ශ්‍රී ලංකා මහ බැංකුවේ නිල ලාංඡනය අවභාවිත කරමින්, මහ බැංකුවේ රැකියා අවස්ථා ලබා දෙන බව පවසමින් ජනතාව මුලා කිරීමේ ව්‍යාජ රැකියා දැන්වීම් සමාජ මාධ්‍ය සහ වෙනත් වෙබ් අඩවිවල සංසරණය වීමේ ඉහළ යෑමක් මෑතක දී නිරීක්ෂණ වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. ශ්‍රී ලංකා මහ බැංකුව තෙවන පාර්ශවීය සමාජ මාධ්‍ය ඔස්සේ රැකියා ඇබෑර්තු බළ නොකරන බවත්, සියලු…
කටුනායක, බණ්ඩාරනායක ගුවන්තොටුපොළෙහි පිටත්වීමේ/සංක්‍රමණ ප්‍රදේශයේ 20-D, 29-D,39-D සහ 42-D යන අවකාශ 4හි ජාත්‍යන්තර වශයෙන් ක්‍රියාත්මක ආහාරපාන ජාලාවල අලෙවිසැල් වසර 03ක කාලසීමාවක් සඳහා ක්‍රියාත්මක කිරීමට යෝග්‍ය මෙහෙයුම්කරුවන් තෝරා ගැනීම පිණිස ජාත්‍යන්තර තරගකාරී ලංසු කැඳවීමේ ප්‍රසම්පාදන ක්‍රමවේදය අනුගමනය කරමින් ලංසු කැඳවා ඇත. ඒ සඳහා ලංසුකරුවන් 06 දෙනෙක් ඉදිරිපත්ව තිබේ. ඒ අනුව, තාක්ෂණික ඇගයීම් කමිටුවේ සහ අමාත්‍ය මණ්ඩලය…
ශ්‍රී ලංකාවේ ලිහිසි තෙල් වෙළඳපළ සැළකිය යුතු ලෙස ශක්තිමත් කරමින් ඉන්දියාවේ ප්‍රමුඛපෙළේ තෙල් දැවැන්තයින් අතර සිටින සීමාසහිත හින්දුස්ථාන් පෙට්‍රෝලියම් කෝපරේෂන් (HCPL) හි සමාගමක් වන HP ලුබ්රිකන්ට්ස් සී වර්ල්ඩ් ලංකා (පුද්ගලික) සමාගම සමඟ සහයෝගීතාවයෙන් දේශීය වෙළඳපළට ප්‍රවේශ වී ඇත. මෙරට අත්‍යවශ්‍ය වන අංශයක් තුළ ශ්‍රී ලංකා – ඉන්දියා වෙළඳ සබඳතා ඉදිරියට ගෙන යන මෙම විශේෂ එළිදැක්වීම,…
2024 පළමු කාර්තුවේ දී බලපත්‍රලාභී වානිජ බැංකුවල රුපියල් තැන්පතු වගකීම්වල සුළු වර්ධනයක් පෙන්නුම් කළ අතර. එම වර්ධනය ඊළග කාර්තුවල දී තවදුරටත් ඉහළ ගියේය. පොලී අනුපාතික අඩු වීම හමුවේ පෞද්ගලික අංශයේ ණය ප්‍රමාණය ඉහළ යෑමට අනුකූලව ප්‍රධාන වශයෙන් රාජ්‍ය බැංකු සහ දේශීය පෞද්ගලික බැංකු විසින් වාර්තා කරන ලද තැන්පතු වගකීම්වල වර්ධනය වීම මෙම සමස්ත වර්ධනයට මූලිකවම…
ආයෝජකයින් සහ ඔවුන්ගේ ආයෝජන සඳහා හිතකර ආයතනික පරිසරයක් සහතික කිරීම මඟින් ඍජු විදේශ ආයෝජන නියාමනය සඳහා නීතිමය යාන්ත්‍රණයක් සම්පාදනය කිරීම පිණිස ශ්‍රී ලංකාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර අන්‍යෝන්‍ය ආයෝජන ප්‍රවර්ධනය සහ ආරක්ෂාව පිළිබඳ ගිවිසුමකට අත්සන් තැබීමට දෙපාර්ශ්වය විසින් එකඟතාවකට පැමිණ තිබේ. යෝජිත ගිවිසුමට අත්සන් තැබීම මඟින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් ශ්‍රී ලංකාවට ඍජු…
ශ්‍රී ලංකාවේ විශාලතම විශ්‍රාම අරමුදල වන සේවක අර්ථසාධක අරමුදලේ මුළු සාමාජික ගිණුම් සංඛ්‍යාව මේ වන විට මිලියන 21.5ක් පමණ වන අතර, දායක මුදල් ප්‍රේෂණය කරනු ලබන ක්‍රියාකාරි සේවා යෝජකයින් සංඛ්‍යාව 77,000ක් පමණ වේ. 2024 ඔක්තෝබර් මාසය අවසන් වන විට අරමුදලේ මුළු වත්කම් ප්‍රමාණය රුපියල් ට්‍රිලියන 4.2ක් වන අතර, පසුගිය වසර කිහිපය තුළ එහි වත්කම්වල වාර්ෂික…
සංසරණයෙහි පවතින ව්‍යවහාර මුදල් ප්‍රමාණය ද්‍රවශීලතාව සඳහා දායක වන ප්‍රධාන සාධකයක් වන අතර එය 2024 දී සැලකිය යුතු ලෙස වර්ධනය වී ඇති ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. උත්සව සමයට අදාළව 2024 මාර්තු මාසයේ සිට රු. බිලියන 163 ක පමණ ව්‍යවහාර මුදල් ප්‍රමාණයක්, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් වෙළෙඳපොළ වෙත නිකුත් කරන ලද අතර, එයින් රු….
මුදල් විශුද්ධිකරණය වැළැක්වීම හා ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඩපැවැත්වීම පිළිබඳව ඉහළ මට්ටමේ කාර්ය සාධක බලකායක් පිහිටුවීම සහ මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඩපැවැත්වීමේ රාමුව පිළිබඳ ශ්‍රී ලංකාවේ 3වන අන්‍යොන්‍ය ඇගයීම සඳහා සූදානම මුදල් විශුද්ධිකරණය වැළැක්වීම පිළිබඳ ආසියා ශාන්තිකර කලාපීය කණ්ඩායම (APG) විසින් සම්බන්ධීකරණය කරනු ලබන මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඩපැවැත්වීමේ රාමුව…
මෙම සතියේ ආරම්භක ගනුදෙනු දිනය වූ අද (10) දිනයේ දී කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල සැලකිය යුතු පහළ යාමක් සිදුව තිබේ. ඒ අනුව සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 16,566.27 ක් දක්වා ඒකක 168.41ක පහළ යාමක් වාර්තා කළ අතර S&P SL20 දර්ශකය ඒකක 4,959.45 ක් දක්වා ඒකක 32.69 ක පහළ බැසීමක් වාර්තා කළේය. ප්‍රධාන වශයෙන්…
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම අඩු පිරිවැය ගුවන් සේවයක් වන FitsAir ගුවන් සමාගම සිය ගුවන් ගමන් පුළුල් කරමින් කොළඹ සහ බංග්ලාදේශයේ ඩකා නුවර අතර සතිපතා නව ගුවන් ගමන් දෙකක් හඳුන්වා දීමට කටයුතු කර ඇත. ඒ අනුව මීට පෙර සතියකට තෙවතාවක් ක්‍රියාත්මක වූ ගුවන් කාලසටහන වැඩිදියුණු කරමින් සතිපතා ගුවන් වාර පහක් ක්‍රියාත්මක වන අතර, ඒ තුළින් ගුවන් මගීන්ට…
Video Story