Top News

Destination Wedding සංකල්පය ශ්‍රී ලංකාවට. එක් මංගල උත්සවයකින් ඩොලර් 250,000ක්

“Destination Wedding” එසේත් නොමැතිනම් ගමනාන්ත විවාහ උත්සව ශ්‍රී ලංකාව තුළ පැවැත්වීම පිළිබඳව මේ වන විට වැඩපිළිවෙලක් සකස් කර ඇති බව ශ්‍රී ලංකා සංචාරක සහ හෝටල් කළමනාකරණ ආයතනයේ සහ ශ්‍රී ලංකා සම්මේලන ආයතනයේ සභාපති ධීර හෙට්ටිආරච්චි මහතා පවසයි. ඔහු මේ බව පවසා සිටියේ පසුගිය දා (09) පැවති මාධ්‍ය හමුවකදී යි. ඉන්දියාව, මැදපෙරදිග වැනි රටවල ජීවත් වන්නන්…

(0)Comments | April 11, 2025 4:22 pm

2025 මේ දක්වා 775,000 ඉක්මවූ සංචාරකයින් පිරිසක් දිවයිනට

2025 වසරේ අප්‍රේල් 9 වන දිනෙන් අවසන් වූ කාල සීමාව තුළ දී 778,843ක සංචාරකයින් පිරිසක් මෙරටට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි. ඔවුන් සිය නවතම දත්ත වාර්තාවන් නිකුත් කරමින් පෙන්වා දෙන්නේ අප්‍රේල් මාසයේ පළමු දින 9 තුළ පමණක් සංචාරකයින් 56,567ක් මෙරටට පැමිණ ඇති බවයි. අප්‍රේල් මාසයේ පළමු දින 9 තුළ දී වැඩිම…

(0)Comments | April 11, 2025 3:09 pm

හදිසියේ උඩගිය ඩොලරය අද යළි පහළට

ඊයේ (10) දිනයේ දී රු. 300 සීමාව අබිබවා ගිය එක්සත් ජනපද ඩොලරයේ මිල අද (11) දිනයේ දී නැවත් වරක් එම සීමාවෙන් මෙපිටට පැමිණ ඇති බව වාර්තා වේ. ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (11) දින එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 294.28 ක් ලෙසින් වාර්තා වී ඇති අතර විකුණුම් මිල රු….

(0)Comments | April 11, 2025 1:31 pm

ලංකා විදුලිබල මණ්ඩලය සහස්දනවි විදුලි බලාගාරය සඳහා විදුලිය මිලදී ගැනීමේ ගිවිසුමට අත්සන් කරයි

ලංකා විදුලිබල මණ්ඩලය (CEB) සහස්දනවි විදුලි බලාගාරය සඳහා විදුලිබල මිළදී ගැනීමේ ගිවිසුම (PPA) අත්සන් කළ බව නිවේදනය කරයි. මෙම බලාගාරය ඉදිකිරීම, අයිතිය සහ මෙහෙයවීම සීමාසහිත සහස්දනවි සමාගම විසින් සිදු කරන අතර, වසර 25 කට පසු එහි හිමිකාරිත්වය ලංකා විදුලිබල මණ්ඩලයට පවරා දීමට නියමිතය. ශ්‍රී ලංකාවේ ගෘහස්ත සහ ව්‍යාපාරික පාරිභෝගිකයන් සඳහා විශ්වසනීය හා අඩු මිලට විදුලිබලය…

(0)Comments | April 11, 2025 12:31 pm

ගෝලීය කම්පනයන්ගෙන් ශ්‍රී ලංකාවට ඇතිවන බලපෑම තක්සේරු කිරීමට තව කාලය අවශ්‍යයයි – IMF

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිලධාරී කණ්ඩායම ශ්‍රී ලංකා සංචාරය නිමා කරයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) විස්තීර්ණ ණය පහසුකමේ සහාය සහිතව ක්‍රියාත්මක කෙරෙන ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහන යටතේ ආර්ථික හා මූල්‍ය ප්‍රතිපත්ති ක්‍රියාවට නැංවීමේ ප්‍රගතිය සහ මෑත කාලීන සාර්ව ආර්ථික ප්‍රවණතා සාකච්ඡා කිරීම සඳහා ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී ඉවාන් පපාජියෝරිජියෝ (Evan Papageorgiou) මහතාගේ නායකත්වයෙන් යුත් ජා.මූ….

(0)Comments | April 11, 2025 11:38 am

ලෝක රන් මිල වාර්තාගත ඉහළම අගයකට

ඉතිහාසයේ ප්‍රථම වරට ලෝක වෙළෙඳපොළේ රන් අවුන්සයක මිල අද (11) අමෙරිකානු ඩොලර් 3,200 (රුපියල් ලක්ෂ 9කට වැඩි) සීමාව ඉක්මවා ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඒ අනුව ලෝක වෙළෙඳපොළේ රන් අවුන්සයක් මෙතරම් අගයකට ඉහළගිය පළමු අවස්ථාව මෙය ලෙස සැකකෙයි. විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ චීනය හා අමෙරිකාව අතර උද්ගතවී තිබෙන වෙළඳ යුද්ධයේ ප්‍රතිඵලයක් ලෙස මෙලෙස…

(0)Comments | April 11, 2025 11:24 am

VAT (සංශෝධන) පනත් කෙටුම්පතට කථානායකවරයාගේ සහතිකය

එකතු කළ අගය මත බදු (සංශෝධන) පනත් කෙටුම්පත සඳහා ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අද (11) සිය සහතිකය සටහන් කළේය. එකතු කළ අගය මත බදු (සංශෝධන) පනත් කෙටුම්පත දෙවැනි වර කියවීමේ විවාදය 2025.04.09 දින පැවැත්වූ අතර කාරක සභා අවස්ථාවේදී පනත් කෙටුම්පතට සංශෝධන එක්විය. අනතුරුව පනත් කෙටුම්පත තෙවනවර කියවීමෙන් පසු ඡන්ද විමසීමකින් තොරව පාර්ලිමේන්තුවේදී සම්මත…

(0)Comments | April 11, 2025 10:10 am

මියන්මාරයට ශ්‍රී ලංකාවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියනයක මූල්‍ය ආධාරයක්

භූ කම්පනය හේතුවෙන් විපතට පත් මියන්මාර ජනතාවට සහන සැලැසීම සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියනයක මූල්‍යමය ආධාරයක් සිදු කිරීමට ශ්‍රී ලංකා රජය කටයුතු කර තිබේ. ඊට අදාළ චෙක්පත ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසින් ශ්‍රී ලංකාවේ මියන්මාර තානාපතිනි මාලර් තන් ටයික් (Marlar Than Htaik) මහත්මිය වෙත ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඊයේ (10) පිරිනමනු ලැබීය. පවතින ආර්ථික…

(0)Comments | April 11, 2025 8:45 am

ඇමෙරිකාවේ නව තීරු බදු ප්‍රතිපත්තිය හමුවේ ගත යුතු පියවර පිළිබඳ සාකච්ඡා කිරීමට ජනපති කැඳවූ පක්ෂ නායක හමුව සාර්ථකව අවසන්

ඇමෙරිකාවේ නව තීරු බදු පැනවීමත් සමග මෙරට ආර්ථිකයට සිදුවන බලපෑම සහ ඒ හමුවේ ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡා කිරීමේ පක්ෂ නායක හමුවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (10) ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි. ජනාධිපතිවරයා මුණ ගැසී මේ පිළිබඳව සාකච්ඡා කළ යුතු බවට විපක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක් කළ ඉල්ලීම පරිදි ජනාධිපතිවරයා විසින් මෙම හමුව කැඳවා තිබිණි….

(0)Comments | April 10, 2025 5:24 pm

ආපසු හැරවුණු ට්‍රම්ප්ගේ තීරුබදු තීන්දුවට කොළඹ කොටස් වෙළෙඳපොළෙන් ඉහළ ප්‍රතිචාර

අද (10) දිනයේ දී කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශක දැවැන්ත වර්ධනයක් අත්පත් කර ගැනීමට සමත්විය. එහිදී කොටස් වෙළෙඳපොළ ප්‍රධාන මිල දර්ශකය වන සියලු කොටස් මිල දර්ශකය පෙර දිනයට සාපේක්ෂව 4.7% ක සුවිශාල ඉහළ යාමක් වාර්තා කළේ ඒකක 704.88ක දැවැන්ත වර්ධනයක් සමඟිනි. දිනය අවසානයේ දී එහි අගය ඒකක 15,580.83 ක් ලෙසින් සටහන් විය. මේ අතර S&P…

(0)Comments | April 10, 2025 3:57 pm