රජයන් දෙකක් අතර සිදු කරනු ලබන ව්‍යාපෘතියක් වශයෙන් ලංකා විදුලිබල මණ්ඩලය සහ ඉන්දියාවේ ජාතික තාප විදුලි සංස්ථාවේ හවුල් ව්‍යාපාර සමාගම විසින් ඉදිකිරීම, අයිතිය දැරීම සහ ක්‍රියාත්මක කිරීමේ පදනම මත ත්‍රිකුණාමලයේ සාම්පූර්හි මෙගාවොට් 50ක (අදියර I) සහ මෙගාවොට් 70ක (අදියර II) සූර්ය බලාගාර ස්ථාපිත කිරීම පිණිස ශ්‍රී ලංකා රජය සහ ඉන්දීය රජය අතර එකඟතාවකට පැමිණ ඇත…
විදේශ ණය ප්‍රතිව්‍යූහගතකරණ ක්‍රියාවලියට අදාළව හංගේරියානු අපනයන ණය රක්ෂණ පුද්ගලික සමාගම සහ ශ්‍රී ලංකා රජය අතර ණය ප්‍රතිව්‍යූහගතකරණය පිළිබඳව වන ගිවිසුම 2022 අප්‍රේල් මාසයේදී ශ්‍රී ලංකා රජය විසින් තෝරාගත් විදේශ රාජ්‍ය ණය සඳහා ණය සේවාකරණය අත්හිටුවීමේ අතුරු ප්‍රතිපත්තිය ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව, රාජ්‍ය ණය තිරසරභාවය ළඟා කර ගැනීම සඳහා ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලියට එළඹ ඇති අතර…
ශ්‍රී ලංකාවේ විවිධාංගීකරණය වූ සමාගම් සමූහයක් වන සන්ෂයින් හෝල්ඩින්ග්ස් 2024 දෙසැම්බර් මස 31 වනදායින් අවසන් වූ මාස නවය (9MFY25) සඳහා රුපියල් බිලියන 45.2 ක ඒකාබද්ධ ආදායමක් වාර්තා කර ඇති අතර එය පසුගිය වසරට සාපේක්ෂව 6.7%ක වර්ධනයකි. සමූහයේ ප්‍රධාන මෙහෙයුම්වල ඔරොත්තු දීමේ හැකියාව පෙන්නුම් කරමින් මෙම කාලපරිච්ඡේදය සඳහා දළ ලාභ ආන්තිකය පසුගිය වසරේ අදාල කාල පරිච්ඡේදයේ…
ශ්‍රී ලංකා රජයේ අයවැය මඟින්, දළ දේශීය නිෂ්පාදිතයේ කොටසක් ලෙස මූල්‍ය ආදායම ඉහළ නැංවීම සඳහා බලධාරීන්ගේ කැපවීම ඉස්මතු කරනු ලබන ඇති බවත්, මෙම ප්‍රවේශය සාර්ථක වුවහොත්, ස්වෛරී ණය පැතිකඩෙහි දිගුකාලීන දුර්වලතාවයක් සමනය කරනු ඇති බවත් ෆිච් රේටිංග්ස් පවසයි. කෙසේ වෙතත්, මූල්‍ය දැක්ම සඳහා අවදානම් සැලකිය යුතු ලෙස පවතින අතර, මූල්‍ය ඒකාබද්ධතාවයේ වේගය මන්දගාමී කිරීමේ සැලසුම්…
තිරසාර මූල්‍යකරණයේ පුරෝගාමියා සහ ප්‍රමුඛයා වන එලායන්ස් ෆිනෑන්ස් සමාගම (AFC), බැංකු නොවන මූල්‍ය ආයතනයක් (NBFI) විසින් ශ්‍රී ලංකාවේ පළමු හරිත බැඳුම්කරය නිකුත් කිරීම අභිමානවත් ලෙස නිවේදනය කර සිටී. මේ සම්බන්ධයෙන් නිකුත් කළ මාධ්‍ය නිවේදනය පහතින් දැක්වේ. මෙම සුවිශේෂී ක්‍රියාවලිය ශ්‍රී ලංකාවේ හරිත ආර්ථිකය ඉදිරියට ගෙන යාමට සහ කාබන් අවමකිරීම, පරිසර හිතකාමී අනාගතයක් කරා පියවර තැබීම…
පැවති පාලනයන්ගේ වැරදි මූල්‍ය කළමනාකරණය හේතුවෙන් බංකොලොත්භාවයට පත් වූ අප රට මේ වන විට පවතින්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන තුළ යම් කිසි පරිවාසයකට යටත්ව බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පෙන්වා දෙයි. එම තත්ත්වය තුළ රටක් ලෙස ගොඩනැගීම සඳහා ශක්තිමත් ආර්ථිකයක් ඇති කිරීමට මෙවර අයවැයෙන් මූලික පියවර තැබූ බව ජනාධිපතිවයා ප්‍රකාශ කළේය. ඔහු මෙම අදහස්…
රජයේ ඩිජිටල් ආර්ථික ප්‍රතිපත්තියට සමගාමීව සයිබර් ආරක්ෂණ ක්‍රියාවලිය ශක්තිමත් කිරිම සදහා අවශ්‍ය පියවර ගැනීමේ වැදගත්කම අවධානයට ලක් කරමින් ඩිජිටල් ආර්ථික කටයුතු පිලිබඳ ජනාධිපති ජේෂ්ඨ උපදේශක ආචාර්ය හාන්ස් විජේසුරිය මහතාගේ මුලිකත්වයෙන් සාකච්ඡාවක් ශ්‍රී ලංකා සර්ට් ආයතනයේදී පැවැත්විණ. මෙම අවස්තාවට ශ්‍රී ලංකා සර්ට් ආයතනයේ සභාපති තිලක් පතිරගේ, ප්‍රධාන විධායක නිලධාරි ආචාර්ය කනිෂ්ක කරුණාසේන ඇතුළු නිලධාරීහු පිරිසක් එක්වුහ….
මෙවර අයවැය යෝජනාවලිය හරහා ඉදිරිපත් කෙරුණු මූලික ප්‍රතිසංස්කරණ, ලංකා වාණිජ මණ්ඩලය විසින් ඉදිරිපත් කරන ලද “දැක්ම 2030” සහ ආර්ථික සමුළුවේ සාකච්ජා කෙරුණු යෝජනා හා එකඟ වූ අවස්ථාවක් බව පිළිගත හැක. එමගින් ස්ථාවරත්වය, පාලනය, මහජන සහන, දූෂණයට එරෙහිව කටයුතු කිරීම ඇතුළු සියලු අංශ ආවරණය කරන්නක් බව පෙනේ. තවද රාජ්‍යය පෞද්ගලික හවුල්කාරිත්වයන් ශක්තිමත් කිරීමේ ඉලක්කය හා ඩිජිටල්…
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම මගින් සහය දක්වන ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහනේ තුන්වන සමාලෝචනය අවසන් කරමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්ය මණ්ඩලය සහ ශ්‍රී ලංකා බලධාරීන් ආර්ථික ප්‍රතිපත්ති පිළිබඳ කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවයකට පැමිණීම පසුගිය 2024 නොවැම්බර් මාසයේ දී සිදුවිය. කෙසේවෙතත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ශ්‍රී ලංකාවට ලැබිය යුතු එක්සත් ජනපද ඩොලර් මිලියන 333ක පමණ…
නැගෙනහිර පළාතේ ව්‍යවසායකයන්ගේ අපනයන හැකියාව ඉහළ නැංවීම සඳහා ශ්‍රි ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය විසින් ක්‍රියාත්මක කරන නව අපනයනකරුවන් සංවර්ධන කිරීමේ වැඩසටහන පිළිබඳ දැනුවත් කිරීමේ සම්මන්ත්‍රණයක් පෙබරවාරි මස 18 වන දින ශ්‍රි ලංකා නැගෙනහිර විශ්වවිද්‍යාලයේ දී (Techno Park of Eastern University, Sri Lank) සාර්ථකව සංවිධානය කරන ලදී. මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණ වන්නේ දේශීය ව්‍යාපාරිකයින් අපනයන කර්මාන්තවල…
Video Story