ගෝලීය රන් මිල ඉතිහාසයේ ඉහළම මට්ටමට පැමිණ ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. BBC පුවත් සේවය ශ්‍රී ලංකා වේලාවෙන් අද (22) මධ්‍යහ්නයේ දී කියා සිටියේ රන් අවුන්සයක මිල ඩොලර් 3,500 සීමාව ඉක්මවා ගොස් ඇති බවයි. මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ, වටිනා ලෝහ විශ්ලේෂණය කිරීමේ කාර්යාංශයේ, සහකාර අධ්‍යක්ෂ ඉන්දික බණ්ඩාර මහතා පවසන්නේ,…
විද්‍යුත් මෝටර් ට්‍රයිසිකල් (ත්‍රිරෝද රථ) නිෂ්පාදනයේදී සහ පෙට්‍රල් හෝ ඩීසල් භාවිතයෙන් ධාවනය කරනු ලබන මෝටර් ට්‍රයිසිකල් (ත්‍රිරෝද රථ) විදුලි බලයෙන් ධාවනය කිරීමට හැකි වන අයුරින් පරිවර්තනය කිරීමේදී විද්‍යුත් ආරෝපිත බැටරි භාවිත කිරීම හේතුවෙන් එවැනි මෝටර් ට්‍රයිසිකල්වල (ත්‍රිරෝද රථවල) තාර බර ඉහළ යාම සිදු වේ. එම හේතුව මත එකී මෝටර් ට්‍රයිසිකල් (ත්‍රිරෝද රථ) ලියාපදිංචියේදී මතු වන…
නෞකාවන්හි හා කොළඹ වරාය නගරයේ අක්වෙරළ සූදු ක්‍රීඩා ක්‍රියාකාරකම් සහ මාර්ගගත සූදු ක්‍රීඩා ක්‍රියාකාරකම් ඇතුළුව ශ්‍රී ලංකාවේ සූදු ක්‍රීඩා කර්මාන්ත මෙහෙයුම් කටයුතු සම්බන්ධයෙන් පුළුල් හා පූර්ණ විෂය පථයක් සහිත ස්වාධීන තනි නියාමකවරයෙකු වශයෙන් ක්‍රියා කිරීම සඳහා සුදු ක්‍රීඩා නියාමන අධිකාරිය පිහිටුවීමට යෝජනා වී ඇත. ඒ සඳහා වන පනත් කෙටුම්පතක් සකස් කිරීම පිණිස 2025-02-24 දින අමාත්‍ය…
මෙම වසරේ අප්‍රේල් 20 වන දිනෙන් අවසන් වූ කාල සීමාව තුළ 846,221 ක සංචාරකයින් පිරිසක් මෙරටට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි. ඔවුන් සිය නවතම දත්ත වාර්තාවන් නිකුත් කරමින් පෙන්වා දෙන්නේ අප්‍රේල් මාසයේ පළමු දින 20 තුළ දී 123,945ක සංචාරකයින් පිරිසක් මෙරටට පැමිණ ඇති බවයි. මෙම කාල සීමාව තුළ වැඩිම සංචාරකයින් පිරිසක්…
ජාතික පාරිභෝගික මිල දර්ශකයට (NCPI) අනුව 2025 මාර්තු මාසයේ මෙරට ලක්ෂ්‍යමය මතුපිට උද්ධමනය -1.9% ක් දක්වා ඉහළ ගොස් ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද නවතම වාර්තාවක සඳහන් වේ. 2025 පෙබරවාරි මාසයේ දී මෙම අගය වාර්තා වූ යේ -3.9% ක් ලෙසිනි. මාර්තු මාසයේ දී ආහාර උද්ධමනය -1.1% සිට 0.8% දක්වා ඉහළ ගොස්…
බලපත්‍රලාභී වාණිජ බැංකු විසින් පෞද්ගලික අංශයට ලබා දුන් ණය 2024 වසර තුළ දී සැලකිය යුතු ලෙස වර්ධනය වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රකාශයට පත් කර ඇති 2024 වාර්ෂික ආර්ථික විවරණ වාර්තාව පෙන්වා දේ. අදාළ වාර්තාවේ වැඩිදුරටත් මෙසේ සඳහන් වේ. වෙනස් වෙමින් පවතින ආර්ථික තත්ත්ව මධ්‍යයේ ණය ලබා දීම වඩාත් සුපරික්ෂාකාර්ව සිදු කිරීම…
මෑත වසරවල දී විදේශ අධ්‍යාපනයට අදාළව දේශසීමා හරහා සිදුවන ගෙවීම්, ප්‍රතිපත්ති සාකච්ඡාවල ප්‍රධාන මාතෘකාවක් වී ඇති නමුත්, එවැනි ගෙවීම් පිළිබඳව වන විශ්වසනීය දත්ත ප්‍රමාණවත් නොවීම හේතුවෙන් ප්‍රතිපත්ති සාකච්ඡා සඳහා බාධා ඇති වී තිබෙන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. මෙහිදී මහ බැංකුව සඳහන් කරන්නේ ජාත්‍යන්තර ගනුදෙනු වාර්තාකරණ පද්ධතිය හඳුන්වාදීමෙන් පසු, අධ්‍යාපන සේවා සඳහා දේශසීමා හරහා…
2025 අප්‍රේල් 23 දින රු. මිලියන 115,000ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීමේ වෙන්දේසියක් කැඳවා ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව දැනුම් දී සිටී. එහිදී දින 91, දින 182 හා දින 364 යන පරිණත කාල තුන යටතේ පිළිවෙලින් රු. මිලියන 30,000ක්. රු. මිලියන 60,000ක් හා රු. මිලියන 25,000ක් බැගින් වන පරිදි භාණ්ඩාගාර බිල්පත්,…
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුව වන කොමර්ෂල් බැංකුව අඛණ්ඩව දෙවන වසරටත් 2024 දී ‘ශ්‍රී ලංකාවේ වඩාත්ම සම්මානලාභී ආයතනය’ ලෙස LMD වෙතින් ශ්‍රේණිගත කර ඇත. LMD සඟරාවට අනුව, එම සඟරාවේ පර්යේෂණ සහ සත්‍යාපන ක්‍රමවේදය සලකා බලන විට කොමර්ෂල් බැංකුව සම්මාන 115ක් ලබා ගනිමින් මෙරට ආයතනික අංශයේ සම්මානලාභි දැවැන්තයින්ගේ ලැයිස්තුවේ ඉහළින් ම සිටියි. “අපගේ පර්යේෂණ මගින්…
වසර හතරක් තුළ වාර්තා වූ ඉහළම අගය වාර්තා කරමින් නිෂ්පාදන අංශයේ ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය 2025 මාර්තු මාසයේ දී 63.9ක් දක්වා ඉහළ ගියේය. උත්සව සමයේ ඉල්ලුම විශාල වශයෙන් ඉහළ යෑමෙන් නිෂ්පාදන ක්‍රියාකාරකම්වල සිදුවූ සැලකිය යුතු වර්ධනය පිළිබිඹු කරමින් සියලුම උප දර්ශක පසුගිය මාසයට සාපේක්ෂව ඉහළ ගියේය. විශේෂයෙන්, ආහාර පාන සහ රෙදිපිළි සහ ඇඟලුම් නිෂ්පාදන…
Video Story