– නිෂ්පාදන කර්මාන්ත ඵලදායී ලෙස මෙහෙය වීමට, ඒකාබද්ධ කිරීම හා සංවර්ධනයට ජනපතිගේ අවධානය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ නිලධාරීන් අතර හමුවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඊයේ (14) පැවැත්විණි. ජාතික ආර්ථිකය ඉහළ නැංවීම සඳහා නිෂ්පාදන කර්මාන්ත ඵලදායී ලෙස මෙහෙය වීම, ඒකාබද්ධ කිරීම, සංවර්ධනය සහ ඊට අදාළ අභියෝග පිළිබඳව මෙහිදී සාකච්ඡා විය….
2025 ජනවාරි මාසය සඳහා වන නිල දරිද්‍රතා රේඛා සටහන නිකුත් කර තිබේ. ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් මෙම සටහන ප්‍රකාශයට පත්කරනු ලබයි. අදාළ සටහනට අනුව පුද්ගලයෙකු හට සිය මූලික අවශ්‍යතා සපුරා ගැනීම සඳහා මාසයක් තුළ අවශ්‍ය කෙරෙන අවම මුදල 2025 ජනවාරි මාසයේ දී රු. 16,334 ක් ලෙසින් දක්වා ඇත. එය 2024 දෙසැම්බර් මාසයේ දී වාර්තා…
ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB), ජාත්‍යන්තර වෙළඳ මධ්‍යස්ථානය (ITC) සහ එක්සත් රාජධානියේ SheTrades Commonwealth+ වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන SheTrades Sri Lanka Hub නිල වශයෙන් දියත් කිරීමේ උත්සවය අද (14 දා) අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවියගේ ප්‍රධානත්වයෙන් කොළඹ දී ආරම්භ විය. මෙම SheTrades Sri Lanka Hub වැඩසටහන කාන්තා ව්‍යවසායකයින්ට අවශ්‍ය නිපුණතා වලින් සන්නද්ධ කිරීම සඳහා…
Tata Motors සහ DIMO සහයෝගීතාවයෙන් නවතම Tata මගී මෝටර් රථ පෙළ ශ්‍රී ලංකාවට හඳුන්වා දෙයි ඉන්දියාවේ ප්‍රමුඛතම මෝටර් රථ නිෂ්පාදකයෙකු සහ තිරසාර ප්‍රවාහන ක්ෂේත්‍රයේ පුරෝගාමියෙකු වන Tata Motors, එහි ශ්‍රී ලංකාවේ බලයලත් බෙදාහරින්නා සහ වසර 85කට අධික කාලයක් තුළ සිට මෙරට මෝටර් රථ විශිෂ්ටත්වය පිළිබඳ අධිකාරිත්වය දරන DIMO සමාගම සමඟ එක්ව සිය නවතම Tata මගී…
කොළඹ කොටස් හුවමාරුව (CSE) විසින් ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව (SEC) සහ කොටස් තැරැව්කාර ආයතනය සමඟ එක්ව පවත්වනු ලබන ‘ඉන්වෙස්ට් ශ්‍රී ලංකා’ ප්‍රාග්ධන වෙළඳපොළ ආයෝජක හමුව 2025 මාර්තු 27 සහ 28 යන දිනවල කොළඹ ෂැන්ග්‍රිලා හෝටලයේදී පැවැත්වීමට නියමිතය. මෙම වැඩසටහන සඳහා රජයේ ප්‍රතිපත්ති සම්පාදකයින්, නියාමකයින්, ප්‍රමුඛ ලැයිස්තුගත සමාගම්වල නියෝජිතයින් සහ කොටස් තැරැව්කාර සමාගම්…
ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණ හා විද්‍යුත් උපකරණ නිෂ්පාදන කර්මාන්තය තුළ ලබාගත් සුවිශේෂී ජයග්‍රහණයක් සනිටුහන් කරමින්, මෙරට ප්‍රථම සහ එකම දේශීය පරිගණක නිෂ්පාදකයා වන EWIS Colombo සමාගම, ප්‍රථමවරට දේශීයව නිෂ්පාදනය කළ ලැප්ටොප් පරිගණක තොගයක් සිම්බාබ්වේ වෙත සාර්ථකව අපනයනය කර ඇත. ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ ඓතිහාසික සන්ධිස්ථානයක් වන මෙමගින්, තොරතුරු තාක්ෂණ දෘඩාංග නිෂ්පාදනයේ නැගී එන බලවේගයක්…
කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල සැලකිය යුතු ඉහළ යාමක් අද (12) දිනයේ දී වාර්තා විය. එහිදී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 150.57කින් සහ S&P SL20 අගය ඒකක 50.02කින් ඉහළ ගිය අතර දිනයේ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 15,861.14 ක් ලෙසත් S&P SL20 දර්ශක අගය ඒකක 4,730.84 ක් ලෙසත් සටහන් වුණි. අද…
ජනාධිපති අනුර කුමාර දිසානානයක මහතා සහ නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරින් අතර හමුවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (12) පැවැත්විණි. නාගරික සංවර්ධන අධිකාරිය මගින් ක්‍රියාත්මක සංවර්ධන ව්‍යාපෘති සහ එම කටයුතු වෙනුවෙන් මෙවර අයවැයෙන් වෙන් කර ඇති ප්‍රතිපාදන ප්‍රමුඛතා හඳුනා ගනිමින් ඵලදායීව යෙදවීම පිළිබඳ සොයා බැලීමේ අරමුණින් මෙම සාකච්ඡාව කැඳවා තිබිණි. විධිමත් නගර සංවර්ධනයක් තුළින් මෙරට ජාතික ආර්ථිකය…
Al… මේ වනවිට අප සිටින ලෝකයේ Al තාක්ෂණයන්, සහ මිනිසුන්ට තම කටයුතු ඵලදායී ලෙස ඉෂ්ට කර ගැනීමට Al තාක්ෂණය යොදාගැනීම සම්බන්ධ කතිකාව, යම් මට්ටමකට පැමිණ තිබේ. තවදුරටත්, Al තාක්ෂණයන් මිනිසුන්ගේ ජීවිතවලට, රැකියාවන්ට බලපාන ප්‍රමාණය පිළිබඳව බිය දනවන වැරදි වැටහීම් දක්නට නොලැබේ. ස්මාට්ෆෝනයක ඇති සරල යෙදුම් තුළට පවා Al තාක්ෂණය මේ වන විට අනුහුරු වී තිබේ….
සූදානමකින් තොරව කාරක සභාව ඉදිරියේ කරුණු දැක්වීමට පැමිණීම පිළිබඳව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට කෝපා කමිටුවේ දැඩි අප්‍රසාදය පළ විය. මේ අනුව ඉදිරි දිනකදී නැවත පැමිණීමට දැනුම්දෙන බවත් එදින සූදානම් වී පැමිණෙන ලෙසත් දන්වමින් පැමිණි නිලධාරීන් නැවත හරවා යැවීම සිදුවිය. මෙසේ නිලධාරීන් හරවා යැවීම සිදුවූයේ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ 2020, 2021, 2022 හා 2023 වර්ෂවල විගණකාධිපති…
Video Story