Top News

සංචාරක පැමිණීම ලක්ෂ 8 ඉක්මවයි

අප්‍රේල් මාසයේ පළමු දින 15 තුළ දී 93,915ක සංචාරකයින් පිරිසක් මෙරටට පැමිණ ඇත. ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සිය නවතම දත්ත වාර්තාවන් නිකුත් කරමින් පෙන්වා දෙන්නේ 2025 වසරේ මේ දක්වා මෙරටට පැමිණ ඇති සමස්ත සංචාරකයින් සංඛ්‍යාව 816,191ක් බවයි. අප්‍රේල් මාසයේ පළමු දින 15 තුළ 7,585ක වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණි දිනය ලෙස අප්‍රේල් 12 වන දා…

(0)Comments | April 17, 2025 4:10 pm

හෙට්ටිවීදියේ රන් මිල අහස උසට නගී. කැරට් 22 රන් පවුමක් ලක්ෂ 2 1/2ට කිට්ටු කරයි

මේ වන ලෝක වෙළෙඳපොළේ රත්‍රං මිල ඉතිහාසයේ ඉහළම අගයයට පැමිණ තිබේ. ඒ අනුව අද (17) වන විට ලෝක වෙළෙඳපොළේ රන් අවුන්සයක මිල ඩොලර් 3,345 ක්වූ ඉතිහාසයේ ඉහළම මට්ටමට පැමිණ ඇති බව වාර්තා වේ. මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ, වටිනා ලෝහ විශ්ලේෂණය කිරීමේ කාර්යාංශයේ, සහකාර අධ්‍යක්ෂ ඉන්දික බණ්ඩාර මහතා පවසන්නේ, ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ්…

(0)Comments | April 17, 2025 11:16 am

වැට් බද්දෙන් නිදහස් වූ භාණ්ඩ ගැන නිවේදනයක්

එකතු කළ අගය මත බදු සංශෝධන පනත් කෙටුම්පතට අනුව දේශීයව නිපදවන දියර කිරි සහ යෝගට් වැට් බදුවලින් නිදහස් කර ඇති බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසයි. නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ, අප්‍රේල් මස 11 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි දියර කිරි සහ යෝගට් සඳහා වන වැට් බද්ද ඉවත් කර ඇති බවය. ඒ සඳහා…

(0)Comments | April 17, 2025 8:56 am

අවුරුදු නිවාඩුවෙන් පසු කොටස් වෙළෙඳපොළේ කැපීපෙනෙන වර්ධනයක්

දීර්ඝ සතිඅන්තයකින් පසු කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු ඇරඹි අද (16) දිනයේ දී මිල දර්ශකවල කැපීපෙනෙන ඉහළ යාමක් වාර්තා විය. එහිදී සියලු කොටස් මිල දර්ශකය ඒකක 99.68කින් ඉහළ ගොස් ඒකක 15,625.88 ක් ලෙසින් වාර්තා වූ අතර S&P SL20 දර්ශකය ඒකක 29.95කින් ඉහළ ගොස් ඒකක 4,644.49 ක් ලෙසින් සටහන්ව තිබුණි. මිල දර්ශකවල ඉහළ යාමක් වාර්තා වුවද අද…

(0)Comments | April 16, 2025 4:44 pm

අවුරුදු සමයේ අධිවේගයේ ආදායම මිලියන 250 පසුකරයි

සිංහල හා හින්දු අලුත් අවුරුදු සමය හේතුවෙන් පසුගිය දින 06ක කාලය තුළ අධිවේගී මාර්ගය හරහා රුපියල් මිලියන 273ක ආදායමක් උපයාගෙන ඇත. අධිවේගී මාර්ග මෙහෙයුම් නඩත්තු හා කළමනාකරණ අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂක ජනරාල් ආර්. ඒ. ඩී. කහටපිටිය මහතා පැවසුවේ, එම කාල සීමාන තුළ වාහන හත්ලක්ෂ අසූහත්දහසක් පමණ අධිවේගී මාර්ගය භාවිතා කර ඇති බවයි. තව ද ඊයේ (15)…

(0)Comments | April 16, 2025 3:48 pm

අර්ථසාධක අරමුදලේ වටිනාකම රු. ට්‍රිලියන 4.3 පනී. 2024 දී EPF සාමාජිකයින්ට 11%ක පොලියක්

සේවක අර්ථසාධක අරමුදල 2024 වසර අවසානයේ දී විශ්‍රාම අරමුදල් අංශයේ සමස්ත වත්කම්වලින් 81.0%කට හිමිකම් කියමින් සේවක අර්ථසාධක අරමුදල තවදුරටත් එම අංශයෙහි ප්‍රධානත්වය දැරුවේය. සේවක අර්ථසාධක අරමුදලෙහි ශුද්ධ වටිනාකම 2023 වසර අවසානයේ දී වාර්තා කළ රුපියල් බිලියන 3,886.7ට සාපේක්ෂව 2024 වසර අවසානය වන විට රුපියල් බිලියන 4,375.7 දක්වා වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත 12.6%කින් සැලකිය යුතු ලෙස වැඩි…

(0)Comments | April 16, 2025 1:55 pm

ඇමරිකානු තීරුබදු ගැන හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්

අමෙරිකාව විසින් ශ්‍රී ලංකාවට පනවා ඇති තීරු බදු කිසියම් ප්‍රමාණයකින් ලිහිල් කර ගැනීමට හැකි වුව ද, 25%ක් 30%ක් වැනි මට්ටමක තීරු බදු ප්‍රමාණයක් ගෙවීමට සිදු වීම ද මෙරටට ගැටළුවක් බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ඔහු මේ බව පවසා සිටියේ ඇමරිකානු නව තීරුබදු පිළිබඳව විශේෂ ප්‍රකාශයක් ඉදිරිපත් කරමිණි. හිටපු ජනාධිපති වරයා විසින් පෙන්වා දෙන්නේ…

(0)Comments | April 16, 2025 12:14 pm

2025 මුල් මාස 03 සංචාරක ආදායම ඩොලර් බිලියනය පනී

2025 වසරේ මුල් මාස 03 සඳහා සමස්ත සංචාරක ඉපැයීම් ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් මිලියන 1,122.3ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. 2025 මාර්තු මාසයේ දී වාර්තා වී තිබෙන ඩොලර් මිලියන 354ක සංචාරක ඉපැයීම් ප්‍රමාණයත් සඟ මෙලෙස 2025 මුල් මාස තුනෙහි සංචාරක ඉපැයීම් ප්‍රමාණය ඩොලර් බිලියනය සීමාව ඉක්මවා ගොස් ඇත. මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කරන්නේ 2024…

(0)Comments | April 14, 2025 3:20 pm

විදෙස්ගත ශ්‍රමිකයෝ 2025 මාර්තු මාසයේ දී ඉතිහාසගත ඩොලර් ප්‍රමාණයක් මෙරටට එවති

ශ්‍රී ලංකා ඉතිහාසයේ මේ දක්වා විදෙස්ගත ශ්‍රමිකයින්ගෙන් දෙවැනියට ලද විශාලතම ප්‍රේෂණ ප්‍රමාණය පසුගිය 2025 මාර්තු මාසයේ දී වාර්තා වී තිබේ. මෙම ප්‍රේෂණ ප්‍රමාණයේ වටිනාකම එක්සත් ජනපද ඩොලර් මිලියන 693.3ක් වේ. මේ අනුව 2025 පළමු කාර්තුව තුළ දී ශ්‍රී ලංකාවට ලැබී ඇති සමස්ත විදෙස්ගත ශ්‍රමික ප්‍රේෂණ ප්‍රමාණය 1,814.4 ක් දක්වා ඉහළ ගොස් තිබේ. මෙය 2024 පළමු…

(0)Comments | April 13, 2025 2:35 pm

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදු කරන ලද පද්ධතිමය අවදානම් පිළිබඳ සමීක්ෂණයේ මූලික නිරීක්ෂණ

2025 වසරේ පළමු භාගය සඳහා සිදු කරන ලද පද්ධතිමය අවදානම් පිළිබඳ සමීක්ෂණයේ මූලික නිරීක්ෂණ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කර ඇත. පද්ධතිමය අවදානම් පිළිබඳ සමීක්ෂණය මගින් ශ්‍රී ලංකා මූල්‍ය පද්ධතියේ ස්ථායීතාව කෙරෙහි පවතින අවදානම් සහ විශ්වාසය පිළිබඳ වෙළඳපොළ සහභාගීවන්නන්ගේ අදහස් ප්‍රමාණනය සහ නිරීක්ෂණය කිරීම සිදු වේ. මෙම සමීක්ෂණයේ නියැදි රාමුව ශ්‍රී ලංකාවේ බලපත්‍රලාභී බැංකු,…

(0)Comments | April 11, 2025 5:16 pm