම්රිය මාර්ගයට…
ශ්‍රී ලංකාවේ එකලස් කරන වාහනවල නිෂ්පාදකයා විසින් සපයන උපාංග (Original Equipment) ක්ෂේත්‍රයට පිවිස වසර හයක කාලය තුළ සියැට් කැලණි හෝල්ඩිංග්ස් විසින් මෙරට වේගයෙන් වර්ධනය වන මෝටර් රථ එකලස් කිරීමේ කර්මාන්තය තුළ අගය එකතු කිරීමේ කාර්යයට සැලකිය යුතු දායකත්වයක් සපයන ආයතනයක් බවට පත්ව තිබේ. දේශීයව නිෂ්පාදනය කරන ලද සියැට් ටයර් දැන් ශ්‍රී ලංකාවේ එකලස් කරන වාහන …
ශ්‍රී ලංකා මහ බැංකුව සතු නිල සංචිත වත්කම් ප්‍රමාණය, 2025 මාර්තු මාසය අවසානයේ දී එක්සත් ජනපද ඩොලර් බිලියන 6.51 ක් දක්වා ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නවතම දත්ත වාර්තා පෙන්වා දේ. මෙය 2025 පෙබරවාරි මාසයේ දී වාර්තා වූ ඩොලර් බිලියන 6.08 හා සැසඳීමේ දි 7.1%ක ඉහළ යාමකි. මේ අතර ශ්‍රී ලංකා මහ…
එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පසුගිය අප්‍රේල් 02 දින හඳුන්වා දෙන ලද නවතම ආනයනික තීරුබදු ප්‍රතිපත්ති, මේ වන විට ගෝලීය ආර්ථික අර්බුදයක් නිර්මාණය කිරීමක් දක්වා දුරදිග ගොස් තිබේ. මෙම තත්ත්වය තුළ ලොව පුරා කොටස් වෙළෙඳපොළ ගණනාවක් දැවැන්ත කඩාවැටීමකට ලක්ව ඇති අතර ආසියාකරයේ කොටස් වෙළෙඳපොළ ගණනාවක් ද එහි දැඩි බලපෑමට භාජනයවී ඇත. පවතින වාතාවරණය තුළ…
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් අතර හමුවක් අද (07) ජනාධිපති කාර්යාලයේදී සිදුවිය. ශ්‍රී ලංකා රජය සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර එළැඹ ඇති විස්තීරණ ණය පහසුකම් වැඩසටහනේ (EFF) සිව් වන සමාලෝචනයට අදාළ මූලික සාකච්ඡාවක් මෙහිදී පැවැත්විණි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වැඩසටහනේදී ශ්‍රී ලංකාව දැනට ලබා ඇති ප්‍රගතිය සහ ඉදිරි මූල්‍ය අරමුණු…
අද (07) දිනයේ දී කොළඹ කොටස් වෙළෙඳපොළ දෛනික ගනුදෙනු අවසානයේ දී මිල දර්ශකවල දැවැන්ත පහළ යාමක් දක්නට ලැබුණි. දිනයේ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 712.90කින් පහළ ගොස් ඒකක 14,660.45ක් ලෙසින් සටහන් වූ අතර S&P SL20 මිල දර්ශකය ඒකක 268.51කින් පහළ ගොස් ඒකක 4,264.84ක් ලෙසින් සටහන් විය. දිනය තුළ සමාගම් 205 ක කොටස්…
2025 මාර්තු මාසය තුළ දී එක්සත් ජනපද ඩොලර් මිලියන 401.9ක ප්‍රමාණයක් දේශීය විදේශ විනිමය වෙළෙඳපොළෙන් මිල දී ගෙන ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. 2025 ජනවාරි මාසය තුළදී දේශීය විදේශ විනිමය වෙළෙඳපොළෙන් ඩොලර් මිලියන 47.3ක් හා 2025 පෙබරවාරි මාසයේ දී ඩොලර් මිලියන 78.3 ක් වශයෙන් ඩොලර් මිල දී ගැනීමට මහ බැංකුව කටයුතු කර තිබුණි….
Video Story