Top News

අපනයන සංවර්ධන මණ්ඩලය හා ශ්‍රී ලංකා පොලිසිය අතර අවබෝධතා ගිවිසුමක්

මුදල් විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඩපැවැත්වීම පිළිබඳව විමර්ශන කටයුතු සඳහා අන්‍යෝන්‍ය සහයෝගය පුළුල් කිරීමට අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) සහ ශ්‍රී ලංකා පොලිසිය අතර ද්විපාර්ශ්වීය අවබෝධතා ගිවිසුමක් (MoU) අත්සන් කෙරිණි. මෙම ගිවිසුම 2025 අප්‍රේල් 03 වන දින කොළඹ පොලිස් මූලස්ථානයේදී අත්සන් කරන ලද්දේ අපනයන සංවර්ධන මණ්ඩලයේ ප්‍රධාන විධායක නිලධාරී මංගල විජේසිංහ මහතා සහ වැඩබලන පොලිස්පති,…

(0)Comments | April 4, 2025 8:37 am

සම්පූර්ණයෙන් නවීකරණය කරන ලද එමිරේට්ස් බොයිං 777 ගුවන් යානා කොළඹට

එමිරේට්ස් හි බොයිං 777 ගුවන් යානා වල අභ්‍යන්තරය සම්පූර්ණයෙන් නවීකරණය කිරීමේ වැඩසටහන යටතේ ආකර්ෂණීය ලෙස උසස් කරන ලද කැබින් සහිත ගුවන් යානා යොදවන ඊළඟ ගමනාන්ත අට අතරට කොළඹ ඇතුළත් වන බව සමාගම නිවේදනය කර ඇත. සෑම සති තුනකට වරක්ම මුහුණත සිට අග දක්වා නවීකරණය කරන ලද ගුවන් යානාවක් නැවත සේවයට යොදවන බව එමිරේට්ස් පවසයි. නව්‍ය…

(0)Comments | April 4, 2025 8:34 am

එක්සත් ජනපද නව තීරු බදු ක්‍රමය පිළිබඳ රජයට නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා පත් කළ කමිටුව ජනපති හමු වෙයි

එක්සත් ජනපද නව තීරු බදු ක්‍රමය පිළිබඳව ගතයුතු ක්‍රියාමාර්ග සොයා බලා රජයට නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා පත් කළ කමිටුව සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර හමුවක් ඊයේ (03) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී සිදු විය. මෙම තීරු බදු පැනවීමේ පසුබිම සහ පදනමත්, මෙවැනි විශාල අගයකින් තීරු බදු පැනවීම නිසා කුඩා ආර්ථිකයක් හිමි අප වැනි රටවලට මුහුණ…

(0)Comments | April 4, 2025 8:28 am

කොටස් වෙළෙඳපොළ කඩා වැටීමට හේතුව ට්‍රම්ප් ද?

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ශ්‍රී ලංකාවෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා 44% ක තීරු බද්දක් පැනවීමට තීරණය කර ඇති පසුබිමක අද (03) දිනයේ දී කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල සැලකිය යුතු පහළ යාමක් දක්නට ලැබුණි. දිනය තුළ සියලු කොටස් මිල දර්ශකය ඒකක 349.84කින් පහළ ගොස් තිබුණු අතර S&P SL20 දර්ශකය ඒකක 119.30කින් පහළ ගොස් තිබුණි….

(0)Comments | April 3, 2025 4:39 pm

ට්‍රම්ප්ගේ නව තීරුබදු පැනවීම ශ්‍රී ලංකාවේ අපනයන කෙරෙහි කෙසේ බලපායි ද?

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් රටවල් කිහිපයකට අනෝන්‍ය තීරුබදු පැනවීමක් ඊයේ (02) සජීව ප්‍රකාශයට පත්කරනු ලැබුවේය. එහිදි ලොව පුරා රටවල් 60කට වැඩි ප්‍රමාණයක් සඳහා නව තීරු බදු ලැයිස්තුවක් එළිදක්වා ඇති බවයි වාර්තා වන්නේ. මෙම නව බදු ප්‍රතිපත්තියට අනුව සියලුම ආනයන සඳහා 10% ක තීරු බද්දක් ඇතුළත් වන අතර අමෙරිකා එක්සත් ජනපදය සමඟ වෙළෙඳ අතිරික්තයක් පවත්වාගෙන…

(0)Comments | April 3, 2025 9:50 am

ට්‍රම්ප්ගෙන් ශ්‍රී ලංකාවට සියයට 44ක ආනයන බද්දක්

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ශ්‍රී ලංකාවෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා සියයට 44ක තීරු බද්දක් පැනවීමට තීරණය කර තිබේ. අදාළ බදු පැනවීම අමෙරිකානු ජනාධිපතිවරයා විසින් ඊයේ (02) ප්‍රකාශයට පත්කර ඇති අතර අනිද්දා (05) දිනයේ සිට එම බදු පැනවීම ක්‍රියාත්මක බව වාර්තා වේ. අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් රටවල් කිහිපයකට අනෝන්‍ය තීරුබදු පැනවීම ඊයේ දිනයේ සජීව…

(0)Comments | April 3, 2025 8:19 am

හිඟයකින් තොරව සහල් ලබා දීම සඳහා ඉදිරියේදී සහල් ආනයනයට අවධානය

පාරිභෝගික ජනතාවට හිඟයකින් තොරව සහල් ලබා දීම අරමුණු කර ගෙන ඉදිරියේදී සහල් ආනයනය කිරීමට ආහාර ප්‍රතිපත්ති හා සුරක්ෂිතතා කමිටුව නිර්දේශ කර තිබේ. අස්වැන්න නෙළන තත්ත්වයක් තුළ වුවත් මේ වන විට වෙළෙඳපොළහි සහල් මිල ඉහළ යෑමක් නිරීක්ෂණය වන බවත්, වෙළෙඳපොළහි ඇතැම් සහල් වර්ගවල හිඟයක් දක්නට ලැබෙන බවත් වාර්තා වෙයි. මේ අනුව, ප්‍රමාණවත් තොග පවත්වා ගෙන යෑම…

(0)Comments | April 2, 2025 4:13 pm

අම්බානිගේ සමාගමකට සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ටෙන්ඩරයක්

අඩු රුධිර පරිමාව (hypovolemia) සහ රුධිරයේ අඩු ඇල්බියුමින් මට්ටමට ප්‍රතිකාර කිරීම සඳහා භාවිත කරනු ලබන හියුමන් ඇල්බියුමින් සොලියුෂන් 20% මිලිලීටර් 50 බෝතල් 340,000ක් සපයා ගැනීම සඳහා ජාත්‍යන්තර තරඟකාරී ලංසු කැඳවා තිබේ. ඒ සඳහා ලංසුකරුවන් දෙදෙනෙකු විසින් ලංසු ඉදිරිපත් කර ඇත. ඉහළ මට්ටමේ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය මත පදනම්ව සාරානුකූලව ප්‍රතිචාරාත්මක අවම ලංසුකරු වන ඉන්දියාවේ M/s…

(0)Comments | April 2, 2025 3:46 pm

ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රාදේශීය කාර්යාලයක් යාපනයට

ශ්‍රී ලංකාවේ වැඩිම දිස්ත්‍රික්ක ප්‍රමාණයක් ඇතුළත් වන උතුරු පළාතේ වවුනියාව දිස්ත්‍රික්කය තුළ දැනට ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රාදේශීය කාර්යාලයක් ස්ථාපිත කර තිබේ. යාපනය, කිලිනොච්චි හා මුලතිව් යන දිස්ත්‍රික්කවල වෙසෙන ජනතාවට ආගමන හා විගමන කටයුතු ආශ්‍රිත සේවාවන් ලබාගැනීම උදෙසා වවුනියාව ප්‍රාදේශීය කාර්යාලය වෙත ගමන් කිරීමේදී විශාල කාලයක් වැය කිරීමට සිදු වේ. උතුරු පළාතේ ජනතාව විශාල වශයෙන්…

(0)Comments | April 2, 2025 3:42 pm

මියන්මාරයට ශ්‍රී ලංකාවෙන් ඩොලර් මිලියනයක මූල්‍ය ආධාරයක්

2025‑03‑28 දින සිදු වූ ප්‍රබල භූකම්පනය හේතුවෙන් මියන්මාරයේ ජනතාව දැඩි අපහසුතාවකට පත්ව ඇති අතර, මේ වන විට 2,700 දෙනෙකු පමණ මිය ගොස් ඇති බවට ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර ඇත. එසේම පුද්ගලයින් විශාල සංඛ්‍යාවක් අතුරුදන්ව ඇති බවත්, තවත් විශාල පිරිසක් එම සිදුවීම හේතුවෙන් අනතුරුවලට ලක් වී රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවත් වැඩිදුරටත් වාර්තා කර තිබේ. බෞද්ධ රාජ්‍යයන්…

(0)Comments | April 2, 2025 3:39 pm