Top News

මාර්තු 01 සිට මුද්දර ගාස්තු ඩබල් වෙයි

2025 අයවැයෙන් මුද්දර ගාස්තු අනුපාතය 1% සිට 2%ක් දක්වා ඉහළ නැංවීමට කටයුතු කර තිබේ. ඕනෑම දේපලක කල්බදු හෝ කුලියට දීමේ ඕනෑම සාධන පත්‍රයක් මත අදාළ මුද්දර ගාස්තුව, කල්බදු හෝ කුලී ගිවිසුමේ (කුලී සින්නක්කර ගිවිසුමක් හැර) අඩංගු මුළු කාලය සඳහා ගෙවිය යුතු ඕනෑම වාරිකයක් ඇතුළුව, සමස්ත කල්බදු හෝ කුලියෙන් සෑම රු. 1,000 ක් හෝ එවැනි කොටසක්…

(0)Comments | February 18, 2025 1:02 pm

2025 අයවැය ඇතැමුන් IMF අයවැයක් කිව්වත්, එය රටට සුබදායී අයවැයක් – මහ බැංකු අධිපති

ජනාධිපතිවරයා ඊයේ ඉදිරිපත් කළ අයවැය ඇතැමුන් IMF අයවැයක් ලෙස හැදින්වූවත්, එය රටට සුබදායී අයවැයක් බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි. අද (18) කොළඹ පැවැති පශ්චාත් අයවැය සාකච්ඡාවට එක්වෙමින් මහ බැංකු අධිපතිවරයා මේ බව පවසා සිටියේය. “ඉලක්ක දෙස බැලුවාම මේ වතාවේ ඒ පිළිබඳ වැඩි විශ්වාසනීයත්වයක් තැබිය හැකියි. රුපියල් ට්‍රිලියන 5ක ආදායම් ඉලක්කයක් සහ…

(0)Comments | February 18, 2025 12:28 pm

2025 පළමු මාසයේ නිෂ්පාදන හා සේවා ක්‍රියාකාරකම්වල වර්ධනයක්

2025 ජනවාරි මාසයේ ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශක මගින් නිෂ්පාදන හා සේවා ක්‍රියාකාරකම්වල වර්ධනයක් පෙන්නුම් කරයි. නිෂ්පාදන කටයුතුවල තවදුරටත් වර්ධනයක් පෙන්නුම් කරමින් නිෂ්පාදන අංශයේ ශ්‍රී ලංකා ගැනුම් කළමණාකරුවන්ගේ දර්ශකය 2025 ජනවාරි මාසයේදී 59.0ක දර්ශක අගයක් වාර්තා කළේය. මෙම වර්ධනය සඳහා සියලුම උප දර්ශක ධනාත්මක ලෙස දායක විය. සමීක්ෂණයට ප්‍රතිචාර දැක්වූ රෙදිපිළි සහ ඇඟලුම් නිෂ්පාදන අංශයේ බොහෝ දෙනෙක්…

(0)Comments | February 18, 2025 9:16 am

ශ්‍රීලංකන් වෙනුවෙන් අයවැයෙන් රු. බිලියන 20ක් වෙන්කරයි

මෙවර අයවැයෙන් රු. මිලියන 20,000ක මුදලක් ශ්‍රීලංකන් ගුවන්සේවය වෙනුවෙන් වෙන්කරනු ලබන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. 2025 වසර සඳහා වන අයවැය කථාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා අද (17) දිනයේ දී මේ බව කියා සිටියේය. අදාළ ප්‍රකාශයේ වැඩිදුටරත් මෙසේ සඳහන් වේ. ශ්‍රීලංකන් ගුවන් සමාගම ගුවන් මගීන් සහ භාණ්ඩ ප්‍රවාහනය කිරීමේ ප්‍රමුඛතම…

(0)Comments | February 17, 2025 6:46 pm

අයවැය දා කොටස් වෙළෙඳපොළෙනුත් වාර්තාවක්

කොළඹ කොටස් වෙළෙඳපොළ ඉතිහාසයේ ඉහළම ස්ථානය යළිත් වරක් අලුත් කිරීමට අද දිනයේ දී සමත්වුණි. ඒ අනුව කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශක අගය අද දින ඒකක 219.36කින් ඉහළ ගොස් ඒකක 17,156.05ක් ලෙසින් සටහන් වූ අතර එය මෙතෙක් ඉතිහාසයේ වාර්තා වූ ඉහළම අගය වන ඒකක 17,122.73 සීමාව අභිබවා යාමකි. මේ අතර S&P SL20 දර්ශකය අද දින…

(0)Comments | February 17, 2025 5:06 pm

මූලික කොටස් නිකුතු වලට අදාල ගෙවීම් පහසු කිරීමට කොම්බෑන්ක් ඩිජිටල් කොළඹ කොටස් හුවමාරුවේ මධ්‍යම තැන්පතු ක්‍රමය හා ඒකාබද්ධ වෙයි

කොමර්ෂල් බැංකුවේ ඩිජිටල් බැංකුකරණ වේදිකාව වන කොම්බෑන්ක් ඩිජිටල් කොළඹ කොටස් හුවමාරුවේ මධ්‍යම තැන්පතු ක්‍රමය (CDS) හා සම්බන්ධ වී ඇති බවත් ඒ ඔස්සේ සෘජුවම මූලික කොටස් නිකුතු (IPO) වලට අදාල ගෙවීම් කිරීමට බැංකු ගිණුම් හිමියන්හට අවස්ථාව සැලසී ඇති බවත් බැංකුව නිවේදනය කර ඇත. කොළඹ කොටස් හුවමාරුවේ මධ්‍යම තැන්පතු ක්‍රමය සහ ලංකා පේ රජයේ ගෙවීම් දොරටුවෙන් (LPOPP)…

(0)Comments | February 17, 2025 4:44 pm

2025 අයවැය සම්පූර්ණ කතාව

2025 වර්ෂය සඳහා වන රජයේ මංගල අයවැය මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අද පෙරවරුවේ ෙපාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවේය. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, ජනාධිපති ධූරයට පත්වීමෙන් පසුව ඉදිරිපත් කරන පළමු අයවැය මෙය වේ. එහිදි ජනාධිපතිවරයා දැක්වූ අදහස්, අයවැය කථාව 2025 පූර්විකාව ගරු කථානායකතුමනි, අපේ රජයේ පළමු ජාතික අයවැය මේ සභාවට ඉදිරිපත්…

(0)Comments | February 17, 2025 2:52 pm

නව රජයේ පළමු අයවැය අද පාර්ලිමේන්තුවට

 අයවැය විවාදය පෙබරවාරි 18 සිට මාර්තු 21 දක්වා දින 26 ක් පැවැත්වෙයි දෙවැනිවර කියවීමේ විවාදය පෙබරවාරි 18 සිට 25 දක්වා කාරක සභා අවස්ථාවේ විවාදය පෙබරවාරි 27 සිට මාර්තු 21 දක්වා – තෙවනවර කියවීමේ ඡන්ද විමසීම මාර්තු 21 වැනිදා ප.ව 6.00ට 2025 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පතේ දෙවැනිවර කියවීම අද පෙ.ව 10.30 ට මුදල් අමාත්‍යවරයා…

(0)Comments | February 17, 2025 8:26 am

තවත් ජ්‍යෙෂ්ඨ ව්‍යාපාරිකයෙකු දිවිසැරිය නිමකරයි

මෙරට ප්‍රමුඛ පෙළේ තේ අපනයන සමාගමක් වන අක්බාර් බ්‍රදර්ස් හි සමාරම්භක සාමාජිකයෙකු වූ ඉනයට් අක්බාර්අලි මහතා අභාවප්‍රාප්ත වී තිබේ. මිය යන විට ඒ මහතා 88 වැනි වියෙහි පසුවිය. 1969 වසරේ දී අබ්බාස්, අබීඩ් සහ ඉනයට් යන අක්බාර්අලි සොහොයුරන් තිදෙනා එක්ව අක්බාර් බ්‍රදර්ස් ව්‍යාපාරය ආරම්භ කරන ලදී. එතැන් සිට අද දක්වාම ‘සිලෝන් ටී’ සන්නාමය ලොවට ගෙන…

(0)Comments | February 16, 2025 2:20 pm

අයවැය අවසන් ලේඛනය ජනාධිපතිගේ නිරීක්ෂණයට

හෙට (17) ඉදිරිපත් කිරීමට නියමිත 2025 වසර අයවැය අවසන් ලේඛනය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (16) නිරීක්ෂණය කළේය. ඒ ජනාධිපති කාර්යාලයේදී ය. මුදල් අමාත්‍යංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතාද මෙම අවස්ථාවට එක්විය.

(0)Comments | February 16, 2025 1:36 pm