ආර්ථික ස්ථායීතාවය ප්‍රවර්ධනය කිරීමේ සහ රාජ්‍ය සේවා සැපයීම වැඩිදියුණු කිරීමේ රජයේ දිගුකාලීන කැපවීමේ කොටසක් ලෙස රාජ්‍ය ව්‍යවසාය සඳහා දැනුම හුවමාරු කරගැනීමේ වැඩමුළුවක් ඊයේ (25) කොළඹ මිලෝදා ඇකඩමියේ දී පැවැත්විණි. කොළඹ විශ්වවිද්‍යාලයීය ව්‍යාපාර පරිපාලනය පිළිබඳ පශ්චාත් උපාධිධාරින්ගේ (Master of Business Administration) – MBA ආදි ශිෂ්‍ය සංගමයේ සහයෝගයෙන් ජනාධිපති ලේකම් කාර්යාලය විසින් මෙම වැඩමුළුව සංවිධානය කර තිබූ…
• රජයේ කාර්යාල සියල්ල රජය සතු ගොඩනැගිලිවලට ගෙන ඒමට පියවර සීමිත මූල්‍ය රාමුව තුළ වුවද, සංවර්ධන ප්‍රමුඛතා සහ ජනතා අවශ්‍යතා හඳුනා ගනිමින් මෙවර අයවැයෙන් ප්‍රතිපාදන වෙන්කර ඇති බැවින් එම මුදල් නිසි අයුරින් අදාළ කාර්යයන් සඳහා ඵලදායීව සහ සාධාරණව යෙදවීම රාජ්‍ය නිලධාරීන්ගේ වගකීම බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළේය. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා…
2025 ජනවාරි මාසයේ දී ශ්‍රි ලංකාවේ අපනයන ඩොලර් බිලියන 1.3 ඉක්මවා ගොස් ඇති අතර එය වසරේ ශක්තිමත් හා බලාපොරොත්තු සහගත ආරම්භයක් සනිටුහන් කරයි. මෙම කැපී පෙනෙන වර්ධනය ශ්‍රි ලාංකේය කර්මාන්තවල ඔරොත්තු දීමේ හැකියාව, නවෝත්පාදනය සහ තරඟකාරිත්වය පිළිබිඹු කරන අතර තිරසාර ආර්ථික වර්ධනයක් සඳහා මාවත විවර කර දී ඇත අපනයන සංවර්ධන මණ්ඩලය පවසයි. ශ්‍රී ලංකා රේගුව…
ශ්‍රී ලංකාවේ දේපොළ වෙළඳාම් හා ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛ පෙළේ සමාගමක් වන Home Lands Skyline, ඇමරිකානු ඩොලර් මිලියන 40 ක සුවිශේෂී සංවර්ධන ව්‍යාපෘතියක් සමගින් සුන්දර මීගමු කලපු ප්‍රදේශය, ඓතිහාසික පරිවර්තනයක් කරා ගෙනයාමට සූදානම් වේ. ඒ, මීගමු කලපුවට මුහුණ ලා පිහිටි අක්කර 7 කින් යුත් භූමි භාගයක් පුරා විහිදෙන ශ්‍රී ලංකාවේ ප්‍රථම Tourists Resort Apartment සංකීර්ණය ඉදි කරමිනි. මෙම…
වර්තමාන ශ්‍රී ලංකාවේ මුළු ජනගහනයෙන් සෑම පුද්ගලයන් 06 දෙනෙකුගෙන් එක් අයෙකු බහුමාන දරිද්‍රතාවයෙන් පෙළෙන අතර, එම ජනගහනයෙන් 95.3%ක් ග්‍රාමීය හා වතු ආශ්‍රිත ප්‍රදේශවල ජීවත් වේ. ශ්‍රී ලංකාවේ මෙතෙක් ක්‍රියාත්මක කරනු ලැබ ඇති දිළිඳු බව තුරන් කිරීමේ වැඩසටහන් මඟින් ලැබී ඇති අවසන් ප්‍රතිඵල සම්බන්ධයෙන් කිසිදු පාර්ශ්වයක් සෑහිමට පත්ව නොමැති බව ඒ සම්බන්ධයෙන් පළ කරනු ලබන අදහස්…
ව්‍යාපෘති අධීක්ෂණය, ගැටලු විසඳීම සහ උපයෝගී සේවා සම්බන්ධීකරණය සඳහා ශ්‍රී ලංකා රජය සහ CHEC Port City Colombo (Pvt) Ltd සම්බන්ධ කරන ප්‍රධානතම ඒකකය ලෙස කොළඹ වරාය නගර සංවර්ධන ව්‍යාපෘතියේ ව්‍යාපෘති කළමනාකරණ ඒකකය කටයුතු කරනු ලබයි. මෙම ව්‍යාපෘතියේ දෙවන අදියර යටතේ සැලසුම් කර ඇති කාර්යයන් 2027 ජුනි මාසය වන විට අවසන් කිරීමට අපේක්ෂිතය. එබැවින්, කොළඹ වරාය…
ගස්වල ආයා්ජනය කර විශාල මුදලක් උපයාගැනීමට හැකි බව පවසමින් ජනතාව මුලා කිරීමේ ජාවාරමක් පිළිබඳ නිරීක්ෂණ වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිවේදනයක් නිතුක් කරමින් අනතුරු ඇඟවීමක් සිදුකර ඇත්තේ එලෙස සිදු කරනු ලබන ආයෝජන, නීතිය මඟින් තහනම් කරන ලද පිරමීඩාකාර යෝජනාක්‍රම විය හැකි බවයි. මෙවැනි වංචාකරුවන්ට හසු වී තමා විසින්…
ශ්‍රී ලංකාව ඩිජිටල්කරණය කිරීමේ ව්‍යාපෘතිය සාර්ථක වීමෙන් පසු ජනතාවගේ බැංකු ගිණුම් වාර්තා වෙනත් පාර්ශව හට පරීශීලනය කිරීමට හැකියාවක් ලැබේ යැයි ජනතාව තුළ බියක් ඇති කර නොගත යුතු බව ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය හාන්ස් විජයසූරිය මහතා පවසයි. ඊයේ (24) “දෙරණ 360” වැඩසටහනට එක් වෙමින් ඔහු මේ බව පැහැදිලි කළේය. ඔහු එහි දී වැඩි දුරටත් මේ පිළිබඳව…
ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ සහන මිලට ලබා දීමට සමූපකාර හා සතොස ජාලය පුළුල් කිරීමට අවධානය බේකරි නිෂ්පාදනවල මිල අඩු කිරීම පිළිබඳවද අවධානය වී මෝල් හිමියන් වී මිලදී ගැනීම සදහා ලබා ගත් ණයවලින් වෙනත් කටයුතු සිදු කරන්නේ දැයි සොයා බැලීමට නිලධාරීන්ට උපදෙස් එළැඹෙන සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් අඩු ආදායම්ලාභීන්ට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇතුළත් සහන මල්ලක්…
2025 පෙබරවාරි මාසයේ පළමු දින 20 තුළ දී 175,436ක සංචාරකයින් පිරිසක් මෙරටට පැමිණ ඇති බව වාර්තා වෙයි. ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සිය නවතම දත්ත වාර්තාවන් මගින් පෙන්වා දෙන්නේ ඒ අනුව මේ දක්වා 2025 වසර තුළ දී මෙරටට පැමිණ ඇති සමස්ත සංචාරකයින් සංඛ්‍යාව 428,197ක් බවයි. පෙබරවාරි මාසයේ ගත වූ සෑම දිනයක් තුළම 7,500 ඉක්ම වූ…
Video Story