2024 සැප්තැම්බර් මාසයේ දී මෙරට පොල් නිෂ්පාදනය වාර්ෂික පදනම මත 17.8% කින් පහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. 2024 නොවැම්බර් මාසයේ කෘෂිකාර්මික දත්ත විවරණිකාව ප්‍රකාශයට පත් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුව මේ බව සඳහන් කරයි. එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වන්නේ 2023 ජනවාරි – සැප්තැම්බර් කාලපරිච්ඡේදය තුළ මෙරට පොල් නිෂ්පාදනය…
ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2024 වර්ෂයේ තෙවන කාර්තුව (ජූලි 01 සිට සැප්තැම්බර් 30 දක්වා) සඳහා නිෂ්පාදන ප්‍රවේශය යටතේ පවත්නා මිල ගණන් සහ ස්ථාවර මිල (2015) ගණන් යටතේ දළ දේශීය නිෂ්පාදිතය සහ අනෙකුත් සාර්ව ආර්ථික දර්ශක ඇස්තමේන්තු කර ප්‍රකාශයට පත් කොට ඇත. 2023 වර්ෂයේ තෙවන කාර්තුවේ ස්ථාවර මිල (2015) ගණන් යටතේ රුපියල් මිලියන 2,987,544 ක්…
පසුගිය දා එක්සත් ජනපදයේ වොෂින්ටන් නුවර දී පැවති ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා සඳහා සහභාගී වීම තුළින් ශ්‍රී ලංකාවට ලැබුණු ප්‍රතිලාභ කවරේ දැයි විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා අද (17) දින පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරන ලදී. ඊට ප්‍රතිචාර දක්වමින් මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය හර්ෂණ සූරියප්පෙරුම මහතා පැවසුවේ මෙම සාකච්ඡා සඳහා සහභාගී වීම…
2024 නොවැම්බර් මාසයේ ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශක මගින් නිෂ්පාදන හා සේවා ක්‍රියාකාරකම්වල වර්ධනයක් පෙන්නුම් කරයි නිෂ්පාදන අංශයේ ශ්‍රී ලංකා ගැනුම් කළමණාකරුවන්ගේ දර්ශකය 2024 නොවැම්බර් මාසයේදී 53.3 ක දර්ශක අගයක් වාර්තා කළේය. මෙමගින් පසුගිය මාසයට සාපේක්ෂව නිෂ්පාදන කටයුතුවල වර්ධනයක් පෙන්නුම් කරන අතර, ඒ සඳහා සියලුම උප දර්ශක ධනාත්මක දායකත්වයක් ලබා දුන්නේය. නොවැම්බර් මාසයේදී නව ඇණවුම් ඉහළ යෑම…
ශ්‍රී ලංකාවේ අයෝජන කෙරෙහි යොමු වීමට කැමැත්ත පළ කරයි ඉන්දියාවේ තෙදින නිල සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නවදිල්ලි නුවර දී ඊයේ (16) පස්වරුවේ ඉන්දීය මහා පරිමාණ ව්‍යාපාරික නියෝජිතයන් සමඟ සාකච්ඡාවකට එක් විය. ඉන්දියානු කර්මාන්ත සම්මේලනය විසින් සංවිධානය කරන ලද මෙම සාකච්ඡාවට ඉන්දියාවේ ප්‍රමුඛතම ව්‍යවසායකයන් සහභාගී විය. ශ්‍රී ලංකාවේ ආයෝජනවලට ඇති හිතකර පරිසරය පහදා…
ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වන ලෙස ඉන්දීය අග්‍රාමාත්‍යවරයාට ආරාධනා ඉන්දියාවේ තෙදින නිල සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අතර සාකච්ඡාව අග්‍රාමාත්‍ය නිල නිවස වන හයිද්‍රාබාද් මැදුරේදී ඊයේ (16) පස්වරුවේ පැවැත්විණි. ඉන් අනතුරුව ද්විත්ව බදුකරණය වැළැක්වීම සහ රාජ්‍ය නිලධාරීන්ගේ ශක්‍යතා වර්ධනය පිළිබඳ අවබෝධතා ගිවිසුම් ඉන්දු – ශ්‍රී ලංකා රාජ්‍ය…
කොළඹ කොටස් වෙළෙඳපොළ ඉතිහාසයට තවත් සුවිශේෂී දිනයක් සනිටුහන් කරමින් අද (16) දිනයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඉතිහාසයේ පළමු වරට ඒකක 14,500 සීමාව ඉක්මවා යනු ලැබීය. අද දිනය තුළ ඒකක 295.10 ක දැවැන්ත අගයයකින් සියලු කොටස් මිල දර්ශකය ඉහළ ගිය අතර දිනයේ ගනුදෙනු අවසානයේ දී එහි අගය ඒකක 14,500.44 ක් ලෙසින් වාර්තා විය. එය…
ශ්‍රී ලංකා මහ බැංකුව එහි ප්‍රධානතම පර්යේෂණ සමුළුව වන ජාත්‍යන්තර පර්යේෂණ සමුළුව දහතුන්වැනි වරටත් 2024 වසරේ දෙසැම්බර් මස 13 වැනි දින ශ්‍රී ලංකා මහ බැංකුවේ ජෝන් එක්ස්ටර් ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්විය. වර්තමානයේ පවතින විවිධ සාර්ව ආර්ථික ප්‍රතිපත්තිමය ගැටලු පිළිබඳ පර්යේෂණ සිදු කිරීම දිරි ගැන්වීම මෙම සමුළුවේ අරමුණ විය. විවිධ විෂය පරාසයන් නියෝජනය කරන පර්යේෂකයන්ගේ…
2024 ඔක්තොබර් මාසය අවසන් වන විට මෙරට සක්‍රීය ක්‍රෙඩිට් කාඩ්පත් ප්‍රමාණය 1,942,989 ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. 2024 සැප්තැම්බර් මාසය අවසානයේ දී ක්‍රෙඩිට් කාඩ්පත් 1,936,336 ක් මෙරට භාවිතයේ පැවත තිබෙන අතර ඒ අනුව 2024 ඔක්තෝබර් මාසය තුළ දී පමණක් සක්‍රීය ක්‍රෙඩිට් කාඩ්පත් ප්‍රමාණයට වඩා කාඩ්පත් 6,653 ක ඉහළ යාමකි. මෙම වසර ආරම්භ වන…
ජර්මනියේ Aida Cruises සමාගමට අයත් M.V. Aida stella අතිසුඛෝපභෝගී මගී නෞකාව පසුගිය 11 වනදා පළමු වරට කොළඹ වරාය වෙත සම්ප්‍රාප්ත විය. මගීන් 2,139 ක් සහ 640 ක කාර්ය මණ්ඩලයක් සමඟින් ශ්‍රී ලංකාවට පැමිණි මෙම මගී නෞකාව සඳහා මෙරට සියලු සත්කාරකත්වයන් සංවිධානය කර තිබුනේ එයිට්කන් ස්පෙන්ස් පීඑල්සී හි අනුබද්ධිත සමාගමක් වන එයිට්කන් ස්පෙන්ස් ෂිපිං ලිමිටඩ් විසිනි….
Video Story