Top News

ප්‍රතිපත්ති පොලී අනුපාතික දැනට පවතින මට්ටමේ පවත්වාගෙන යෑමට තීරණයක්

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය 2024 සැප්තැම්බර් මස 26 වැනි දින පැවති රැස්වීමේ දී මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR), පිළිවෙළින්, සියයට 8.25 සහ සියයට 9.25 ලෙස දැනට පවතින මට්ටමේ පවත්වාගෙන යෑමට තීරණය කළේය. ආර්ථිකයට එහි උපරිම ධාරිතා මට්ටම කරා ළඟා වීමට සහාය වෙමින්, මැදි කාලීනව,…

(0)Comments | September 27, 2024 8:46 am

අද කොටස් වෙළෙඳපොළ පිරිවැටුම රු. බිලියන 4 පනී

මෙම සතියේ අඛණ්ඩව සිව්වන දිනයටත් කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල ඉහළ යාමක් අද (26) දින වාර්තා විය. එහිදී සියලු කොටස් මිල දර්ශකය ඒකක 12.16කින් ඉහළ ගොස් ඒකක 11,671.87ක් ලෙසින් සටහන් වූ අතර S&P SL20 මිල දර්ශකය ඒකක 16.84කින් ඉහළ ගොස් ඒකක 3,384.29ක් ලෙසින් සටහන් විය. අද දින රු. බිලියන 4.3 ක ගනුදෙනු පිරිවැටුමක් වාර්තා වීම විශේෂත්වයකි. එහිදී…

(0)Comments | September 26, 2024 4:56 pm

Jetwing පානදුරේ Jie Jie Beach Hotelට සමුදෙයි

මෙරට ප්‍රමුඛතම හෝටල් සමූහයක් වන Jetwing Hotels Limited, 2024 සැප්තැම්බර් 19 දින සිට බලපැවැත්වෙන පරිදි තවදුරටත් පානදුරේ පිහිටි Jie Jie Beach Hotel හි කළමනාකාර නියෝජිතයා වශයෙන් කටයුතු නොකරන බව දැනුම් දී සිටී. පසුගිය දා නිවේදනයක් නිකුත් කරමින් Jetwing Hotels Limited මේ බව අනාවරණය කළ අතර Jie Jie Beach Hotel හි හිමිකාර සමාගම වන Jie Zhong…

(0)Comments | September 26, 2024 3:45 pm

ශ්‍රීලංකන් ගුවන් සේවය SATA 2024 හිදී දකුණු ආසියාවේ ප්‍රමුඛතම ජාත්‍යන්තර ගුවන් සේවය ලෙස ඇගයීමට ලක්වෙයි

නේපාලයේ කත්මණ්ඩු නුවර දී 2024 සැප්තැම්බර් 20 දින පැවැත්වුණු South Asian Travel Awards (SATA) හිදී දකුණු ආසියාවේ ප්‍රමුඛතම ජාත්‍යන්තර ගුවන් සේවය ලෙස ඇගයීමට ලක්වීමට ශ්‍රීලංකන් ගුවන් සේවය සමත් විය. කලාපයේ සංචාරක සේවා කර්මාන්තයේ වඩාත්ම ගෞරවණීය සම්මාන උළෙල ලෙස සැලකෙන SATA සම්මාන උළෙල වාර්ෂිකව සංවිධානය කෙරෙන අතර, එහිදී අදාළ ක්ෂේත්‍රවල වෘත්තිකයන්ගේ සහ පාරිභෝගිකයන්ගේ ඡන්ද අනුව දකුණු…

(0)Comments | September 26, 2024 2:02 pm

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව අද (26) දින නිකුත් කරන ලද විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.80 ක් සහ විකුණුම් මිල රු. 304.91 ක් ලෙසින් වාර්තා වී තිබේ. මේ අතර ඩොලරයේ මධ්‍ය අගය අද දින වාර්තා වන්නේ රු. 301.75 ක් ලෙසිනි. මෙම අගය පසුගිය සැප්තැම්බ් 23 දින වන විට රු. 304.88…

(0)Comments | September 26, 2024 12:31 pm

ජාතිය ගොඩනැගීම සඳහා සහාය ලබාදෙන බව සහතික කරමින් ශ්‍රී ලංකා බැංකු සංගමයෙන් නව ජනපතිට සුබපැතුම්

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හට ඉදිරි අභියෝගාත්මක ගමන සඳහා බැංකු ක්ෂේත්‍රයේ උපරිම සහයෝගය ලබාදෙන බව සහතික කරමින් ශ්‍රී ලංකා බැංකු සංගමය (SLBA) විසින් එතුමාට සුභාශිංසන ප්‍රකාශ කර ඇත. ශ්‍රී ලංකාවේ සියලුම බලපත්‍රලාභී බැංකු නියෝජනය කරන මෙම සංගමය විසින් ජනාධිපතිවරයා වෙත යවන ලද සුබපැතුම් පණිවිඩයේ “අත්‍යවශ්‍ය දේශපාලන හා සමාජ ස්ථාවරත්වය සඳහා ආර්ථිකය සැමවිටම ආධාරකයක් වන…

(0)Comments | September 26, 2024 10:57 am

නව ජනපතිට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් සුබ පැතුම්

ශ්‍රී ලංකාවේ නව ජනාධිපති ධුරයට පත් වූ අනුර කුමාර දිසානායක මහතාට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමණාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලීනා ජෝර්ජියේවා මහත්මිය සුබ පැතුම් පිරිනැමීය. ජනාධිපතිතුමා වෙත විශේෂ සුබපැතුම් පණිවිඩයක් යොමු කරමින් ක්‍රිස්ටලීනා ජෝර්ජියේවා මහත්මිය සඳහන් කර ඇත්තේ ශ්‍රී ලංකාවේ හවුල්කරුවෙකු ලෙස අඛණ්ඩව කැපවි කටයතු කරන බවත්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ශ්‍රී ලංකාව අතර පවතින අන්‍යෝන්‍ය වශයෙන් වාසිදායක…

(0)Comments | September 25, 2024 6:33 pm

කොටස් වෙළෙඳපොළේ සුවිශාල වර්ධනයක්. සියලු කොටස් ඒකක 325කින් ඉහළට. දෛනික පිරිවැටුම රු. බිලියන 4ට ආසන්න වෙයි

බැංකු සමාගම්වල කොටස් මිල ගණන් වාර්තාගත ලෙස ඉහළට 2024 ජනාධිපතිවරණයෙන් පසු අඛණ්ඩව තෙවන දිනයටත් කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල කැපීපෙනෙන ඉහළ යාමක් අද (25) දින වාර්තා විය. එහිදී සියලු කොටස් මිල දර්ශකය ඒකක 325.59 ක හෙවත් 2.87%ක දැවැන්ත ඉහළ යාමක් අද දිනය තුළ වාර්තා කරන ලදී. මීට අමතරව S&P SL20 දර්ශකය ඒකක 148.54 කින් අද…

(0)Comments | September 25, 2024 3:10 pm

සංචාරක පැමිණීම මන්දගාමී වෙයි

2024 සැප්තැම්බර් මාසයේ පළමු දින 23 පිළිබඳව සලකා බැලීමේ දී සංචාරක පැමිණීමෙහි යම්කිසි ආකාරයක පහළ යාමක් නිරීක්ෂණය වේ. මෙම වකවානුව තුළ දී ශ්‍රී ලංකාවට පැමිණ ඇති මුළු සංචාරකයින් ප්‍රමාණය 92,639ක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය නිකුත් කළ නවතම වාර්තාවක් සඳහන් කරයි. ඒ අනුව 2024 වසරේ මේ දක්වා කාලසීමාව තුළ මෙරටට පැමිණ ඇති සමස්ත සංචාරකයින්…

(0)Comments | September 25, 2024 1:45 pm

මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස මහින්ද සිරිවර්ධන වැඩ භාර ගනී

මුදල්, ආර්ථික සංවර්ධන, ප්‍රතිපත්ති සම්පාදන, සැලසුම් සහ සංචාරක අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස පත් වූ කේ. එම්. මහින්ද සිරිවර්ධන මහතා අද (25) සිය ධුරයේ යළි වැඩ භාර ගත්තේ ය. භාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම්වරු සහ මුදල් අමාත්‍යාංශය යටතේ වන දෙපාර්තමේන්තුවල ප්‍රධානීහු ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීහු මෙම අවස්ථාවට එක්ව සිටියහ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ ණය පහසුකම ලබා ගැනීම සහ මෙරට…

(0)Comments | September 25, 2024 11:07 am