ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය විසින් ප්‍රථම වරට සමුද්‍ර සහ අක්වෙරළ සේවා අංශයේ සියළුම පාර්ශවකරුවන්ගේ සහයෝගයෙන් ශ්‍රි ලාංකීය සමුද්‍ර සහ අක්වෙරළ සේවා අංශය ප්‍රවර්ධනය කරන Voyage Sri Lanka 2024 සමුළුව සදහා අදම ලියාපදිංචි වී ඔබේ ආසනය තහවුරු කර ගන්නා ලෙස සමුද්‍රීය අංශය සදහා උනන්දු වන සැමට ආරාධනා කර සිටී. මෙම සමළුව නොවැම්බර් 26 වන දින…
වාර්ෂිකව එළිදක්වනු ලබන Henley Passport Index දර්ශකයේ නවතම සංස්කරණය පසුගිය 2024 ඔක්තෝබර් මස අවසානයේ දී එළිදක්වනු ලැබීය. ලොව පුරා රටවල ගමන් බලපත්‍රවලට හිමි ශ්‍රේණිය මෙමගින් නිරූපණය වේ. පූර්ව වීසා අවශ්‍යතා නොමැතිව ප්‍රවේශ විය හැකි ගමනාන්ත සංඛ්‍යාව අනුව Henley Passport Index මඟින් ගෝලීය ගමන් බලපත්‍ර ශ්‍රේණිගත කිරීම සිදුකරනු ලබයි. ඊට අනුව මෙම දර්ශකයේ ඉහළම ස්ථානය අත්පත්…
කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් හා ආයතන වෙනුවෙන් හඳුන්වා දී ඇති අති නවීන පැකේජය ‘කොම්බෑන්ක් ඩිජිටල් ව්‍යාපාර විසඳුම්’ (ComBank Digital Enterprise Solutions) පැකේජය තුළට එක්වූ නවතම සේවාවක් ලෙස කොමර්ෂල් බැංකුව විසින් “Host-to-Host” (H2H) ගෙවීම් සේවා දියත් කරන බව නිවේදනය ඇත. H2H සේවාව ආයතනික ගනුදෙනුකරුවන්ගේ ව්‍යාපාර සම්පත් කළමණාකරණ (ERP) පද්ධති සමඟ සෘජුව ම සම්බන්ධ වන ස්වයංක්‍රීය…
පසුගිය ඔක්තෝබර් මාසයේ දී විදෙස් සංචාරකයින් 135,907ක් මෙරටට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ නවතම දත්ත වාර්තා පෙන්වා දේ. ඒ සමගම 2024 වසරේ ඔක්තෝම්බර් මාසය අවසන් වන විට මේ දක්වා මෙරටට පැමිණ ඇති විදෙස් සංචාරකයින් සංඛ්‍යාව ලක්ෂ 16 සීමාව ඉක්මවමින් 1,620,715 ක් දක්වා ඉහළ ගොස් තිබේ. මෙය 2023 වසරේ ඔක්තෝම්බර් මාසයේ මෙරටට පැමිණි…
අපනයන වටිනාකම් දාමයේ ඇති ගැටළු විසදීම සඳහා යාන්ත්‍රණයක් සංවර්ධනය කිරීමේ උපායමාර්ගික පියවරක් ලෙස අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) විසින් වෙළඳ පහසුකම් සැපයීමේ කාර්ය සාධක බලකායක් ස්ථාපිත කර ඇත. මෙහි පළමු රැස්වීම පසුගියදා (ඔක්තෝබර් 29 දින) අපනයන සංවර්ධන මණ්ඩලයේදී පැවැත්විණ. මෙම අවස්ථාව සදහා අපනයන සංවර්ධන මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් චම්පිකා ඩී. ධර්මසේන මහත්මිය , අතිරේක අධ්‍යක්ෂ ජනරාල් (සංවර්ධන)…
විදුලිසංදේශ කර්මාන්තයේ ප්‍රවීණයකු වන ආචාර්ය මොතිලාල් ද සිල්වා මහතා ශ්‍රී ලංකා ටෙලිකොම් පීඑල්සී හි නව සභාපතිවරයා වශයෙන් පත් කර තිබේ. විදුලිසංදේශ ක්ෂේත්‍රයේ වසර ගණනාවක හසළ අත්දැකීම් ඇති ප්‍රවීණයෙකු වන ඒ මහතා ශ්‍රී ලංකාවේ සහ විදෙස් රටවල් කිහිපයකම විදුලිසංදේශ සමාගම් හි ඉහළ තනතුරු දරා ඇත්තෙකි. ෆිජී රජයට අයත් විදුලිසංදේශ සමාගම වන අඛණ්ඩව වසර 5කට වැඩි කාලයක්…
කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකයන් හි කැපීපෙනෙන වර්ධනයක් අද දිනයේ දීද දැකගත හැකි විය. එහිදී සියලු කොටස් මිල දර්ශකය ඒකක 93.07 කින් ඉහළ ගොස් ඒකක 12,863.65 ක් ලෙසත් S&P SL20 දර්ශකය ඒකක 15.01 කින් ඉහළ ගොස් ඒකක 3,879.33 ක් ලෙසත් දිනය අවසානයේ දී සටහන්ව තිබුණි. මෙල්ස්ටාකෝප්, HNB, රිචඩ් පීරිස් ඇන්ඩ් කම්පැනි සහ LOLC හෝල්ඩිංග්ස් යන…
ඩයලොග් ආසිආටා හි මව් සමාගම වන ආසිආටා ගෲප් බර්හාඩ් හි සමූහ විධායක අධ්‍යක්ෂ සහ එහි විදුලි සංදේශ ව්‍යාපාර සම්බන්ධ ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය හාන්ස් විජයසූරිය මහතා, ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ජනාධිපති ප්‍රධාන උපදේශක තනතුරට පත්කර තිබේ. මේ සඳහා වන පත්වීම් ලිපිය ජනාධිපති අනුර දිසානායක මහතා විසින් අද (01) දින ආචාර්ය හාන්ස් විජයසූරිය මහතා වෙත පිරිනමන ලදී….
2024 වර්ෂයේ මුල් මාස 06 තුළ රාජ්‍ය ව්‍යවසායයන් 52 ක කාර්ය සාධනය පිළිබඳ වාර්තාවක් ප්‍රකාශයට පත් වී තිබේ. මුදල් අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද 2024 වසර මැද රාජ්‍ය මූල්‍ය තත්ත්වය පිළිබඳ වාර්තාවෙහි මෙය අන්තර්ගතව ඇත. එහි සඳහන් වන පරිදි රජය සතු ව්‍යවසායයන් 52 ක් විසින් 2024 මුල් මාස 06 තුළ වාර්තා කර ඇති සමස්ත ලාභය…
මෙම වසරේ ජනවාරි 01 සිට ජූනි 30 දක්වා කාලපරිච්ඡේදය තුළ දී ශ්‍රී ලංකාව ඩොලර් මිලියන 503.0 ක විදෙස් ණය සේවා ගෙවීම් සිදුකර ඇති බව වාර්තා වේ. එහිදී ඩොලර් මිලියන 275.1ක් මූලික ණය ආපසු ගෙවීම් හා ඩොලර් මිලියන 227.9 ක් පොලී ගෙවීම් ලෙසත් සටහන්ව ඇත. 2024 ජුනි මස අවසන් වන විට රජයේ විදේශ ණය ප්‍රමාණය ඩොලර්…
Video Story